ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Thursday, September 8, 2011

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක්......

අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් ලබලා... මගේ ආදරණීය බිරිඳ තවත් උපන් දිනයක් සමරණවා.... මාව මුණ ගැහුණට පස්සේ සමරණ 3 වෙනි උපන් දිනය... අම්මලා ගෙදර හොරෙන්ම පාටි එකක් ලෑස්ති කරල ලු.... ඔන්න මටත් දෝස්මුරේ.. දැනගෙන කිව්වේ නැහැ කියලා....
මොනව කරන්නද.. මට ඔයාගේ එක උපන් දිනයකටවත් ලඟින් ඉන්න ලැබුණේ නැහැනේ..... එත් මම මෙදා පාර මම එන්නේ ඔයා ලඟට වෙලා ඉන්න කියලා දන්නවනේ... අනිවාර්යයෙන්ම ඔයාගේ ඊලඟ උපන් දිනේ සමරන්ඩ මම ඔයා ලඟින්ම ඉන්නවා....

සියක් ආයු ලැබ .... මගෙත් ආයු ගෙන....
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා......

මගේම ආදරණීය සුදූට සුභම සුභ උපන් දිනයක් වේවා....


ප.ලි.: කවුරුත් අහන්ඩ එපා වයස කීයද කියලා....
ප.ප.ලි.: තෑගි එන්නේ තම මාසෙකින්.....

9 comments:

  1. සුබ උපන්දිනයක් අක්කාට... :)

    ReplyDelete
  2. හපොයි බං කාලේ යන ඉක්මන..ගිය වංගියෙත් උඹ මොකක්ද මංදා කාඩ් එකක් එහෙම හදාගෙන පිස්සුවක් නැටුවා නේද..? සොරි වෙයං මේක දැක්කෙත් පහුවෙලානේ..

    කොහොම උනත් උඹේ ආදරණීය බිරින්දෑවට මගෙනුත් උපන්දින සුභ පැතුම්..!
    (උඹ ගෙදර එන්න කිට්ටුවෙනකොට බටර් ගෝනි ගනන් ගාලා ෂේප් කරගන්නවා නේද..?)

    ReplyDelete
  3. ජීව් අයියගෙ සුදූට අපෙනුත් උපන්දින සුභපැතුම්

    ReplyDelete
  4. ජීව් අයියගේ නොනා මහත්තයාට මගෙනුත් සුබ පැතුම් !!
    අම්මෝ අයියව බ්ලොග් එකේ දැක්ක කල් !!!

    ReplyDelete
  5. මගෙත් උණුසුම් සුභපැතුම් අයියා. මොකද්ද මේ මාසෙකින් තෑගි එන කතාව?

    ReplyDelete
  6. ජීව්ගෙ සුදූට සුභ උපන්දිනයක් වේවා!!
    මම ජීව්ගෙ බ්ලොග් එකට කැමති අංක එකේ හේතුව හේතුව ජීව් බිරිඳට දක්වන අසීමිත සෙනෙහසයි.
    henryblogwalker aka Dude

    ReplyDelete
  7. පිස්සගෙනුත් සුබ පැතුම්....

    ඈ බන් අයියේ... මොකක්ද අර මාසෙකින් කිව්වෙ ?

    ReplyDelete
  8. පොඩ්ඩක් ප්‍රමාද උනා තමයි මේ පැත්තට එන්න. . . . ඒකට සමාවෙයං. . . . . ඊට පස්සෙ හාමිනේට කියපං මම සුභ පැතුව කියල සුභම සුභ උපන්දිනයකට

    ReplyDelete
  9. පරක්කු වුනා බං මටත්...... :-(
    දැන් නම් චොකලට් ලබිලත් ඇති..... නේද.....?

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails