මගේ බ්ලොග් යාළුවෝ ටික දැන් බලයි ඔය උඩින්ම තියෙන හෙඩින් එකයි මේ පින්තූරයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා...
ඒ හින්දා ලිපියට කලින් ම කියන්න ඕනා මේ ලිපිය මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීමක් ගැන කරන විස්තරයක්. කවුරුන් හෝ පෞද්ගලික කාරණා ගැන කියවන්නට අකමැත්තක් තියෙනවා නම් ඒ ගැන මට මුකුත් කරන්න විදිහක් නැහැ..... සමාවෙන්න ඕනා....
දැනට ටික දවසකට කලින් අපේ තිස්ස අයියා ගේ හද ගී පොතේ පෝසට් කරලා තිබුණා ‘මා සුකුමාලී - ම හද දිනූ රමණී’ කියලා අගනා ලිපියක් එක්ක ලස්සනම ලස්සන පැරණි රසාංගයක්. කාට හරි ඒක බලන්න බැරිවුණා නම් කියවලා, සින්දුවත් අහන්න. ඒක මේ ලිපිය බලන්න හොඳ පූර්විකාවක් වෙයි.
ඒ ලිපියේ ලස්සනට විස්තර කරලා තියෙනවා ආදරණිය බිරිඳගේ ගතිගුණ.
ඒකේ තියෙන හැම වචනයක් ගානෙම ‘මගේ බිරිඳ ගැනත්’ මම ඒ ලිපිය සමඟ එකඟ වෙනවා. මේ දාලා තියෙන පින්තූර වලත් තියෙන්නේ ඒ සම්බන්ධ එක උදාහරණයක් විතරයි. මේ
තියෙන්නේ මගේ අළුත්ම වාහනේ. මගේ ජීවිතේට අළුතින්ම එකතු වුණ දේ. මේක මට අරගන්න හේතු වුණේ මගේ බිරිඳ..... සමහර විට කවුරුත් විශ්වාස නොකරන්නත් පුළුවන්.
මම පිටරට රැකියාවකට ඇවිත් දැනට අවුරුදු 4 කට වැඩියි. පළමුවෙනි පාර නිවාඩු ගියේ අවුරුදු 3 ක් එක දිගට රැකියාවේ නිරත වෙලා. ඒ අවුරුදු 3 ඇතුලත මගේ ජීවිතේ අහිමි වීම් ගොඩක් වෙලා ජීවිතේ ගැන බොහොම කළකිරිලා හිටියේ. අපේ මාරයා තුමා දැන් කියන විදිහේ කවි, සින්දු සෑහෙන්න නෙමෙයි නොසෑහෙන්න ඒ දවස් වල මමත් කිවුවා. ඒත් අවුලක් නොකර ගන්නට මට ‘දේවස්ථානය’ ඉවහල් වුණා. කොහොමෙන් හරි මහින්ද මහත්තයාට කලින් ‘මතට තිත’ සංකල්පය මම ක්‍රියාත්මක කරන්ඩ පටන් ගත්තා (ඊට ඉස්සර හොඳට නාපු මම).
ඒත් මම රට හිටපු අවුරුදු 3 ඇතුලත මට කියලා කර ගත්ත දෙයක්වත්, ඉතුරු කරපු සතයක්වත් තිබුණේ නැහැ. ලංකාවට යද්දි ගෙනියන්න තිබුණේ රුපියල් 200,000 ක් විතරයි. ඒකෙන් ටීවී එකකුයි, Discovery බයික් එකකුයි ගත්තා.
ඒ නිවාඩු කාලේ එපාම වුණු දේ තමයි අම්මගේ කැමැත්තට ‘විවාහ යෝජනා’ බලන්ඩ යන එක. මට ඒ හැමෝගෙම අඩු පාඩු පෙණුනා. එක්කෙනෙක්ගේ දත් කහ පාටයි, එක්කෙනෙක් කොටට අඳින්නේ, තවත් කෙනෙක් ඩෙනිම් කාරියක්, තවත් කෙනෙක් කෙට්ටු වැඩියි...... ඔය එකෙක්වත් එපා කියලා ආයේ රට යන්ඩ ලැහැස්ති වුණා.
මට බිරිඳව මුණ ගැහුණු එක කිසි කෙනෙකුට විශ්වාස කරන්ඩ බැරි හාස්කමක්. මගේ නිවාඩුව ඉවර වෙන්න තියෙද්දි වෙනත් වුවමනාවකට මට සිද්දවුණා තව දවස් 9ක් වැඩියෙන් නිවාඩු අරගන්න. ඒ අතරේ මට පණ වගේ ආදරේ කරන නැන්දා කෙනෙක් (මං හිටපු රටේම හිටියේ) මට ආරාධනා කෙරුවා එයා දන්න අඳුනන ගෙදරක යාච්ඤාවකට රෑ එළි වෙනකල් (සර්ව රාත්‍රික). යන්න බැහැම කියලා ඉඳලා රෑ වෙලා අන්තිම මිනිත්තුවේ තීරණය කළ යනවා කියලා. ඒ ගෙදර හිටියා ලස්සන ගෑණු ළමයෙක්. කොල්ලෝ කොහොමත් ‘ලස්සන ගෑණු ළමයෙක්’ දැක්කොත් විස්තර හොයනවානේ. කතාවෙන් කතාවෙන් ‘මෙයාට කොල්ලෙක් නැහැ... යෝජනා හොයනවා.. මට වඩා අවුරුදු 2 ක් බාලයි...’ ඔය ටික ඇතිනේ ඔය වෙලාවට..... ගෙදර යනකල් කෙල්ල දිහා බල බල හිටියා. මුකුත් ඇහුවෙත් නැහැ. කිව්වෙත් නැහැ.
පහුවදා කෙලින්ම ගියා නැන්දලාගේ ගෙදර. නැන්දගෙන් ඇහුවා කෙල්ල ගැන. විස්තර ටික නම් ප්ලස් (+).. ආයේ රට යන්ඩ තව දවස් දෙකයි. කල්පනා කළා මොකද කරන්නේ කියලා. පහුවදා බයිසිකළෙත් අරගෙන තනියම ම කෙලින්ම කෙල්ලගේ ගෙදර, කෙල්ල ගෙදර නැහැ. වැඩට ගිහින්. අම්මයි තාත්තයි ඉන්නවා. හිතට වීරිය අරගෙන (හාට් එක දඩ බඩ ගාලා ගැහෙනවා) කෙලින්ම ඇහුවා “තාත්තේ, මට ඔයාලගේ දුව ගැන අදහසක් තියෙනවා. මම කැමතියි එයාව බඳින්න. මොකද කියන්නේ..? කියලා ඉවර වෙලා හැලුවා මගේ පොඩි කාලේ මරඳ වැල්ලේ ඉඳලා, පෙම් කතා ඇතුළු ස්ටෝරි ඔක්කොම දෙන්න දෙමහල්ලෝ ඉස්සරහ. මගේ අමද්‍යප වැඩසටහනටත් 100% යි. මෙහෙම උත්තරයක් හම්බවුණා. “පුතේ ඔයා හෙට රට යන්ඩ ඉන්න හින්ඳා මේ ගැන වැඩිය කලබල වෙන්ඩ එපා. අපි ඔයාව දැක්කේ දවස් දෙකයි. ඔයා ගැන කිසි දෙයක් දන්නෙත් නැහැ. දුව මේකට මොනව කියයිද දන්නෙත් නැහැ. මොකද එයා රට ඉන්න අයට කැමති නැහැ. මොනව වුණත් ඔයා කෙලින්ම කාරණේට ආපු හින්දා අපි මේකට මුල් තැන දෙන්නම්. ඔයා නෙගටිව් නොවී යන ගමන පරිස්සමින් යන්න” කියලා. මමත් හොඳයි තාත්තේ කියලා කෙල්ලගේ මූනවත් බලාගන්න බැරිව පහුවෙනිදා ආයෙම රට ආවා.
කතාවේ හොඳම හරිය තියෙන්නේ මම මුලින්ම එහේ යද්දි මගේ බයිසිකලේ සද්දේ ඇහුණු වෙලාවේ එයාට දැනිලා තියෙනවළු ‘මේ එන්නේ එයාට හිමි කෙනා’ කියලා (ඇයි දෙයියනේ ඕක මට ඒ වෙලේ කියන්ඩ තිබුණනේ. එහෙම වුණා නම් මගේ පපුවේ බිත්තර තැම්බෙන්නේ නැහැනේ.) මම එහේ යන්න කලින් එයා දෙමව්පියන්ට කියලා තියෙනවා ‘මම රට යන්ඩ මිනිත්තුවකට කලින් හරි ඇවිත් එයා ගැන යෝජනා කරනවා කියලා (මේ ගෑනුන්ට මාර ඉවක්නේ තියෙන්නේ).
රට ඇවිත් හරියටම සුමානයක් ඇතුලත එයාලා අර නැන්දත් එක්ක අපේ ගෙදර ගිහින් විස්තර හොයලා. ගෙදර මිනිස්සු පුදුම වෙලා මඟුල් එපා කිය කිය හිටපු මම කරපු මේ වැඩේ ගැන. බලද්දි මං අර හලපු ස්ටෝරි ඔක්කොම අපේ ගෙදරින් දීපු රිපෝට් එකත් එක්ක ටැලි වෙලා. වැඩේ ගොඩ ටෙලිෆෝක් කෝල් එකක් ආවා කෙල්ලගේ තාත්තගෙන් “ආ පුතේ.. මේ දුවත් එක්ක ටිකක් කතා කරන්ඩ”. හිතට ආපු සන්තෝසෙට කටට වචන ආවෙත් නැහැ. කාලේ ගත වුණා. දිගට හරහට දුරකතන ලව්. මාසෙකින් විතර තාත්තා ආයේ කතා කළා.
“පුතේ වෙඩින් එක දෙසැම්බර් ගත්තොත් මොකද..?”
“අතේ සල්ලි නම් නැහැ. කමක් නැහැ කරමු..”
හැබැයි වෙඩින් එකට කලින් මම මගේ ජීවිතේ කරපු හැම දෙයක්ම, මගේ පෙම් පලහිලව්, ඒවායේ මට වැරදුනු තැන් හැම දෙයක්ම එයත් එක්ක කිවුවා. හොඳ වෙලාවට ඒ හැම දේම හොඳට තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් එයාට තිබුණා. එයා මට කිවුවේ 'ඔයාගේ අතීතේ මොනව වුණත් වර්තමානෙයි, අනාගතෙයි එයත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුළුවන් නම් අතීත කතා ප්‍රශ්නයක් නෙමෙයි' කියලා.
කොහොමෙන් හරි 2009 ජූලි 09 ඉඳලා දෙසැම්බර් 09 වෙනකල් මැරිලා වැඩ කරලා වෙඩින් එකට ලැහැස්ති වුණා. මගේ ඇස්තමේන්තුව 550,000. නැන්දයි තව හිතවතෙකුයි 200,000 ක් දුන්නා පස්සේ ගෙවන්ඩ. ඉතුරු ටික මගෙන්. ඊට පස්සේ ජීවත් වෙන්ඩත් සල්ලි ඕනනේ.....දෙසැම්බර් 9 ලංකාවේ. 16 වෙනිදා ඉහළම විදිහට අපේ විවාහය සිද්ද වුණා. විශේෂම දේ දෙපැත්තෙන්ම ගත්ත උත්සව දෙකින් එකකටවත් අරක්කු, බියර් තියා වයින් වත් ගත්තේ නැහැ. කිසි කෙනෙකුගෙන් වචනයක්වත් නරකක් ඇහුවෙත් නැහැ. එදා මට හීනයක් වගේ. බලාපොරොත්තු නොවුණු ඉක්මනකට... ජීවිතේ එක දවසක් විතරක් දැක්ක කෙනෙක්ව.... මට තාමත් මේ සිදුවීම පුදුමයි.
හැබැයි එදා ඉඳන් තමයි මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු ඉටු වුණේ.
මාස දෙකක නිවාඩුවකින් පස්සේ (මම වැඩ කරන ආයතනය මට තමයි පලමු වතාවට මාස තුනක නිවාඩුවක් ඉවර වෙලා ඊලඟ මාස 5 න් පස්සේ තවත් මාස 2 ක නිවාඩුවක් දීලා තියෙන්නේ)
මගේ ඉවසීමක් නැති දඩබ්බරකම් වලටයි... හේතුවක් ඇතිව හරි නැතිව හරි කටින් පිටවෙන තද වචන වලට ඇස් දෙක රතු කර ගන්නවා ඇරෙන්න තිස්ස අයියගේ ලිපියේ හැම ගුණයක්ම මගේ බිරිඳ තුළින් දකිනවා. මාස දෙකකින් එයාව ලංකාවේ තනිකරලා ආවේ මෙහෙටම ගෙන්නා ගන්නයි. (උත්සහය තාම හරිගියේ නැහැ.)
මම රට ඇවිත් හතරවෙනි අවුරුද්ද සම්පූර්ණ වෙනකොට ඒ අවුරුදු හතරටම මට කරගන්න බැරිවුණ දේ, එයාගේ වියදමින් වටින රත්තරන් මාලයක් හදලා මට එව්වා. ජීවිතේ කවදා හරි සැබෑ කර ගන්නවා කියලා හිතුණත් කවදාවත් මට ලං කරගන්න බැරිව මගන් ඈත්ව යමින් තිබුණු පොඩි ලස්සන කාර් එකක හීනේ සැබෑ වීම තමයි අර උඩින් තියෙන ෆොටෝ ටිකේ තියෙන්නේ.
ලංකාවේ ඉද්දී වගේම මෙහෙදිත් ගිනි අව්වේ පැය ගණන් පයින් ඇවිදින කොට මාව පහු කරන් ඉගිලෙන වාහන දිහා බලලා හූල්ලලා 'අනේ මට කවදා මේකක් ලබා ගන්ඩ පුළුවන් වෙයිද' කියලා හිතුණු වාර අනන්තයි.. අප්‍රමාණයි. මම ඒ චේවල් ඇයත් එක්ක නිතරම කියලා තිබුණා.
බිරිඳ මට කාර් එකක් ගැන කියන හැම වෙලේම මගේ උත්තරේ වුණේ ‘පස්සේ බලමු’ කියලයි. මම කල්පනා කළේ අතේ සල්ලි නැතිව මෙහෙම දෙයක් කරන්නේ කොහොමද කියලයි. තවම බැඳලා අවුරුද්දක්වත් වෙලා නැහැ. ඒත් ඇයගේ වුවමනාව හින්දම මට මේක ගන්ඩ සිද්ද වුණා. “බබී ඔයත් දැන් කාර් එකක අයිතිකාරයෙක්” කියලා මේක ගෙනාපු වෙලාවේ බිරිඳ මට දුරකතනයෙන් කියපු වෙලාවේ මට දැණුන සන්තෝසේ කියලා නිම කරන්ඩ බැහැ.
ලංකාවේ ඉද්දී වගේම මෙහෙදිත් ගිනි අව්වේ පැය ගණන් පයින් ඇවිදින කොට මාව පහු කරන් ඉගිලෙන වාහන දිහා බලලා හූල්ලලා 'අනේ මට කවදා මේකක් ලබා ගන්ඩ පුළුවන් වෙයිද' කියලා හිතුණු වාර අනන්තයි.. අප්‍රමාණයි. මම ඒ චේවල් ඇයත් එක්ක නිතරම කියලා තිබුණා.
බිරිඳ මට කාර් එකක් ගැන කියන හැම වෙලේම මගේ උත්තරේ වුණේ ‘පස්සේ බලමු’ කියලයි. මම කල්පනා කළේ අතේ සල්ලි නැතිව මෙහෙම දෙයක් කරන්නේ කොහොමද කියලයි. තවම බැඳලා අවුරුද්දක්වත් වෙලා නැහැ. ඒත් ඇයගේ වුවමනාව හින්දම මට මේක ගන්ඩ සිද්ද වුණා. “බබී ඔයත් දැන් කාර් එකක අයිතිකාරයෙක්” කියලා මේක ගෙනාපු වෙලාවේ බිරිඳ මට දුරකතනයෙන් කියපු වෙලාවේ මට දැණුන සන්තෝසේ කියලා නිම කරන්ඩ බැහැ.
ලබන දෙසැම්බරයේ මම පළමු විවාහ සංවත්සරය වෙනුවෙන් ලංකාවට එනවා. එතකොට මම ඇයත් එක්ක මේකේ නැඟලා රස්තියාදුවේ යන හැටි මැවිලා පේනවා. මේකට තව අවුරුදු 4 ක් ගෙවන්ඩ තියෙනවා. ඒත් මගේ මුදල් පරිපාලනේ ඇයට දීලා තියෙන හින්දා ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අද සැප්තැම්බර් 8. ඇයගේ උපන් දිනය. 12.00 ට කතා කරලා සුබ උපන් දිනයක් පැතුවා. තාම වැටුප් ලැබුණේ නැති හින්දා මුකුත් යවන්න වුණේ නැහැ. මගේ ලඟ තිබුණු E71 ෆෝන් එක ලංකාවට ගිය කෙනෙක් අතේ යැව්වා. ( දැනට මට මගේ පරණ එක තියෙනවා). ඒක හම්බවෙලා. ඇය මට කතා කරලා කියනවා “බබී ඇයි ඔයා මට ඔය ෆෝන් එක එව්වේ. ඒක ඔයා ආසම කරන ෆෝන් එක. දැන් ඔයාට ෆෝන් එකක් නැතිව ඇති. මට හරි දුකයි” කියලා. හැබැයි එතකොට දුක හිතුණේ මට. එයාට අළුත් ෆෝන් එකක් යවන්ඩ බැරි වීම ගැන.
මට කතා කරන හැම වෙලාවකම කියන්නේ “බබී ඔයා ඔහෙට වෙලා දුක් විඳිනවා. ලංකාවට එන්ඩ. අපි පුළුවන් විදිහට ජීවත් වෙමු” කියලා. මම හිතන්නේ ඇයගේ ඒ ඉල්ලීම මට බොහොමත්ම ලඟදි ඉටු කරන්ඩ වෙයි...”
(හැබැයි දැන් ඉතින් පිස්සා වගේ පිස්සු නටපු එව්ව නම් ඉවරයි)
(හැබැයි දැන් ඉතින් පිස්සා වගේ පිස්සු නටපු එව්ව නම් ඉවරයි)
දැන් තේරෙනවා නේද හෙඩින් එකෙයි... ෆොටෝ අතරයි තියෙන සම්බන්ධය.... අපි තවම ජීවිතේ පටන් ගත්ත විතරයි.. තව ගොඩක් දුර යන්ඩ තියෙනවා.. මන් දන්නවා ඒ කාලයේදී මගේ බලාපොරොත්තු හැම එකක්ම ඉටු කර ගන්ඩ මගේ බිරිඳ පිටිපස්සේ ඉඳන් නෙමෙයි.. ඉස්සරහා ඉඳන් මාවත් ඇදගෙන යයි කියලා...
ජීවිතේ කඩලා දාලා.. කබාසීනියා කරලා.. නැතිම කරලා දාන කෙල්ලෝ අතරින් (මගේ බ්ලොග් එකේ යෙහෙළියනේ... ඔයාලා නෙමෙයි...) මගේ බිරිඳ වගේ ආදරේ කරන්න දන්න, ගුණ යහපත්, මිනිහෙකුට දියුණු වෙන්න උදව් දෙන, දුකේදිත් සැපතේදිත් හැම මොහොතකම ලඟ ඉන්න බිරිඳක් හොයා ගන්න ලැබෙන කොල්ලෝ වාසනාවන්තයි කියලා මගේ මේ කෙටි සටහන නවත්වන්නම්....
(අපේ තනිකඩ කොල්ලෝ හැමෝටම යම් දවසක මෙවැනි බිරිඳක්ම ලැබේවා කියලා පතනවා..)
ප.ලි./ දිග වුණත් කොටස් වශයෙන් දැම්මොත් මේකේ නියම වටිනාකමට හානියක් වෙන හින්දා සම්පුර්ණම දැම්මේ. අමාරුවෙන් හරි මේක කියෝපු ඔයාලා හැමෝටම .... බොහොම ස්තූතියි .......
එළකිරි... ජීවිතේ ඔහොමයි... මමත් ජීවිතේ වැදගත් සහ භයානක තීරණ ගොඩක්ම ගත්තෙ බිරිදගෙ තිබ්බ තේරුම් ගැනීමේ හැකියාව නිසා ජීව්... ඒ අතින් නම් මමත් අතිශය වාසනාවන්තයි....
ReplyDeleteමගේ ආදරවන්තියත් එක්ක මාත් ලස්සණ ජීවිතයක් ගත කරන්න ආසාවෙන් ඉන්නේ.අයියෙ ඔයා ජය
ReplyDeleteහරි ලස්සන කතාවක්. ඒ හොඳ අක්කාපොඩ්ඩට මම සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.ඔයාලා ජීවිතේ පියවරෙන් පියවර ඉදිරියට යන හැටි මටත් කියන්න. අපිට ඉදිරියට ඒවාගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteඔක්කොටම කලින් ඔන්න පිස්සගෙනුත් උනුසුම් සුබ පැතුම් උපන්දිනයට ජීව් ගෙ වයිෆ් අක්කගේ... ( අක්ක වෙන්න ඕනි මයෙ හිතේ... )
ReplyDeleteඔහොම කෙල්ලො හම්බෙන්නෙ හරිම කලාතුරකින් බොල... ඒ අතින් උබ වාසනාවන්තයි. ජීවත් වෙන්න සල්ලි ඕනි තමා මචන්.. ඒත් දෙන්න දෙපලක ඉන්න එපා බන්. එක්කො උබ ලංකාවෙ රස්සාවක් කරපන්. නැත්තම් අක්කව ඔහෙට ගනින්.
උබලට සුබ පතනවා. ජය.
පිස්ස කිව්වට විශ්වාසයක් නැහ. ඒ උනාට ඩෝන් ගාල ගොහින් එන්න බැරි නැහ ලංකාවට. එහෙම උනොත් හමු වෙමු.
හදවතින්ම සතුටු වෙනවා උඹේ සාර්ථකත්වය ගැන. ඒ වගේම බොහොම ආදරනීය සටහනක්.
ReplyDeleteඋඹල දෙන්නට මට හැකි උපරිම විදිහට සුබපතනවා...
@අභීත.
ReplyDeleteකවුදෝ කට කහන එකෙක් කියලා තිබුණා ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිග කියලා. ඒත් දැන් බලද්දි එයලට හොඳ බුද්ධියක් තියෙනවා කියලා තේරෙනවා.
ඔයාලා දෙන්නටත් සුභ පතනවා...
මචෝ උඹ ලින්ක් කරල තියෙන එකා මකර නෙවෙයි මාරයා...
ReplyDeleteඔබේ දයාබර බිරින්දෑට මගෙනුත් සුභ පැතුම්, ඒ වගේම වාසනාවන්ත යුග දිවියකටත්!!!!!!!!!!!!!!
ReplyDeleteඅර පිස්සා මල්ලී කිවා වගේ දෙන්න එක තැනක ඉන්නවා නම් තමයි හොඳ. රජයේ රැකියාවක් ( ගුරු වෘත්තිය ) පැත්තකට දාලා තමයිමමත් අද මේ මහත්තයා එක්ක නොරටක ඉන්නෙ, සල්ලි වලට වඩා ගෙවෙන කාලය වටින නිසා,, කල්පනා කරලා බලන්න, ජයවේවා!!!!
ආ,,,,,, අර උන්නැහේ කිව්වා හරි විරහ ගී කියන්නෙ "මාරයා", "මකරා" නම් මේ දවස්වල තැවෙන්නෙ ලංකාවෙ ගෑස් මිල ගැන! :D
මචන් උඹ මාර වාසනාවන්තයෙක්. ආයෙ කවදාවත් වරදින්නේ නෑ. දෙදෙනාටම ජය වේවා. හරිම සංවේදී සටහනක්. අපි කාගෙත් බලාපොරොත්තුව වෙන්න ඕන මේවගේ ගතිගූන තියන බිරිඳක් තමා. ඇයට මගෙනුත් සුභ උපත් දිනයකට ආසිරි.
ReplyDeleteමම අදමයි මේ පැත්තට ආවේ. පරණ පොස්ට් ටිකත් කියවලා බලන්න ඕන. මටත් Discover එකනම් තියනවා ඉතිරියත් ඔබට වගේ ලැබුනොත් මාර වාසනාවක් වෙයි. කාර් නම් නැතත් මොකෝ හොඳ බිරිඳක් ඉන්නවනම් නේද?
ඔයාගේ බිරිඳට සුභ උපන්දිනයක් මළේ . ..
ReplyDeleteමේ කතාව හරිම සංවේදී ලස්සන පෙම් පුවතක් . . ..
මගේත් සුභ පැතුම් ඔයාලා දෙන්නාගේ යුග දිවියට . .. .
අක්කට සුභම සුභ උපන් දිනයක් වෙන්න කියල පතනවා..........
ReplyDeleteඔය දෙන්නටත් සුභ පතනවා.......
අයියා වගේම අක්කත් හරිම වාසනාවන්තයි කියලා මේ ලිපිය කියවන ඕන කෙනෙක්ට දැනෙනවා.............
මචං උඹලට වරදින්නෙ නැහැ බං......
ReplyDeleteමමත් මේ ගෙවන්නෙ පිට රටක ඉන්න අවසාන මාස 2. මගෙ බිරිඳත් දරු පැටියෙකුත් එක්ක ලංකාවෙ. උඹ කිවුව වගේම අපි මේ වෙන රටකට වෙලා කන කට්ට නිසා ඇති වෙන මානසික පීඩනේ නැති කරන්නයි, හම්බ කරන සල්ලි අරපරිස්සමෙන් ඉතුරු කරන්නයි හොඳ බිරිඳක් ඉන්නවනම් විතරයි පුලුවන්...... මටත් සතුටුයි ගොඩාක් එයාගෙන් මට ලැබූන සහය ගැන.....
උඹේ අවංක අදහස් දැක්වීමත් මම අගේ කොරනව මචෝ.........
අක්කාගේ උපන්දිනේට් සුබ පතනවා.. ඒ වගේම ඔයාලගේ සාර්ථක දිවියටත් සුබ පතනවා...
ReplyDelete@පුබුදුවා
ReplyDeleteඑහෙමනම් ඔය දෙන්නට අපේ සුබ පැතුම්. හැමදේම කරද්දි හොඳට කල්පනා කරලා, කතා බහ කරලා වැඩ කරන්ඩ. පොඩි අවිශ්වාසයක් හරි ඇතිවුණොත් ප්‍රශ්න පටන්ගන්නේ. ඒ හින්දා ඒ තත්ත්වේ ඇති නොවෙන්ඩ ජීවත් වෙන්ඩ..
අපි ඕන වෙලාවක ඉන්නවා පුළුවන් විදිහට උපදෙසක් දෙන්ඩ...
@ප්‍රාර්ථනා,
ReplyDeleteස්තූතියි අපේ ගෙදර ආවට වගේම සුභ පැතුමට. මම ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ මේ බ්ලොග් එකෙන් ජීවිතයට පාඩමක් ගන්න පුළුවන් දේවල් වැඩියෙන් දාන්න. පුලුවන් වෙලාවට ඇවිත් බලලා යන්න.
@පිස්සෝ..
ReplyDeleteඅම්මප උඹ කොයි වෙලේ එයිද කියලා මේ බල බල හිටියේ. තැන්කියු මචෝ සුබ පැතුමට.
කොහොමත් දෙසැම්බර් ගිහින් ඇවිත් ලබන ජූලි වෙනකල් මෙහෙ ඉන්න වෙනවා. ඊට පස්සේ අනිවා ලංකාවේ පදිංචිය. කෝකටත් මේල් එකක් එහෙම දාපන් ලංකාව පැත්තේ කැරකෙන කාලෙට. උඹලගේ මූණත් තහඩු ටික Save කර ගන්ඩත් එපායෑ..
@උන්නැහේ (පිලේ පැදුර)
ReplyDeleteබොහොම ස්තූතියි උන්නැහේ. මේ සටහන වගේම උඹ, මම ඇතුළු අපි හැමෝගෙම ජීවිත ආදරණිය ගත වෙන්ඩ ඕනා කියලා මමත් ප්‍රාර්ථනා කරන්නේ..
ඔහෝ.. පොඩි වැරදීමක්... ඇත්ත නේන්නම්..නම වැරදිලානේ. ඔන්න දැන් හරි. මාර ගොයියනේ මේ දවස් වල අඬ අඬ ඉන්නේ. ඔය පොඩ්ඩක් ඇඬුවට ඌටත් අනිවාර්යයෙන්ම හොඳට හිනාවෙන්න පුළුවන් දවසක් එනවා..
@ හරී
ReplyDeleteබොහොමත් ස්තූතියි. තවම උත්සහ කරනවා ඇයව මගේ ලඟට ගන්න. එහෙම බැරිවුණොත් කෙලින්ම ලංකාවේ. දෙන්නා තුන්දෙනා වෙන්නත් එපායෑ..
හික් හික්...
ම්ම් පොඩි වැරදීමක් වුණා තමා. මොකෝ මකරා ෂෙල් එකේ හරි ලාෆ් එකේ හරිද වැඩ කරන්නේ. මෙහෙන් නම් අඩුවට ගෑස් ටිකක් දෙන්න තිබුණා මොකක් හරි බෝතලයක්වත් අරන් ආවනම්. (ලංකාවේ මුදලින් රු. 450 වෙන්නේ)
@priyantha.ඒබී
ReplyDeleteබොහොම ස්තූතියි මචෝ...
මේ වගේ බිරිඳක් ලැබුණොත් ඉතිං නිධානයක් හම්බවුණා වගේ තමයි. සමහර විට බෙන්ස් එකක යන්ඩ වරම් ලැබෙයිද දන්නෙත් නැහැ... හික් හික්..
ඒ වගේම තමයි එයාගේ අම්මයි තාත්තයිත්. උඹලා හැමෝටම එහෙම වෙන්න කියලා පතනවා. පුළුවන් හැම වෙලාවකම වරෙන්. පිස්සා.. ගඩොල් මලයා වගේ කට්ටිය අපිව හිනස්සන්න ඉන්න එකේ අපි අවවාද අනුසාසනා ටිකකුත් දැම්මම මොකෝ නේ..
@ දුකා,
ReplyDeleteස්තූතියි දුකා අයියේ..
මට තවම හිතාගන්න බැහැ මේවා සිද්ද වෙන්නේ හැබැහින්ද කියලා. ඒ තරමට පුදුමයි..
නිවාඩු වෙලාවට ඇවිත් යන්න එන්න.
@ හා පැටික්කි..
ReplyDeleteමොකෝ මේ ටිකේ බ්ලොග් එකේ දූවිලි පිරිලා.. මකුළු දැල් බැඳලා...
අබාගෙත් ඉවර හින්දා දවසම නිදියනවද..?
ස්තූතියි සුබ පැතුමට..
ඔය ටික මටත් ඉඳ හිට කල්පනා වෙනවා නඟේ.. හික් හික්..
වැඩ පාඩු කරගන්නේ නැතිව ඉඳහිට ඔළුව දාලා යන්න එන්න..
@ කංචු..
ReplyDeleteස්තූතියි මචං..
මටත් සතුටුයි උඹේ ජීවිතේ ගැන. තමන්ට ආදරේ කරන වගේම බුද්ධිමත්ව හිතන බිරිඳක් ඉන්න තැන මිනිහෙකුගේ ජීවිතේ සාර්ථක වෙනවා. උඹටත් ඉක්මනින්ම ලංකාවට ගිහින් පුංචි පවුල ටිකක් දරුණු කරගන්ඩ ලැබේවා කියලා පතනවා.
ස්තූතියි හසී නඟේ...
ReplyDeleteඔයාලගේ ජීවිතත් මගේ බිරිඳගේ ජීවිතේ වගේ වුණොත් කවදහරි තවත් කෙනෙක් මේ වගේ බ්ලොග් පෝස්ට් එකකින් මේ ජාලේ හැඩ කරාවි.
සුබ පැතුම් ඔයාලගේ ජීවිත වලටත්..
බොහෝම ස්තුතියි අපිට අයියලගේ උපදෙස් මාර වටිනවා.අනේ මට අමතක උනානේ අක්කට සුභපතන්න උපන් දිනේට.සුභ උපන් දිනයක් වේවා අක්කේ
ReplyDeleteබිරිඳට සුභ උපන් දිනයක් වේව කියලා ඉස්සල්ලාම කියනවා. අලුත් කාර් පොඩ්ඩ ලස්සනයි. සතුටයි ඉහළම ධනය.
ReplyDeleteකතාව මගේ හිතේ වදින්න ඕනිම තැනට වැදුනා.
මමත් තව මාස 3ක් බලාගෙන ඉන්න ඕනි කුරුල්ල එනකං එක කූඩුවකට යන්න. ඒ මාස 3 අපි දෙන්නටම කල්පයක් වගේ.
ඔබ දෙපලට සොඳරු අනාගතයක් ප්‍රාර්තනා කරනවා.
@පුබුදුවා,
ReplyDeleteඅපිත් ඉතින් වැඩිය දේවල් දන්නේ නැහැ. ඒ වුණාට අපි ඉන්න පරිසරය, සමාජය අපිට ගොඩක් දේවල් උගන්වනවා. කට්ට අව්වේ චාටර් කාපු කාලා, බස් එකට සල්ලි මදි වෙලා කිලෝමීටර් ගණන් පයින් ගිහින්, අසනීපයකට බෙහෙතක් ලඟට දෙන්න කෙනෙක් නැතිව ඇඳට වෙලා හූල්ල හූල්ල ඉඳලා අපි ජීවිතේට ටිකක් හරි පන්නරයක් ලැබුවා...
ඒ අත්දැකීම් වලින් තමයි ඉතින් අපිටත් මොනව හරි උපදෙසක් දෙන්න පුළුවන් වෙන්නේ..
@ Naදී ,
ReplyDeleteඑහෙනම් දැන් අතේ ඇඟිලි වලට නිවාඩුවක් නැතිව ඇති මගෙ හිතේ.. දවස් ගණන් කරලා.. ඔය මාස තුනත් ඉක්මනින් ගත වෙලා අළුත් කූඩුව හදා ගන්නට අපි දෙන්නා සුභ පතනවා. හොඳ බිරිඳක් වෙලා ඒ කුරුල්ලාට හැමදාම ආදරෙන් ඉන්න. මොන ප්‍රශ්නේ ආවත් දෙන්නා එකට බැඳිලා ඉන්නවා නම් ඕන දේකට බය නැතිව මුහුණ දෙන්න පුළුවන්....
ස්තූතියි ඔබට..
ජය ........... සුබ පෑතුම් සොදුරු දිවියකට.
ReplyDeleteමට තෙරෙනවා හොඳට උඹ කියන දේ
හ්ම්ම්ම් මටත් ඔය වගේම බිරිඳක් ඉන්නවනෙ.
@nish,
ReplyDeleteඑහෙනං උඹත් වාසනාවන්තයි....
හැමදාම හොඳින් ජීවිතේ ගත කරන්ඩ වාසනාව ලැබේවා කියලා පතනවා.
බොහොම ස්තූතියි උඹට..
මටත් මේ කතාව වදින්න ඕන තැනටම වැදුණා...
ReplyDeleteසමහර වෙලාවට සැබෑ ජීවිතේ සිදූවීම් සිහිනයක් වගේ දැනුණත් ඒවා හරිම සුන්දරයි...
උඹට තියෙන්නේ හරිම සුන්දර ආදර කතාවක්!
සොඳුරු ජීවිතයකට සුබ පතනවා සහෝ මට හැකි උපරිමයෙන්ම...
@ sansarasidu,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සහෝ..
මං මට දැනෙන හැම දෙයක්ම මේ බ්ලොග් එකෙන් දාන්නයි හිතන් ඉන්නේ.. සමහර විට ගොඩ දෙනෙක්ට ඒවා ප්‍රායා්ජන වෙන්නත් පුළුවන් නේද..?
Niyamai aiya... sorry anon comment ekata.. mama tama marry karala na.. but ape dennat oya wagema story ekak teyanawa.... neeteyen marry karala nate wonata ... api hit walin marry karala ewarai... (mamat oya wagema tamai.. car ekak gatta..apet.. shoke next year marry karanawa aiya)
ReplyDeleteGood luck for your family life and both of you..
Aththatama lassanai liyala thiyena widiya...oyage wife godak lucky eyawa godak agaya karana kenek labuna nisa..congratz for both of you...
ReplyDeleteයහපත් අනාගතයක් වේවා ඔය දෙන්නාටම...............
ReplyDeleteදෙන්නටම අනාගතේ වෙනුවෙන් සුභ පතනවා....
ReplyDelete