දවල් වරුව කියන්නේ බොහොම කලබල කාලයක්. එකම විදිහට උදේ එලාම් එක වදිද්දි ඒක වහලා ඊලඟ එලාම් දෙක තුන වදිද්දි නැඟිටලා වැඩට යනවා. හවසට වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් රෑටයි උදේටයි දවල්ටයි කෑම ලැහැස්ති කරනවා. එහෙම නැත්නම් අත්‍යාවශ්‍යම වැඩකට එලියට යනවා ඇරෙන්ඩ පිටරට ජීවිතේ ඒකාකාරියි. ඒත් සමහර කාලවල අපිටත් එක එක විදිහේ පිස්සු තියෙනවා. මම රට ආපු අළුත ලංකාවේ ටෙලි නාට්‍ය බලන්ඩ හරිම ආසාවෙන් උන්නේ. දැනටම ඒ දවස්වල පිටපත් කරගත්තු ටෙලි නාට්‍ය පනහක් විතර තියෙනවා. පහු වෙද්දි වැඩ වැඩිවෙනකොට ඒකත් ඉබේටම නැවතිලා ගියා.
පෙරේදා මගේ යාළුවෙක් මට දුන්නා ලංකාවේ පරණ වුණු ඒත් අපිට අළුත් ටෙලි නාට්‍ය දෙකක්. මට තියෙන ලොකුම ලෙඩක් තමයි පොතක් කියවන්ඩ පටන් ගත්තත් කතාවක් බලන්ඩ පටන් ගත්තත් නිදි වරාගෙන හරි ඒක පුළුවන් විදිහට ඉවර කරන එක. දැනුත් මේ නාට්‍ය බලලා ඉවර වුණු වෙලාවේ තමයි මට හිතුනේ පොඩි සටහනක් දාලා යන්ඩ ඕනා කියලා. ඇත්තමට එක පැත්තකින් ලංකාවේ ඉන්න අයට වඩා අපි වාසනාවන්තයි. ලංකාවේ හිටියානං සතියකට එක කොටස ගානේ මාස ගානක් බලනවානේ. එතකොට මුල හරියේ රසවින්දනය අග වෙනකොට නැතිවෙනවා. අපිට නං මුළු ටෙලි නාට්‍යම එකතු කරලා DVD ගණනාවක් හම්බවෙනවා. වෙලාව තියෙනවානම් එක හුස්මට බලලා ඉවර කෙරුවහැකි. (මේ මං වගේ). ලංකාවේ අහුවුණොත් දඩත් ගෙවලා හිරෙත් යන්ඩ වෙනවනේ.
අද බලපු කතාව නං අහංකාර නගරේ කියලා ලස්සන කතාවක්. කට්ටිය බලලා තියෙනවද දන්නෙත් නැහැ. දෙමව්පියන්ගේ වැරදි තීරණ හින්ඳා දෙකඩ වෙන්ඩ ගිය පුංචි කැදැල්ලක්, කරුණු කාරණා තේරුම් ගැනීමේ හැකියාව මත බේරුණු විදිහ තමයි කතාවේ තියෙන්නේ. මට හිතෙන විදිහට නම් දරුවන්ව කසාද බන්දලා දුන්නට පස්සේ දෙමව්පියන් දරුවන්ගේ තීරණ එයාලටම ගන්ඩ ඉඩ ඇරලා හිටියොත් ඒ පොඩි පවුල් වලට වෙන බලපෑම අඩුවෙයි කියන පණිවිඩය තමයි කතාවෙන් අපිට ඉගෙන ගන්ඩ තියෙන්නේ.
නොබලපු කෙනෙක් ඉන්නවා නම් හොයාගෙන රෑ එළිවෙනකල් නිදි වරන් බැළුවත් පාඩුවක් වෙන්නේ නැති කතාවක්....
හෙට (සමාවෙන්ඩ... අද හවසට) දාන්ඩ තියලා පෝස්ට් එකක් හැදුවා. ගැලපෙන පොටෝ එකක් තමයි ප්‍රස්නේ.... හවස් වෙලා බලමුකෝ...)
එහෙනම් ඉක්මනට දාන්න ඔය කතාව. අපිත් බලන් ඉන්නේ ඒ කතාව කියවන්න. ඔය සමහර ටෙලි නාට්‍ය ටොරන්ට් වලත් තියෙනවා. චුට්ටක් සර්ච් පාරක් දුන්නොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. කොහොමත් සහෝදරයා අපේ දේවල් වල වටිනාකම තියෙන්නේ අපේ රටින් බැහැරව ඉන්න කොට නේ.
ReplyDeletemage photo eka damu
ReplyDeleteමටත් හිතයි ඔය මමත් ආසා කරන කතා දෙක තුනක් ඔය වගේ රටකට ඇවිත් බලලා යන්න. අයියා කියන කතාව ඇත්ත, ඇත්තටම කතාවක් බලද්දී ඒකෙ මුලහරිය මතක නෑ නොවැ.
ReplyDeleteමම නම් අද තමා මුලින්ම මෙහේ ආවේ ..බ්ලොග් එක හිතට ඇල්ලුවා නිතරම එන්නම්කෝ !
ReplyDeleteජයවේවා !!
@ මධුරංග,
ReplyDeleteඒක ඇත්ත.. මේ දවස් වල බොඳ මීදුම් නවකතාව Download කරන් ඉන්නවා. පටන් ගත්තොත් එක හුස්මට බලන්ඩ ඕනනේ...
මම නම් අපි අපි වගේ බැලුවා... ඊට පස්සෙ නිල් නෙතු බලන්න ගත්තා. වෙලාව තමා ඉතින් අවුල...
ReplyDeleteඅහංකාර නගරේ කියලා නාට්‍යයක් ගියාද ? මම ලංකාවේ ඉදලත් එහෙම එකක් ගියාද කියලාවත් දන්නේ නැහැනේ...............
ReplyDelete@ අඩේ පිස්සෝ.. මම නම් බස්සෙක්නේ බං....
ReplyDelete@ හසිත,
මලයා කලින් ආව වගේ මතකයක් නැහැ. ඒත් ගොඩක් බ්ලොග් වල නම දකිනවා. අපිත් එක්ක ඉන්න එකට සතුටුයි.. මෙහෙට ටෙලි නාට්‍ය සිය ගණන් එන්නේ. හොඳ එව්වා හම්බවුණහම බලනවා. මේ වෙලාවෙත් අතේ තියෙනවා 'සඳ කිඳුරි' කියලා DVD 7 ක කතාවක්..
@ jeew ayya
ReplyDeleteරජ්ජුරුවන්ගේ ඔටුන්න ගැන කියන්න මම ආවේ............. :)
http://jeew-jeew.blogspot.com/2010/09/1.html
@ හසිත,
ReplyDeleteඔහෝ.. සමාවෙන්ට ඕනා මලයා... අපේ මොලත් ඉඳහිටලා කචල් දානවනේ. ගණන් ගන්ඩ එපා. පොඩි මිස්ටේක් එකක්..
නැට්ට පිටින් අලි මැරෙද්දී ඕවා මොනවාද අයියා :) :) :)
ReplyDelete