ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Thursday, September 8, 2011

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක්......

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් ලබලා... මගේ ආදරණීය බිරිඳ තවත් උපන් දිනයක් සමරණවා.... මාව මුණ ගැහුණට පස්සේ සමරණ 3 වෙනි උපන් දිනය... අම්මලා ගෙදර හොරෙන්ම පාටි එකක් ලෑස්ති කරල ලු.... ඔන්න මටත් දෝස්මුරේ.. දැනගෙන කිව්වේ නැහැ කියලා....
මොනව කරන්නද.. මට ඔයාගේ එක උපන් දිනයකටවත් ලඟින් ඉන්න ලැබුණේ නැහැනේ..... එත් මම මෙදා පාර මම එන්නේ ඔයා ලඟට වෙලා ඉන්න කියලා දන්නවනේ... අනිවාර්යයෙන්ම ඔයාගේ ඊලඟ උපන් දිනේ සමරන්ඩ මම ඔයා ලඟින්ම ඉන්නවා....

සියක් ආයු ලැබ .... මගෙත් ආයු ගෙන....
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා......

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක් වේවා....


ප.ලි.: කවුරුත් අහන්ඩ එපා වයස කීයද කියලා....
ප.ප.ලි.: තෑගි එන්නේ තම මාසෙකින්.....
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails