අන්තිම පාරට මම දැම්මේ ජෝසප්පු සීයාගේ කතා වලින් පළවෙනි එක හෙවත් 'ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්' කතාවනේ. කවුරු හරි දැක්කේ නැත්නං මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න.
අද ඒකේ අනිත් කතාව වන නාග මාණික්‍යයේ කතාව ලියන්ඩ හදන්නේ. හැබැයි වැඩිය දිග කතාවක් නෙමෙයි.
ජෝසප්පු සීයා ඔය කලින් කතාවේ විදිහට දවසක් දඩයමේ යනකොට තමයි මේකත් වෙලා තියෙන්නේ. මට මතක හැටියට අනුරාධපුරේ කිට්ටුව. තනියෙන් යන මනුස්සයා වුණාට මොකෝ යකෙක්ටවත් බය ඇති පුද්ගලයෙක් නෙමෙයි. මොන සද්දයක් බද්දයක් ආවත් මොකාද කියලා විපරම් කරලා බලනවාමයි. මේ කියන දවසේත් ඔය සිද්ධිය වුණු කිට්ටුවට යද්දි ටිකක් රෑ වෙලා. එදා කලින් වගේ වැස්සක් එහෙම තිබිලා නැහැ. ඒ හින්දා ‘රෑ කාලේ ගත කරන්ඩ ගස් උඩ බඩගාන්ඩ වුවමනාවක් නැහැනේ’ කියලා හිතලා අහල පහල තිබුණු ගල් තලාවක් උඩ පොඩි නින්දක් දාලා.
පොඩි නින්ද ටික වෙලාවක් යද්දි ගොරවන ගානටම ඇවිල්ලා. මෙහෙම හොඳට ගොරව ගොරවා නිදියද්දි නින්දෙන් වාගේ පේනවළු කැලේ මැද්දේ ෆ්ලෑෂ් ලයිට් එකක් පත්තු කරලා වගේ එළියක් එනවා. මනුස්සයා කලබල වෙලා නැඟිටලා හිමින් සීරුවේ ගියාළු බලන්ඩ. ටිකක් ලඟට යද්දි එකපාරටම විසාල නාග රාජයෙක් පෙනේ කරගෙන පැන්නළු ජෝසප්පු සීයාගේ ඇඟට. මන්තර සාස්තරෙත් ටිකක් දන්න කියන හින්දා යන්තම් නාග රාජයාගෙන් බේරුනළු. පස්සේ මේ නයා හිමින් සීරුවේ ඇදිලා ගිහිල්ලා අර එලිය ආපු පැත්තට. සීයාත් හෙමිහිට පස්සෙන් ගිහිල්ලා
නයා අර එළිය විහිදුවන එක ලඟට ගිහින් එකවරම ඒක ගිල දමලා අර සීයා හිටපු ගල් තලාව යට තියෙන හුඹහකට රිංගගෙන. ෂහ්.. එතකොටළු සීයාට වැඩේ තේරුණේ. අච්චර අර එළියක් ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද කියලා...
කට්ටිය දන්නවැයි මොකක්ද කියලා....
"නාග මාණික්‍යය" ක්.... අල්ලක් තරම් විතර විශාල නාග මාණික්‍යක්...
දැන් සීයට ටිකක් හිතට අමාරුයිළු ඒ නාග මාණික්‍යය දැක දැකත් නොලැබිච්ච එකට. ඒත් එක්කම කල්පනා කළාලු මේක ගන්න උපායක්. මොන දේ කරන්නත් ඉවසීම තියෙන්න ඕනනේ. "කමක් නැහැ. කවදා හරි උඹ ආයෙමත් මේ පැත්තට එන්න ඕනනේ. එතකොට මං බලාගන්නන්කෝ" කියලා දැඩි තීරණයක් ගත්තළු 'කවදා හරි මේ නාග මාණික්‍යය අරගෙන මිසක් මෙතනින් එක අඩියක් හොල්ලන්නේ නැහැ' කියලා. ඔහොම තව දවස් දෙක තුනක් යනකොට නාග රාජයා ආයෙමත් එළියට ඇවිත් තමුන්ගේ ආහාර වේල හොයාගන්ඩ.
අපේ නුවණක්කාර ජෝසප්පු සීයා මේ වෙද්දි 'ඔපරේෂන් ස්නේක් ජෙම්' එකට අවශ්‍ය කරන අවි ආයුධ ඔක්කොම ලැහැස්ති කරන් ඉඳලා තියෙන්නේ. නයා පුරුදු විදිහට එළියට ඇවිත් තමන් සතු වුණු මහානාර්ඝ 'නාග මාණික්‍යය' වමාරලා ඒකේ එළියෙන් කෑම හොයාගෙන තමයි මෙච්චර කල් ජීවත් වෙලා තිබිලා තියෙන්නේ. හැබැයි ඌට මෙදා පොටේ වැරදුනේ ජෝසප්පු සීයාගේ උපක්‍රමය හින්දා යි. මේ නාග රාජයා 'මැණික' වමාරනකල් බලන් හිටපු සීයා වහාම ක්‍රියාත්මක වෙන පරිදි තමන් සතු ලොකුම ආයුධය වෙන එකතු කරන් හිටපු ගොම ගොඩකින් (ඔය කිව්වට අසූචි ගොඩක්ද දන්නෙත් නැහැ) එකපාරටම මේ මැණික වහලා.
එතකොට තමයි නයාටත් තරු පෙනිලා තියෙන්නේ. මැණිකේ එළිය නැති හින්දා නයාට මෙලෝ දෙයක් පේන්නේ නැතිළු. ගොම හින්දා ඉව කරලා හොයාගත්ඩත් බැරිළු. තමන්ගේ මහානාර්ඝ වස්තුව අහිමි වුණයි කියලා දැන ගත්ත නයා ගල් තලාවේ ඔළුව ගහගෙන මැරිලා. පස්සේ සීයා එහෙම පිටින් ම මැණික ලඟ තිබුණු ගෝනියේ ඔතන් ගෙදර ගෙනල්ලා.
දුර්ලභ, වටිනාකම කියලා නිම කරන්ඩ බැරි වස්තුවක් හින්දා කාටවත් විකුණන්ඩ කැමති නැතිව ඒක ගෙදර තියාගත්තළු. එයාගේ ළමයි රෑට පාඩම් කරනකොට මැණික මේසේ උඩින් තියලා ඒකේ එළියෙන් පාඩම් කළා ළු. සීයා මැරිලා ගොඩක් කල් වුණාට තවමත් ලයිට් කපන දවස් වලට ඒකේ එළියෙන් ගෙදර අය වැඩකටයුතු කර ගන්නවා කියලා තමයි ආරංචිය.....
තාමත් ඒ නාග මාණික්‍යය තියෙනවා එහෙනං. හිටු මං ඇවිල්ලා මගේ මැණික ගන්න.
ReplyDeleteඑල කතාව... නියමයි.
@ වරෙන් වරෙන්.... එනකල් තමයි බලන් ඉන්නේ හොඳ මැණිකක් දෙන්ඩ.. හික්...
ReplyDeleteබලාගෙන, මේ කාලේ ඕකෙ එළියෙන් පාඩම් කරන්නෙ, සිකියුරිටි ගාඩ් කෙනෙක්වත් දාන්නෙ නැතිව. නැතිනම් කවුරු හරි ආපහු ගොම ගහලා ඕක උස්සයි !
ReplyDeleteහික්ස්...........
ReplyDeleteමරු මරු !!!
හික් හික් හික්!!! එළම කිරි සහෝ............
ReplyDeleteනාග මානික්‍යය තියෙන්නෙ බොහොම කලාතුරකින් එක නයෙක් ට ලු. නමුත් ඔහොම මානික්‍යයක් තියෙනව ද කියලා නම් අහලා නෑ. කොහොම උනත් සහෝදරයා, නියම කතාව !!!! දිගටම ජොසප්පු සීයගේ කතා ලියන්න. ඔය ජොසප්පු සීය වගේ නාග මැනිකක් හොයා ගත්තනම් වර්තමාන විදුලි අර්බුධයටත් හොද පිලියම. හිකි හිකි !!!!
ReplyDeleteපට්ට කතාව එල එල ....
ReplyDeleteනයා මැරුනේ ජෝසප් සීයා ගහපු අසූචි පාරෙ දුර්ගන්ධය නිසාද දන්නේ නෑ ...හි..හි අසූචි ගහපු නිසා අනිත් සදාදර නයින්ට මුහුන දී ගත නොහී සියදිවි හානිකරගන්නට් ඇත .....
ජයවේවා !!
හික් හික් ඈ බන් ඔය සීය උබලයෙ ගමේද ??
ReplyDeleteඔව් ඔව් ගමේ තමා... මේ වෙලාවෙ ඔව්ව මතක හිටිනවයෙ... හික් හික්.
ReplyDeleteපට්ට කතාව........
ReplyDelete