ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, November 21, 2011

සිප ගන්නට සුමුදු දෙතොල්



සිප ගන්නට සුමුදු දෙතොල් ඔබටත් රහසින්
වඩින්න සුර කුමාරියේ සිහිනයක් ලෙසින්


කතා කළත් දහසක් දේ හදටම කොඳුරා
සිනා සුනත් දෙනුවන් තුළ මුළු ලොව රඳවා
ලබා ගන්න නැහැ මට ඉඩ මගෙ සිත හඬවා
ආදරියේ ඔබෙ හද වෙන අයෙකුට පුදලා


ජීවිතයම ඔබ ලඟ යැයි බොළඳව සිතමින්
සැනසෙන්නම් ඔබෙ වත නිති සිහියට නඟමින්
හැබැහින් ඔබ කවදාවත් හිමි නොම වේ නම්
පාළු රැයක සිහිනයකින් මගෙ සිත සනසන්


ප.ළි. / බලන අය වරදවා වටහා ගන්ඩ එපා. මේක දැන් කතාවක් නෙමෙයි. කටාර් ජීවිතයේදී හමුවුණු කෙනෙකුට මීට අවුරුදු කිහිපයකට කලින් ලියපු සින්දුවක් වගේ එකක්. තාම කවුරුත් තනුවක් දාලා ගායනා කරල නම් නැහැ. කාන්තාරෙට ටික කාලෙකට සමු දෙන්ඩ කියලා තියෙන සකල සබ්බමනාව පැක් කරන වෙලේ කොල ගොඩක් අස්සේ තිබිලා හම්බවුණේ. ආයෙ ඉතින් මෙහෙම දෙයක් කාට කියලා ලියන්ඩද... ඒ හින්දා ඔහේ දාලා දැම්මා. මේ එක්කම තව කවියකුත් තියෙනවා. ඒක පස්සේ.......
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails