ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, November 8, 2010

දුරකතනයකින් මම ඔබ අමතමි.....



ට්‍රිං...... ට්‍රිං......
හෙලෝ...”
මගේ වයිෆ් එහෙම ඔය පැත්තේ ඉන්නවද..?”
ඉන්නවා.. ඇයි මොකටද..?”
නෑ... මේ... නිකං.....  ඉන්නවද කියලා බලන්ඩයි ගත්තේ.. මොනවද කරන්නේ....”
ඔයත් එක්ක කතා කරනවා...”
මොකෝ.. වැඩ නැද්ද.?
වැඩ තමයි.. අද ටිකක් බිසී
එහෙනං මං තියන්නං
එපා.. එපා... කතා කරමු…..         බබී...”
මොකෝ.....?”
ඔයා එන්නේ නැද්ද අනේ...?”
එනවා...”
කවද්ද..?”
ලබන අවුරුද්දේ ජූලි වල
අයියෝ.... එහෙනං දෙසැම්බර් වල එනවා කිව්වේ. ජූලි වෙනකල් ඉන්ඩ බැහැ. දෙසැම්බර් වල ඇනවසරි එකනේ...”
එන්ඩ තමයි හිතං හිටියේ. ඒත් දැන් එන එක පොඩ්ඩක් අමාරුයි වගේ..”
ඒ මොකෝ....?”
අතේ සල්ලි නැහැනේ...”
අනේ... ඒ වුණාට කමක් නැහැ... එන්ඩකො‍... නිවාඩු හම්බ වෙනවද..?”
නිවාඩුව නං ඇප්රූ වෙලා ඉවරයි...”
අනේ එහෙනං එන්ඩකෝ....”
එනවනං ටිකට් එකට විතරයි සල්ලි තියෙන්නේ.... ඒ ආවත් සුමාන දෙකෙන් යන්ඩ වෙනවා... ලංකාවේ ඉන්නවා නං සල්ලි තියෙනඩ ඕනනේ....”
අනේ.. ඒ වුණාට කමක් නැහැ... එන්ඩකෝ... සල්ලි මං බලා ගන්නං.....”
ඔයා කොහොමද බලාගන්නේ..?”
මං මොනව හරි කරන්නං.. අනේ බබී.. එනන්කෝ... මං හැමෝටම කිව්වා ඔයා එනවා කියලා... ඔක්කොමලා බලං ඉන්නේ ඔයා එනකල්....”
ඒත් මං ආවත් මට මුකුත් ගෙන්ඩවත් හම්බවෙන්නේ නැහැනේ....”
කමක් නැහැ බබී... ඔයා එන්ඩ...”
මං ගියා අළුත්ම එල්..ඩී  ටීවී එකක් බලන්ඩ. රුපියල් 130,000 ක් වෙනවා.”
මට ටීවී ඕනෙ නැහැ... ඔයා එන්ඩ..”
හොඳ ලැප්ටොප් එකක් තියෙනවා. ලක්ෂෙකට ගත්තහැකි.”
ඒක පස්සේ ගන්ඩ... ඔයා දෙසැම්බර් එන්ඩ...”
බලමු... මං කැනන් කැමරාවක් බැළුවා. ප්‍රොෆෙෂනල් එකක්. ගාන ටිකක් සැරයි. ලක්ෂ දෙකක් වෙද්දි ගන්ඩ පුළුවන්....”
කැමරාව පස්සේ ගන්ඩ පුළුවන්.... ඔයා එන්ඩ...”
බලමු... අතේ සල්ලි තිබුණොත් එහෙම එන්නම්... ඒත් ෂුවර් කරන්ඩ බැහැ.... කොහොමත් ජූලි වල නම් අනිවාර්යයෙන්ම එනවා....”
බලමු නෙමේ අනේ... මගෙ යාළුවෝ ඔක්කොමලා ඔයා එනකල් ඉන්නේ.. __ගේ හස්බන්ඩ් නොවැම්බර් එන්ඩ හිටියේ. ඔයා දෙසැම්බර් එනවා කියපු හින්දා එයත් දෙසැම්බර් වලට දාගෙන... ඔයාව අඳුනාගන්ඩ ඕනා කියලා. ඔක්කොමලා ඔයාවත් එක්කන් ට්‍රිප් එකක් යන්ඩ හිතන් ඉන්නේ. අනේ එන්ඩකෝ... මට ජූලි වෙනකල් බලන් ඉන්ඩ බැහැ...”
බලමු...”
අම්මයි තාත්තයිත් අහනවා ඔයා එනවා කිව්වේ නැද්ද කියලා...”
ඒ මොනවටද..?”
අපි බැඳලා අවුරුද්දක්‍ වෙන්ඩත් ආවා... ඒ ගොල්ලෝ අහනවා ඔයා එන්නේ නැද්ද කියලා.... ”
ඉතිං.. ඒ ‍ගොල්ලෝ විතරද..?”
යාළුවෝ නෑදෑයෝ ඔක්කොම අහනවා ඔයා කෝ කියලා.... හැමෝම ඔයා එනකල් බලන් ඉන්නේ
එයාලා මොකටද මාව අහන්නේ..?”
මං දන්නේ නැහැ... ඔයා එන්ඩකෝ....”
ඇත්තටම ඔය ඔක්කොමලා මාව අහනවද..?”
මන් දන්නෑ... ඔයා එන්ඩ...”
බලමුකෝ.....”
බලමු නෙමේ අනේ... මමත් තනියමනේ.....”
ඉතිං.....”
එහෙම නෙමෙයි අනේ එයාලා කියනවා එයාලා දැන් තවත් වයසට යනවළු......”
ඉතිං....”
මන් දන්නෑ... ඔයා එන්නකෝ... අපි මෙහෙන් ජොබ් එකක් හොයාගමු....”
ඒ පඩියෙන් දැන් කරන හැම දේම කරගත්තහැකිද....?”
මන් දන්නෙ නැහැ.... පුළුවන් වෙයි....”
ෆෝන් එකේ සල්ලි ඉවර වෙන්ඩයි යන්නේ මං තියන්නං....”
හා එහෙනං.... බබීට ගොඩාක්... ගොඩාක්..... ගොඩාක්..... ආදරෙයි..... උම්ම්ම්ම්ම්මා......”
මාත් ගොඩාක් ආදරෙයි... උම්ම්මා....”
අපෝ මදි... දිග එකක්.....”
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා...............”
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා...............”
ගෝඩ් බ්ලෙස් බබී....”
ගෝඩ් බ්ලෙස්...”


ප/ලි:
JQYKLW

9 comments:

  1. අනේ හරිම sweet දෙබසක් නෙ.. ඒකනේ..! ඔයා ලංකාවට එන්න jeew අයියා.. අක්කා ඔච්චර කියන එකෙ.. පව් නේ එයා.. ඇයි ඔයා..? දෙන්නම පව්නේ...

    ReplyDelete
  2. අනේ ඇත්තමයි මුගෙත් ගනන්.... ටිකට් එකට සල්ලි තියෙනම් ඒ දැරිවි ඉතිරි ටික බලා ගන්නම් කිව්වනම්... පලකො... හි හි.

    මම දන්නවා... උබ යනවා.

    ඇයි බන්.. උබට බැරිද එයාවත් ඔහෙට ගන්න ?? බැරිනම් උබ ලංකාවෙ රස්සවක් කරපන්.. ඔහොම දෙතැන ඉන්න එපා බන්

    ReplyDelete
  3. දෙන්නා දෙපැත්තේ
    පෙම් බස් මැද්දේ
    ගණන් ද ඉස්සේ
    ඔහොමයි ඉතින් ආලේ...............

    ReplyDelete
  4. කාලෙකට පස්සේ නිර්ව්‍යාජ ආදරණීය දෙබසක් ඇහුවමයි....
    හ්ම්....දෙන්න එකතැනකට ආවනම් අර මාරයියා කිව්වා වගේ...එතකොට තව තව අපිට ආදරණිය දෙබස් අහන්න පුළුහන්වෙයි.ඇයි තව ටික දවදකින් දරු නැළවිලිත් අහන්න ලැබෙයි නෙවැ....හික්ස්

    ReplyDelete
  5. @ ප්‍රාර්ථනා,
    ඔය දෙබස ටිකක් සංස්කරණය කරලා තියෙන්නේ. කතා කරනවට වැඩිය විහිළු කරන එක තමයි කරන්නේ.. (මට තදවෙලා හිටියොත් ඇරෙන්ඩ)

    @ පිස්සා,
    උඹට ප.ලි/ තේරෙනවද..?

    @ හසිත,
    මල්ලිත් කවිකාරයෙන් වගේ.... චුට්ටක් ගණන් දැම්මම තමයි හොඳ ආදරණිය දෙබස් අහගන්ඩ පුළුවන්‍ වෙන්නේ...

    @ හසියා,
    මල්ලිලා කට්ටියට තෑගි බෝග එහෙම ලැහැස්ති කරගන්ඩ වෙයි ලබන අවුරුද් අන්තිම වෙද්දි.... මං ගෙදරට එන පාර එහෙම ඇඳලා දෙන්නංකෝ....

    @ බ්ලොග් ගඩොල්,
    මමත් එහෙමයි බන්....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. හරි සරළයි. හිතට දැනෙනවා. ප්‍රබන්දයක්ද ? ඇත්තක්ද ? ඇත්තක්නම් ඔබ හුඟක් වාසනාවන්තයි.

    මුලින් දැමූ කොමෙන්ටුව වෙනත් ලිපියකට දැමූ එකකි.

    ReplyDelete
  8. කොහොමත් සහෝදරයා ලග ඉන්නවට වඩා දුර ඉදිද්දී පාළුව දැනෙනවා වැඩියි. හැමදාම දකිනවා වගේ නෙමෙයි.

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails