ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Wednesday, November 10, 2010

අතේ තරම



                                       අද ඔයගොල්ලො හැමෝටම දෙන්ඩ යන්නේ තවත් පුංචිම පුංචි කතාවක්. මේ දේ තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයගොල්ලෝම තීරණය කරන්න.
                                       එක්තරා රටක එක්තරා ප්‍රදේශයක (කතාව ලියන්නේ සිංහලෙන් හින්දා ලංකාවේ වෙන්න ඇති) එක්තරා පෙර පාසල් යන ළමයෙක් හිටියා. අපි මේ ළමයට බිංදුකියලා තාවකාලික නමක් දාමු. බිංදු ගතිගුණ අතින් හරිම හොඳ ළමයෙක්. ටිකක් විතර ලජ්ජාශීලී විදිහට හිටපු ළමයෙක්. හැබැයි ඒ වගේම හොඳ නුවණක් තිබුණු ළමයෙක් (මං වගේම).
                                       දවසක් බිංදු එයාගේ අම්මා එක්ක ගමනක් ගියා. ඒ තමයි අම්මගේ හොඳම යෙහෙලියව මුණගැහෙන්ඩ. මේ දෙන්නා මුණගැහිලා ආගිය තොරතුරු, ඕපදූප එහෙම කතා කර කර හිටියා. අම්මාගේ යෙහෙලියට මේ හුරුබුහුටි අහිංසක බිංදු ගැන ගොඩාක් ආදරේ හිතුණා. මොකද කිසි දැඟලිල්ලක් නැති දරුවනේ. මේ යෙහෙලියට තිබුණා ලොකු රසකැවිලි කඩයක්. ඒකෙ ටොෆි චොකලට් එහෙමත් තිබුණා. ඉතින් මෙයාට හිතුණා බිංදුට මොනව හරි දෙන්න ඕන කියලා. එහෙම හිතලා ටොෆි චොකලට් තියෙන තැනට ගිහිල්ලා කිව්වා පුතේ මේවායෙන් ඔයාට ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසි දෙයක් ගත්තේ නැහැ. යාලුවා හිතුවා මේ දරුවා ලජ්ජාව හින්දා ගන්නේ නැහැ කියලා. ඒ හින්දා ආයෙම කිව්වා. “ලජ්ජා වෙන්ඩ එපා පුතේ. ඔයා ආස දෙයක් අරගන්ඩකියලා.
                                       බිංදු අම්මා දිහා බැළුවාඅම්මත් හිනා වෙලා කිව්වා පුතේ ඇන්ටි ඔයාට ගොඩක් ආදරෙයිනේ. පුතා ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසිම හැල හොල්මනක් නැතිව උන්නා. යාළුවාට හිතුණා හරිම හොඳ ළමයෙක් කියලා. එහෙම හිතලා එයාගේ අත් දෙකෙන් ලොකු ටොෆී අහුරකුයි ලොකු චොකලට් එකකුයි අරන් බින්දුට දුන්නා. එතකොට බිංදු හිනාවෙලා ඒක අරගත්තා. හැබැයි ඒවා ඔක්කොම බිංදුට අතට ගන්ඩ බැරි තරම්. ඒක හින්දා ඒ ටික අරගන්ඩ වුණේ බිංදුගේ අම්මට. කොහොමෙන් හරි යාළුවාට සමු දීලා බිංදුයි අම්මයි ආයෙම ගෙදර ආවා.
                                       එන ගමන් නිකමට වගේ අම්මා බිංදුගේ අම්මා බිංදුගෙන් ඇහුවා ඇයි පුතේ ඒ ඇන්ටි ඔච්චර කියලත් ඔයා මුකුත් අරගත්තේ නැත්තේකියලා. බිංදු දුන්නේ බොහොම අහිංසක උත්තරයක්.
                                       අම්මේ.. මං ඒකට අත දාලා මොනව හරි ගත්තනං මට හම්බවෙන්නේ මගේ අතට අල්ලන්න පුළුවන් තරම විතරනේ. එතකොට මට හම්බවෙන්නේ චුට්ටයි. ඒත් ඒ ඇන්ටිම අරන් දෙනකොට ඇන්ටිගේ අත් ගොඩක් ලොකු හින්දා මට ගොඩක් හම්බවුණා

ප.ලි / අපේ කට්ටයත් මේ වගේද දන්නේ නැහැ......

10 comments:

  1. හි.හි..ටිකිරි මොළේ .....
    කවුද දන්නෙ නෑ ඔය පුංචි මහත්තයා නේද..? අපි නම් දන්නෙ නෑ ඔන්න.

    ReplyDelete
  2. මේ කොල්ලා මංචි ටිකිරි මාරි කන පොරක් ද කොහෙද?
    අපේ කට්ටියද?ම්....ම්..... හිටපු ගමන් ඔහොම තමයි ඉතින්....කර දඬු උස් මහත් වුණාට ඇඟ ඇතුලේ පොඩි එකෙක් ජීවත්වෙනවානේ.......

    ReplyDelete
  3. මේක ඇත්තම කතාවක්ලු. කෝටිපතියෙක් වුණු ඔනාසීස් පුංචි කාලේ මෙහෙම දෙයක් කළා කියලා මිහිර පත්තරේ ගිය ලිපියකින් මම කියෙව්වා..............

    ReplyDelete
  4. ටිකිරි මොලේ තමා ඉතින්..

    ReplyDelete
  5. පොඩි එකාගේ නියම මොලේ . . .

    ReplyDelete
  6. @ ප්‍රාර්ථනා,
    අපෝ මට දුන්නේ නැත්නම් බලෙන් හරි ඉල්ලලා අරගන්නවා.. හික්..

    @ මකුළුවා,
    මට නම් ලඟදි ඔය වගේ වැඩක් වුණා තමයි. හැබැයි ටොෆි නෙමේ...

    @ හසිත,
    වෙන්න ඇති. මේක මමත් අහපු කතාවක්...

    @ හසී,
    නඟා ඔහොම වැඩ කරන්නේ නැතෙයි...?

    @ දුකා,
    ඔව් දුකා අයියා.. උඹලත් ඕවා ආදර්ශෙ‍ට අරගෙන හැදියන්.. හික්....

    ReplyDelete
  7. නියමයි ටිකිරි මොලේ.....
    මාත් ඔය වැඩේ කරන්න ඕනි....කවුද මට ටොෆි දෙන්නේ...??

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. @ හසියා,
    අපේ ගෙදර ආවොත්... මම බබාට ටොෆි ගොඩාඩාඩාඩාඩාක් දෙනවා... සත්තම සත්තයි....

    ReplyDelete
  10. පොඩි එකාගේ ටිකිරි මොලේ තමයි මොලේ කියන්නේ. නියමයි කතාව !!!!!!

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails