හුදකලාවට පෙම් බඳින සඳ
ඔබ ඇවිත් මගෙ සිතට පෙම් බැඳ
මෙතෙක් විඳි දුක් කඳුළු සිඳ බිද
පහන් කෙරුවා දිවිය ම'නිබඳ
වේදනා දැන් නොවේ මා හට
නුඹ හිඳියි මා ලඟින් තනියට
සෙනෙහෙ වන්නෙමි නුඹට සදහට
හැර නොයනු මා ඉතින් මතුවට
පොපියනා මෘදු දෙතොල් රන්ඳා
මගේ දෙතොලට සුවය කැන්දා
අවදි කළ රස හැඟුම් හින්දා
මා වෙලා හුන් දැහැන් බින්ඳා
තුරුළු වී මා ගතට නිරතුරු
පතන උණුසුම සරාගික යුරු
නිමා නොමවේ සදා පිවිතුරු
නුඹේ ප්‍රේමය ම’දිවි ඇති තුරු
ලයට ළංවී හදට කෙඳිරී
පවසනා පෙම් වදන් ඉතිරී
සුව කරයි සිත තැවුල් ඇවිරී
නුඹයි සදහට මගේ සොඳුරී
ලස්සන සංකල්පනාවක් සහෝ... ඇත්තටම ආදරය කියන්නේ පුදුම හැගීමක්. ඒක ඇතුවත් බෑ නැතුවත් බෑ. Jeew ට කවි ලියන්න පුලුවන් කියලා අදයි මන් දැන ගත්තේ..
ReplyDelete@ මධුරංග,
ReplyDeleteස්තූතියි සහෝ... වත් ට තරං නම් බැහැ. ඒත් පාළුවේ කාන්සියේ ඉන්න වෙලාවට මොන මොනව හරි කුරුටු ගෑවෙනවා...
ආදරය කියන්නේ ඇත්තටම ලොකු බලයක්...
මම Jeew සහෝදරයගේ කතා විතරයි මුලින්ම බැලුවේ ! කවිත් එලනේ ..ලිපං කොල්ලෝ දිගටම ,
ReplyDeleteඅවංකවම කීවොත් මේ කවිය ලස්සනයි, සුපිරි ,බොක්කටම වදින්න ලියලා තියනවා !
එල එල
ජයවේවා !!
හරි ලස්සනයි කවි පෙළ...ආදරේ ගැන හැඟුම්බර වෙන්නෙ මේව දැක්කම තමයි..නියමයි යාළුවා...
ReplyDelete@ හිස් අහස,
ReplyDeleteස්තූතියි මචෝ... වැඩිය කවි අදහස් නං එන්නේ නැහැ. ඒත් එන එව්වා ලියන්නං..
@ හැඟුම් බරත් බරක් ද කිව්වළු.... ඔන්න අපිත් ඒ පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා ආවා..
කතා සමඟ අතුරුපසට කවි
ReplyDeleteකවියෙක් වෙලා වගේ....
ReplyDelete