ලියන්ඩ නම් ගොඩක් දේවල් හිතේ තියෙනවා. ඒත් ඒ දේවල් හරියකට ගලපගන්ඩ තරම් හිත නිරවුල් නැහැ. වැඩ රාජකාරී අතරේ අමතර සමාජ සේවා වැඩ, පල්ලියේ වැඩ, වගේ දෙවල් හින්දා හැම වෙලාවෙම නොසන්සුන්වයි ඉන්ඩ වෙලා තියෙන්නේ.
ඒ අතරේ පහුගිය සුමානේ පල්ලියේ දේශනාවට අහපු කතාවක් මගේ හිතට වැදුනා. කතාව නම් කෙටියි. ඒත් බොහොම ගැඹුරු අදහසක් තියෙන්නේ. මෙන්න මේකයි කතාව.
එක දවසක් තාත්තා කෙනෙකුයි දුවෙකුයි වාහනයකින් ගමනක් යමින් හිටියා. දුව තමයි වාහනය පැදෙව්වේ. තාත්තා අනෙක් පැත්තෙන් ඉඳගෙන දුවත් එක්ක කතා බහ කරමින් ගමන් කළා. ඔවුන් මෙහෙම යමින් ඉන්නකොට හිටි හැටියේම වැස්සක් ඇද හැලෙන්ඩ පටන් ගත්තා. තරමක් ඈතට පාර පේනවා. ඒත් දුවට වාහනය පදවන්න බයක් වගේ දැණුනා. දුව තාත්තට කතා කරලා ඇහුවා “තාත්තේ වැස්ස පායනකල් අපි වාහනය නතර කරමුද?” කියලා. තාත්තා කිව්වා “ඕනේ නැහැ. ඉස්සරහටම යං” කියලා.
මෙහෙම තව ටිකක් යද්දි මේ වැස්ස මහා කුණාටුවක් බවට හැරුණා. දැන් වාහනය පදවන්න තවත් අමාරුයි. පාර වැඩිය දුරකට පේන්නේ නැහැ. සමහර වාහන නතර කරලා. දුව ආයෙමත් තාත්තාගෙන් ඇහුවා “තාත්තේ පාර පේනවා අඩුයි. අපි වාහනය නතර කරමුද..?” කියලා. ඒත් තාත්තාගේ පිළිතුර වුණේ “නවත්තන්න එපා. ඉස්සරහටම යන්න” කියලයි. දැන් මේ මහා කුණාටුව හොඳටම වැඩියි. වාහනේ තියෙන මායිමෙන් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ. අනිත් වාහන ඔක්කොම නතර කරලා. දැන් දුවට වාහනය පදවන එක හොඳටම අමාරුයි.
දුව ආයෙම සැරයක් තාත්තාගෙන් ඇහුවා “තාත්තේ මට පාර කොහොමටවත් පෙන්නේ නැහැ. අනේ අපි කුණාටුව අඩු වෙනකල් වාහනය නතර කරලා ඉමු” කියලා. ඒත් තාත්තාගේ පිළිතුරේ කිසිම වෙනසක් වුණේ නැහැ. එකම පිළිතුර “නවත්තන්න එපා. ඔය විදිහටම පදවන් යමු” කියන එකයි. තාත්තාගේ කීමට පිටින් යන්න බැරි හින්දා දුව අමාරුවෙන් වාහනය පදවන් ඉදිරියටම ගියා. මෙහෙම සෑහෙන දුරක් ගියහම ඔවුන්ට පුළුවන් වුණා. කුණාටුව තිබුණු ප්‍රදේශය පහු කරන්ඩ. මෙන්න එතකොට තාත්තා කියනවා “දුවේ... දැන් වාහනය නතර කරන්න...” කියලා.
දුව පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. අර වගේ අමාරු කුණාටුව මැද්දේ වාහනය නතර කරන්න එපා කියපු තාත්තා කුණාටුව පහු වුණාට පස්සේ වාහනය නතර කරන්න කියපු එක ඇයට ඇත්තටම ප්‍රශ්නයක් වුණා. “තාත්තේ..... දැන් කුණාටුව ඉවරයි. මට දැන් වාහනේ පදවන්න අමාරු නැහැ. අපි නතර කරන්න ඕනේ නැහැ. අපි යමු...” කියලා. ඒත් තාත්තා කිව්වා “නැහැ දුව .. දැන් වාහනය නතර කරන්න. නතර කරලා එළියට බහින්න” කියලා.
දුව තාත්තට කීකරු වුණා. තාත්තත් වාහනයෙන් බැහැලා දුව ලඟට ආවා. ඇවිත් ඔවුන් පහුකරන් ආපු පැත්ත ආපහු පෙන්නුවා. පෙන්නලා ඇහුවා “දුවේ ඔයාට මොනවද පේන්නේ...?” කියලා. “තාත්තේ මට පේන්නේ අපි පහුකරපු කුණාටුව විතරයි....” කියලා දුව උත්තර දුන්නා.
“ඇත්ත දුවේ. ඔයාට පෙන්නේ ඒ කුණාටුව විතරයි. ඒත් ඒ කුණාටුව මැද්දේ ආපු වාහන එකක්වත් ඔයාට පේනවද..?” තාත්තාගේ ප්‍රශ්නයට දුවගේ පිළිතුර වුණේ “නැහැ” කියන එකයි.
“දුවේ, ඔයා ඒ කුණාටුව මැද්දේ වාහනේ නතර කළා නම් තාමත් ඔයා අනිත් අය වගේම ඒ මැද අතරමං වෙලා. ඒත් ඔයා ඒ කුණාටුවට මුහුණ දීලා ඒක ජයගත්ත හින්දා තවදුරටත් ඒකෙන් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ.”
තාත්තාගේ පිළිතුර හින්දා දුව ජීවිතයට අළුත් පාඩමක් ඉගෙන ගත්තා.
හොද ආදර්ශමත් කතාවක්....
ReplyDeleteඒත් මෙහෙම දේකුතු තියේ නේද...අවදානමක් ගනිද්දී අපි සිතා බැලිය යුතුයි නේද....(ඉදිරියට යා යුතු වුවත් ප්‍රශ්න වලට නොසැලී)
හදිසියේ හරි අර කුණාටුව වැඩි වෙලාවේ...අනිත් පැත්තෙනුත් වාහනයක් ආවනම්, පාර නොපෙනුනානම් අනතුරක් වෙන්න තිබුණා නේද...?
හොදම දේ අවස්ථාවට අනුව සිතා බලා ක්‍රියා කිරිම නෙවේද?
@ හසියා,
ReplyDeleteමම හිතන්නේ ලංකාවේ නෙමේ වෙන්න ඇති. මම ඉන්න රටේ වගේ නම් හැම තැනම වගේ තියෙන්නේ one way .....
jeew සහෝදරයා, ලංකාවේ නෙමේ උනත් මේ කතාව ආදර්ශමත් කතාවක්. දුවෙක් තාත්ත කියන දේ අහගෙන ඒක අනුගමනය කරපු එකත් ලොකු දෙයක් නේ. කොහොමත් සහෝදරයා දෙමව්පියන් අපිට වැරදි දේවල් කියන්නේ නැහැනේ. අපට වඩා අත්දැකීම් එයාලට තියෙනවනේ. බොහොම ස්තුතියි සහෝදරයා මේ කතාව ලිවුවට !!!!
ReplyDeleteතාත්තල කියන දේ අහන උස් මහත් වෙච්චි ලමිස්සියන් ඉන්න එකම ලොකු දෙයක්... ඒකෙන් වත් යමක් ගනීවිනේ අපේ කෙල්ලො
ReplyDeleteහරි ලස්සන කතාවක්..
ReplyDelete@ මධුරංග,
ReplyDelete@ පිස්සා,
කතාවේ හරය.... ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ මත්තේ නහින්නේ නැතුව පුළුවන් තරම් උත්සහයෙන් ඒකට පිළිතුරක් හොයා ගන්ඩ උත්සහ කරන්ඩ ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්නේ මැද හිරවෙලා ඉන්ඩ තමයි සිද්ද වෙන්නේ...
@ නිපූ,
ලස්සනයි වගේම තේරුමත් හිතට අරගත්තොත් අගෙයි...