ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, November 30, 2010

සැඟවුණු යෞවනිය.......


වසා සිටියද නුඹ
අඳුරු සේලකින්
නු‍ඹේ වත මඬල...
සිහින් සුළං පොදක්
සැඩ වූ නිමේෂයේ දී
දුටිමි මම
මලක් මෙන් මොලකැටි වූ
ඒ සියුමැලි දෙකොපුල්
වසා ලූ කඩතුරාව අතරින්.......
ඉතිරී ගිය සිනහ කැන් රැන්ඳූ
මුතු මෙන් දිදුලූ දසන්
දෙතොල් පෙති අතරින්
හදිසියෙන් එබිකම් කළ......
සුරඟනකි නුඹ
ලොවට නොසැඟවී සැඟවුණ
එහෙත් හැකි වෙද නීතියට
සඟවන්න කිසි දින
නුඹේ යෞවනත්වය .......

16 comments:

  1. ඔන්න මම කියෙව්වා
    හ්ම්ම්ම්ම්ම්ම්

    හොදයි .....

    දිගටම ලියන්න

    සුබපැතුම්

    ReplyDelete
  2. ලස්සන මුස්ලිම් කෙල්ලෙකුට මගේ හිත අරන් යන්න දෙන්න හිතුනා.

    ReplyDelete
  3. අනේ මචං... දුක හිතෙන කතන්දරයක්නේ ලියලා තියෙන්නේ... ඔටුච්චියෝ වහන් ඉන්න තරමට තමා හොඳ... මුන් ඔය මූණු එලියෙ දාගෙන හිටියොත් අපිට හිරේ විලංගුවේ වැටෙන්ට තමා වෙන්නේ බලන්ට ගිහිං... ඒ මොනව වුනත් පද ටික එල මචං...

    ReplyDelete
  4. බුර්කාවෙන් නොවැසුන නෙත රැඳුන සිතුම් කියවා
    මන්දාකිණියක තරුවක් නිසොල්මනේ හැඬුවා

    ReplyDelete
  5. අනේ ඔව්වා දිහා නොබලා ඉන්න තරමට හොඳා කියලයි මට කියන්න තියෙන්නේ... නිර්මානයනම් ලස්සනයි මචෝ.

    ReplyDelete
  6. පරිස්සමෙන් යාලුවා ..මුස්ලිම් කෙල්ලෙක් දිහා බැලීමත් තහනම් ..
    සමහර විට Jeew ට අග්ගිස්සෙන් කෑල්ලක් කපාගන්න වෙන්නත් බැරි නෑ (විහිලුවට)

    ලස්සනයි මචං කවිය උඩ ලියපුවාට තරහ ගන්න ඔට්ටු නෑ ඕං ෆිට් එකට කීවේ හරිය !

    ජයවේවා !!

    ReplyDelete
  7. ඔය පර්දා අස්සෙන් බලන්න ගිහින් ගුටි කන්න බෑ අයියේ....හික්ස්

    පට්ට පද පෙල....

    ReplyDelete
  8. @ තොප්පියා,
    ස්තූතියි මේ පැත්තේ එනවට. ඔයගොල්ලෝ කියවන බව දන්න නිසා ම තමයි අපිත් මොනව හරි ලියන්නේ.. හික්...

    @තරු අහස,
    අදහස නම් නරක නැහැ. කවුරු වුණත් ‍මනසක් හදවතක් තියෙන අයනේ. හැබැයි ඉතිං නීති වලින් බැඳීම් කඩන්ඩ ටිකක් අමාරුයි...

    @පුතා,
    සමහර අය කැමැත්තෙන් ම හැංඟිලා ඉන්නේ. මේ කට්ටිය අතරේ හොඳ මෙන්ම හැංඟිලා වැරදි වල යෙදෙන අයත් ඉන්නවා. නමුත් තවත් සමහර අය නීතියටයි සමාජයටයි බයෙන් හැංඟිලා ඉන්නේ. එහෙම අය ගැන නම් ඇත්තෙන්ම දුක් වෙන්න ඕන..

    ReplyDelete
  9. @ චේජනා,
    අනාවරණය වුණ වතකට වඩා ආවරණය අතරින් එබෙන දෑසේ හැඟුම් කියවන්න ලේහෙසියි...

    @ පිස්සා,
    ඕනකමින් බලන්නේ නැහැ බං. ඒත් ඉඳ හිට පේනවා. මොකද මගේ රස්සාව අනුව මං ලඟට එන පාරිභෝගිකයන්ට කතා බහ කරන්ට එපැයි.

    @ හිස් අහස,
    අග්ගිස්සෙන් කෑල්ලක් නෙමෙයි මලයා... බෙල්ලත් එක්ක තමයි කපලා යන්නේ...
    පිස්සුද මල්ලි එහෙම තරහා වෙලා කොහොමද..? ඔයාලා හැමෝම මගේ සහෝදර සහෝදරියෝ නෙව...

    @ හසියා,
    හා.. හා... තාම පොඩි එකා කිව්වා නෙවද..? උඹලා එහෙම බලන්ට යන්ට එපා. අපි නං ඉතිං මොකෝ...

    ReplyDelete
  10. ලස්සන සංකල්පනාවක්. මමනම් ඔය පරදා දාන ජාතියට ආස නෑ. කොහොම උනත් ලස්සනට ලියලා තියෙනවා වත් අක්කා වගේ කවි ලියන්න අරන් එහෙනම් !!!! ඔහොම යන් ඔහොම යන්. හැබැයි අය්යා බටගම සිරිස් එහෙමත් ලියන්න හොදේ. හැමදාම කවිම ලියන්නේ නැතුව. :-) ලොල්

    ReplyDelete
  11. මචන් ෆර්ඩා බුර්කා උස්සලා බලන්න ඉස්සෙල්ලා අපෙ කට්ටියගෙ කොහෙද කියල හෙව්වනම්?
    "නමුත් තවත් සමහර අය නීතියටයි සමාජයටයි බයෙන් හැංඟිලා ඉන්නේ"
    එහම කියනකොට හිතෙන්න නෙද්ද අපිට නීතියටක් සමාජයක් තියනවද කියලා ?

    කවද හරි පන්සිල් රෙකලා මෙක කිව්වනම් හොඩය් කියලා මO හිතනවා.
    දවසකටවත් පන්සිල් රකින්න බෙරි එක ගෙන ලෙජ්ජා නෙඩ්ඩ?

    මන්ග් හිතනව මෙතන comment කරන්නෙ A/L ඉගනගත්තු කට්ටිය ටිකක් .මොලයක් තියනවනම් තමන්ග ආගම කිරිස්ටියන් /වෙස්ටර්න් වෙන්න ඉස්සල බෙරගනියො

    machaanla mang maaka kiyanna ubalath ekka thiyana aadarata.

    ReplyDelete
  12. මචන් කවිය නම් මරු.එල කිරි

    ReplyDelete
  13. @ මධුරංග,
    මට නං කවදාවත් වත් තරම් හොඳට කවි ලියන්ඩ පුළුවන් වෙන එකක් නැහැ. මේ දවස් වල ආයෙම සමාජ සේවය පටන් ගත්ත හින්ඳා ටිකක් විතර වැඩ වැඩියි. බය වෙන්න එපා ආයෙම බටගම සීරිස් පටන් ගන්නවා...

    ReplyDelete
  14. @ මල්ලි,
    මුලින්ම ස්තූතියි කියනවා මගේ අඩවිය පැත්තේ ආවට.
    'මචන් ෆර්ඩා බුර්කා උස්සලා බලන්න ඉස්සෙල්ලා අපෙ කට්ටියගෙ කොහෙද කියල හෙව්වනම්?. කියලා ‍ඔයා ලියලා තියෙන දේ හරියටම තේරෙන්නේ නැහැ.
    ඒත් මට තේරුණ විදිහට උත්තර දෙනවා නම්, ඔය කියන නීතිය හැමෝටම පොදු නැහැ. මම ඉන්න රටේ (කටාර්) රජාගේ බිරිඳ අබායක් අඳින්නේ කලාතුරකින්. මුහුණ වහන්නේ නැහැ. හැබැයි සම්ප්‍රදායෙන් ආපු නීති හින්දා ගොඩක් ළඳුන් මුහුණ වහනවා. ඒක සමහර විට ඒ පවුල් වල සම්ප්‍රදාය වෙන්න පුළුවන්. ඒත් මේකට අකමැති වුණත් කරන්නට දෙයක් නැතිකමට මේ විදිහට මුහුණ වහන අයත් ඉන්නවා. ඒ ගැන වැඩි විස්තරයක් අළුත් පෝස්ට් එකකින් දාන්නම්. හැබැයි ඒකට ආගම් සම්බන්ධ කරනන් මගේ කිසිම අදහසක් නැහැ.
    අනිත් එක පන්සිල් රකින්න කිව්වේ මට නම්, මට ඒක කරන්න විදිහක් නැහැ. හේතුව මම 'කතෝලිකයෙක්' වීම. මැද පෙරදිග ඉන්නවා වුණත් පුළුවන් උපරිම විදිහට මගේ ආගම අදහගෙන ඉන්න කෙනෙක්....

    ReplyDelete
  15. මචන් ස්තුයි.මොනව උනත් මට යාලුවෙක් විදියට අහන්න පුලුවන්ද ? කතෝලික ආගමෑ අදහන්න මොනවද තියෙන්න ?

    නීතියක් එහම තියනවද ?
    දන්නෙති හන්දයි අහන්න

    ReplyDelete
  16. මචන් අනිත් එක මාත් කෙමති නෑ කටාර්/සෞඩි අරාබියන් කාරයො බොරුවට ආගමක් අදහල වෙඩක් තියේ ?
    උන්ට ලොකු කම වෙඩී
    මචන් කොහම උනත් ෆර්ඩා බුර්කා කියනනැ ආගමක් ස්ම්බන්ද දෙයක් ඈක ගෙන විඩිය අනිත් ආගමික කට්ටිය කතා කරන්නතුව ඉන්න එක හොදයි.එක අපෙ හිත රිද්දනවා
    අපි කවදා හරි cristian
    පූජකතුමන්/පූජකතුමියන් වහගන බදින්න නෙතුව ඉන්න එක ගෙන කටා කරාද?

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails