ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Wednesday, September 8, 2010

මගේ ආදරණීය බිරිඳට සුභ උපන් දිනයක්

ඊයේ රෑ වෙනකල් බ්ලොග් පෝස්ට් එක ලියපු හින්දා උපන් දින සුභ පැතුම් පත සම්පූර්ණ කරගන්ඩ ලැබුණේ නැහැ. මේක ‍දාන්ඩ බැර් වුණොත් ඉතින් අර කියලා තියෙන විදිහට ඇස් රතු කරන් ඉඳියි.. මම කතා කරන වෙලාවට කියයි "මගේ බබී මේ අවුරුද්දේ මගේ කාර්ඩ් එක අමතක කෙරුවා" කියලා. (ඕනෑම දෙයක් කිසි ප්‍රශ්නයක් නැතුව මට කියනවානේ...)
මහ ලොකු කලාකාරයෙක් නොවුණත් පුළුවන් විදිහට පොඩි කාර්ඩ් එකක් හැදුවා.... පොඩ්ඩක් බලන්ඩකෝ...



20 comments:

  1. සුභම සුහ උපන්දිනයක් අක්කේ,ඒවගේම කාඩ් එකේ තියන අයියගේ පැතුම් ඒ අකාරයෙන්ම ඉෂ්ටවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

    ReplyDelete
  2. බොහොමත්ම ස්තූතියි මලේ...
    හෙට දිහා පොඩි පොඩි කතා දෙක තුනක් විතර දාන්ඩ හිතන් ඉන්නේ. ඇවිත් බලන්ඩකො...

    ReplyDelete
  3. අනිවාර්යෙන්ම අපි කියවනවා අයියේ,ජය වේවා

    ReplyDelete
  4. බිරිඳට සුභම සුභ උපන්දිනක් වේවා. කාඩ් පත ලස්සනයි. පද පේලි ගොඩක් ලස්සනයි. ඇගේ නෙත් කොන තෙත් වේවි නිසැකවම.

    ReplyDelete
  5. කාඩ් එකත් ලස්සනයි. පද පෙළත් ලස්සනයි.
    අපෙනුත් සුභ පැතුම්!!!!

    ReplyDelete
  6. සුබ උපන් දිනයක් වේවා.... !!

    ReplyDelete
  7. පිස්සගෙනුත් සුබ පැතුම මචන්.... ( දෙවැනි පාරටත් හි හි ) ලස්සනයි බන් කාර්ඩ් එක... අහ් උබේ මූනත් තහඩුවත් දැක බලා ගත්තෙමි. හි හි...

    හැම දේම සාර්තක වෙන්න පතනවා මචන්... ඉක්මනටම දෙන්නටම එක වහලක් යටට වෙන්න ලැබෙන්න ඕනි... ජුනි වල නේද උබ ආයේ ඉන්නම එනවා කිව්වෙ... හොඳයි හොඳයි ඒක නම්...

    ReplyDelete
  8. @blog gadol
    ඔහෝ.. මේ අපේ පූසෝ ටිකත් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ... එල එල...
    බොහොම ස්තූතියි..

    ReplyDelete
  9. හරිම ආදරණිය සුන්දර සටහනක්
    මගෙනුත් අක්කියාට සුභ පැතුම් එයා හුගාක් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න ඒ වගේම ඔයාලාගේ අනාගත ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා හදවතින්ම සුභ පතනවා

    ReplyDelete
  10. @ පිස්සා..
    මගේ මූණත් ලස්සනයිද බන්...
    කොහොමත් මේ දෙසැම්බර් ගිහින් Anniversary එකට යනවා. සුමාන දෙකකට නිවාඩු අනුමතයි. ෂේප් එකේ මාසයක් විතර අදින්නයි හදන්නේ. ලොක්කන්ව හොඳින් තියාගෙන ඉන්නවනේ. ඒකයි..
    ඉඩ ලැබුනු වෙලාවක හමුවෙමු මචෝ...

    ReplyDelete
  11. @ හසී රන්,
    ඔයාටත් බොහොම ස්තූතියි න‍ඟේ... හ්ම්.. අපි දෙන්නත් එක්ක එන්නන්කෝ දෙසැම්බර් දිහා ඔයාලගේ පැත්තේ කිරි පැණි කාලා යන්න (බෙන්තර ග‍ඟෙන් එහා නේද..?)

    ReplyDelete
  12. අ‍නේ මම දැනුයි මේක දැක්‍ කේ....... :'( :'( :'( :'(

    අක්කිට අයිය පතපු පැතුම් ටික අකුරටම හරියන්න පතනවා........!!!!

    සුභ උපන්දිනයක් අක්කි‍යෝ...........
    (ආයෙ ‍මොකටද ඔය දෙන්නට අමුතු‍වෙන් කේක්..... ඔන්න අක්ක‍‍ගෙ කේක් එ‍කෙන්ම මාව මතක් කරල කෑල්ලක් කන්න.... :P)

    ReplyDelete
  13. පරක්කුවෙල හරි මාත් එකතු වෙනව සුබ පතන්න...

    සුබ පැතුම් පතේ ලස්සන වැඩි වෙන්නෙ තමන්ම ඒක නිර්මාණය කළහමයි... මොකද එතකොට ඒකේ ආදරයත් තැවරිල තියෙන හන්දා...
    ඇත්තටම කාඩ් එක ලස්සනයි! ඒ වගේමයි පැතුමත්!

    ඇයට සුබ උපන්දිනයක්!

    ReplyDelete
  14. @ හා පැටික්කි..
    ස්තූතියි පැටික්කි සුබපැතුම..
    අක්කගෙන් කේක් කෑල්ලක් කන්න වෙන්නේ ලබන අවුරුද්දේ උපන් දිනේට තමයි න‍ඟේ. කඩෙන් නම් කේක එකක් අරන් කෑවා ඔයාලා හැමෝවම මතක් කරගෙන...

    ReplyDelete
  15. @ sansarasidu,
    බොහොම ස්තූතියි මලේ...
    ඇත්තටම ටිකක් මහන්සි වෙලා හදන සුබ පැතුම් පතක් කඩෙන් ගත්ත රෙඩිමේඩ් කාඩ් එකකට වැඩිය ආදරෙන් දෙන්න පුළුවන්....

    ReplyDelete
  16. මට බොහොමත්ම සමා වෙන්ට ඕනෑ...
    සැප්තැම්බර් මාසය බොහෝ සොඳුරු සිදුවීම් වලින් ගහනයි වාගේ...
    ඇයට සුභ උපන්දිනයක් බොහෝ ප්‍රමාද වී වුව පතමි...
    ඔබ දෙදෙන යෙහෙන් දිගු කල් වැජඹේවා...!

    ReplyDelete
  17. @ සාදරයෙන් පිළිගන්නවා තිස්ස අයියව මගේ අඩවියට... කිසිම පරක්කුවක් නැහැ අයියේ...
    ඇත්ත... සොඳුරු සැප්තැම්බරය....
    Sealed with a Kiss සින්දුව එහෙම මතක් වෙන්නේ නැද්ද තිස්් අයියට..
    බොහොම ස්තූතියි ඇවිත් දුක සැප බලලා යනවට

    ReplyDelete
  18. අනේ දැන් මේ අද තමයි මම දැක්කේ....

    කිරි පැණි වගේ ,ජාඩියට මූඩිය වගේ... ..නුළයි ඉදිකට්ටයි වගේ...ම් ම් ම් ම් ම්...හැමදාම ලගින්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරතවා....

    ReplyDelete
  19. හැපි හැපි බර්ත් ඩේ..............

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails