ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, September 13, 2010

බටගම සීරිස් - හඳට පොළු ගැසීමේ කතාව

හොඳ නින්දක් දාලා නැඟිට්ට වෙලාවේ කල්පනා වුණා මේ දවස් දෙකේ කිසිම පෝස්ට් එකක් දැම්මේ නෑ නේද කියලා. රාමදාන් හින්ඳා දවස් 3 ක නිවාඩුවක් තිබුණා. තේරුමක් ඇති වැඩකට කළේ රූම් එක මොඩිෆයි කරපු එක විතරයි. ‍ඒවා පැත්තක තියලා බටගම සීරිස් එකේ තුන්වෙනි කතාව දාන්න ඕනා කියලා හිතුණා. පළවෙනි ‍සහ දෙවෙනි කතා මෙතනින් බලන්න පුළුවන්
- පළවෙනි බටගම කතාව : කොඩි ගහේ කතාව (අන්තිම පේලිය බ්ලොගය විසින් පල කරන ලදී)

පිස්සා අහලා තිබුණු හඳට පොළු ගහපු කතාව තමයි බටගම කතා මාලාවේ තුන්වෙනි කතාව. අපේ මැරුණු සීයාගේ පිහිටෙන් මේ කතාවත් ලියන්නම්.


                      අපේ සීයා ඉලන්දාරි කාලේ හොඳ ශක්තිවන්තයා. බටගම පීටර් අයියා කියපුවහම අහල ගං හතක නොදන්න කෙනෙක් නැහැ. කාට හරි සැකයක් තියෙනවනං දැන් වුණත් ගිහින් ගමේ කාගෙන් හරි අහලා බලන්න පුළුවන් මම කියන්නේ බොරුවක්ද කියලා. (එහෙම කිව්වයි කියලා කවුරුත් අහන්ඩ එහෙම එපෝ..)
                      ඒ වගේම යකෙක්ටවත් බය නැති ඕනෑම දෙයක් කරන්ඩ ඕන කියලා හිතුණොත් කරන ජාතියේ මනුස්සයා. සීයාගේ ගමන් වැඩිපුරම තිබුණේ රෑ කාලෙට. කුඹුරු ටික පැත්තේ ඇවිදලා විපරම් කරලා එළවලු  කොටුවට හොරු පනීද කියලා පොඩි සෝදිසි පාරක් දාලා කොහෙන් හරි පොඩි දඩයමක් හොයා ගන්න පුළුවන්නම් ඒකත් කරගෙන තමයි මහ රෑ ජාමේ ගෙදරට ගොඩ වෙන්නේ.
                      එයාගේ හොඳම සගයා තමයි 'ජුවන්' කියන්නේ. ඔය කියන ඕනෑ දේකට තකට තක වගේ සිටියේ ජුවන් තමයි. සීයා කොහේ යනවද ජුවනුත් එයාගේ පස්සේ මැරෙන්ඩ හරි යනවා. ඒත් පොඩි අවුලකට ති‍බුණේ ජුවන් මං වගේම පොඩ්ඩක් මෝඩ පහේ මනුස්සයෙක් වීම තමයි.
ඔය ජුවන් කියන හාදයාව අඳුන ගන්න තියෙන හොඳම විදිහ තමයි අතේ හැම වෙලාවෙම තියාගෙන යන මහත දිග පොල්ල. ඕක හොඳ හයිය තියෙන ගොරකා පොල්ලක්. කාත් එක්ක හරි කො‍ක්කකට සෙටි වුණත්, දඩයමකට වුණත්, රෑට සතා සරුපයාගෙන් බේරෙන්න වුණත් පිහිටට හිටියේ ඔය ගොරක පොල්ල තමයි. මට නම් ඕක උස්සාගෙන අඩි දහයක්වත් යන්ඩ බැහැ.
                      මේ කියන කතාව සිද්ද වුණේ ඔය මහ රෑක දෙන්නත් එක්ක රවුමේ යන අතර තුරේ. මේ කාලේ කාලගුණේ පොඩ්ඩක් වැහි බර වෙලා තිබිලා තියෙන්නේ. පෝයකුත් කිට්ටුව හින්දා හඳ තිබුණත් වැහි වලාකුළු වලින් නිතරම හද වැහිලා තිබිලා තියෙන්නේ. ඉඳහිට හඳ මාමා වැහි වලා යටින් එබිල බලනවළු. ‍එදා දෙන්නා එළියට බහිද්දි වළාකුළු ටිකක් එහෙ මෙහෙ වෙලා හඳ පේන්ඩ තිබිලා තියෙන්නේ. දැන් දෙන්නත් එකක් වෙල දිගේ ඇවිදගෙන එනවළු. එන ගමන් ජුවන් ඇහුවළු අපේ සීයාගෙන් "පීටර් අයියේ.. අද නං හඳ ලස්සනට පායලා තියෙනවා බං" කියලා.
සීයත් වැඩි කතා බහක් නැති මනුස්සයෙක් හන්දා "හ්ම්" කියලා.
                      ආයෙම ජුවන් අහනවළු "පීටර් අයියේ .. හඳ හැදිලා තියෙන්නේ මොනවා වලින්ද..?" කියලා. ඒ කාලේ නීල් ආමස්ට්‍රෝං හඳට ගිහින් තිබුණෙත් නැති හින්දා සීයා ඒකට හරි උත්තරේ දැනගෙන ඉන්ඩ නැතුව ඇති. ඒ හින්දා සීයා විහිලුවට වගේ කිව්වළු "මං දන්නේ නැහැ බං.. සමහර විට ඔච්චර ලස්සනට රවුමට, කහ පාට තියෙන හන්දා කේජු වෙන්ටත් ඇති" කියලා. කේජු කියන්නේ චීස් වලට කියලා මමත් මේ ලඟදි තමා දැන ගත්තේ. ආයෙම ජුවන් අහනවළු "පීටර් අයියේ අපිට ඕක කාල බලන්ඩ බැරි වෙයිද..?  කියලා. සීයත් ගත් කටටම කිව්වළු "ඔච්චර ඕනෙම නං ඉතින් ඔය අතේ තියෙන පොල්ලෙන් ගහලා වට්ටපන්" කියලා.
                      සීයාගේ උපදෙස ගැන ජුවන්ටත් මාර සන්තෝසයි. ජුවනුත් සීයගේ ටිකිරි මොලේට පින් දීලා මුලු ඇ‍ඟේම තියෙන වීරිය අරගෙන ගැහුවළු අර ගොරක පොල්ලෙන් හඳට. හපොයි වෙච්ච විනාසයක්..... මෙච්චර වෙලා කිරි පාටට බැබළි බැබළි තිබුණු හඳ වැටුණළු බිමට. ජුවන් කැ ගහනවළු "වැඩේ හරි පීටර් අයියේ.. හඳ බිම.. හද බිම" කියලා. කතාව ඇත්ත. මුළු පළාතම කළුවරයි. දැන් ඉතිං කළුවරේම දෙන්නත් එක්ක වැටිච්ච හඳ හොයන් යනවළු. හඳ ආකාසේ තිබුණ නං හඳ එළියෙන්වත් හොයා ගන්ඩ තිබුණා. ඒත් දැන් ඒ හඳ බිමට වැටිලනේ.....
                      කළුවරේම ඔහොම ඉස්සරහට යනකොට අපේ සීයා දැක්කළු ගොම ගොඩක්. සීයා මොකද කළේ, ජුවන්ට පෙන්නුවළු මේ ගොම ගොඩ. පෙන්නල කිවුවළු "ජුවන්.. අන්න අතන හඳ වැටිලා වගේ පේනවා. මේ කළුවර හින්දද කොටහද කළු පාටට පේ‍න්නේ" කියලා. ජුවනුත් මොකද කළේ පුලුවන් තරම් ඉක්මනට එතනට දුවගෙන ගිහින් හ‍‍‍ඳේ පැත්තකින් කෑල්ලක් කඩාගෙන කාලා බැළුවළු. කාලා කියනවළු "ඈ බං පීටර් අයියේ.. උඹ කිවුවනේ හඳ හැදිලා ඇත්තේ කේජු වලින් කියලා. ඒත් මේක ඇඹුල් නේ" කියලා.
                      සීයත් හිනා වෙලා කිව්වළු "අනේ ජුවනෝ... උඹ අර අතේ තිබුණු ගොරකා පොල්ලෙන් නේද හඳට ගැහැව්වේ. ඉතිං ඕක ඇඹුල් නොවී තියෙයි ද..." කියලා. කතාව ඇත්තනේ. හඳ කේජු වුණත් ගොරකා පොල්ල වැදුනම ඇඹුල් වෙන්න ඇති. ඕන් මම නං ඔව්වා දන්නේ නෑ...

ප.ලි./ එදා වෙලා තියෙන්නේ හඳ වැටුණු එක නෙමෙයි. වැහි වළාකුලකින් හඳ වැහිලා. (මේක දැම්මේ මොකද වුනේ කියලා ඔයගොල්ලන්ටත් නොතේරුණ හින්දයි). ඊට පස්සේ දවස් ටිකේම වැස්ස හින්දා හඳ තිබිලා නැහැ. ටික දවසකින් හඳ පළුවක් පේන්න තිබුණළු. "ජුවන්, සීයට කතා කරලා කියනවළු "පීටර් අයියේ.. අර බලපන්. මං අර හ‍‍‍ඳෙන් කාපු කෑල්ල අඩුවෙලා බන්... අපරාදේ" කියලා....
මගේ දයාබර පාඨකයෝ එහෙම හඳ බිම වැටිලා තිබුණොත් කන්න එපා හො‍ඳේ.....

19 comments:

  1. ඔය කතාවම මම අහල තියනවා මතුගම පැත්තේ ගමක් සම්බන්ධ කරලා. තව පුවක් ගස් පන්දමක කතාවකුත් තියනවා. මම හිතන්නේ බයිට් එකකට ගන්න ඕනා උනාම ඕනෑම ගමකට අල්ලලා කියපු කතා සෙට් එකක් තමා මේක.

    ReplyDelete
    Replies
    1. ආන්න හරි , මේ කතාව විතරක් නෙමේ අනිත් කතාත් ගම් හතර පහකට කියනවා ..ඒකට හේතුව ගමක එක සිදුවීමක් උනාම අර කතන්දර ඔක්කොමත් ඒ ගමටම එකතු කරනවා..ඔය ගොඩාක් කතන්දර ඇත්ත ඒවා නෙවේ.. මහදැන මුත්තාගේ කතන්දර වගේ මිනිස්සු නිර්මාණය කරපු ඒවා ,
      බටගමට නම් ඔය කතන්දර ඈදන්න හේතුව බස්නාහිර පළාතේ විශාලම ගම්මානය වෙච්චි බටගමේ, දියුණුව දරාගන්න බැරිවෙච්චි වෙනත් ගම පාලකයන්ගේ ඉරිසියාවේ ප්‍රතිපලයක් ලෙසලු ..

      Delete
  2. මේව ඕන ගමකට සම්බන්ධ නෑ. ඔය බටගම ගැන නම් මමත් ඇහුවේ මේ කතා වලින්. ඔය කතා මම අහල තියෙන්නේ තුම්පනේ සම්බන්ධ කරගෙන. ඔය වගේ කතා ඇත්තේ ගම් කිපයක් සම්බන්ධයෙන් වෙන්න ඕන. හොඳට කතාව චරිත එක්ක සම්බන්ධ කරල ලියල තියනවා.
    සීය කොයි කාලෙද ඔය කතා කීවේ. බැලුවාම සීය තමයි සීය.

    ReplyDelete
  3. මමනම් අදමයි ඇහුවේ. මර් කතාව. මර් සීයා.

    ReplyDelete
  4. ඔය කතා මම නං අහල තියෙන්වේ බලදොර කියන ගමේ උනා කියලා

    ReplyDelete
  5. ඔය කතාව කලවාන සම්බන්ධ කරගෙන අහල තියනව.කලවානෙ ඉදල රත්නපුරෙ පන්ති එන ලමයින්ව බයිට් කරන්න ඔය කතාව කියනව.තව සීනිබෝල හිටවපු කතාවක් සහ මුට්ටියෙන් අමුඩ ගහන කතාවකුත් කියනව

    ReplyDelete
  6. බොලයි සීය තමා සීයා... උබට ලස්සනට ලියන්න පුලුවන්නෙ බන්... ඇත්තටම එළට ලියනවා.

    ReplyDelete
  7. @sameerausa,
    තව එකක් දෙකක් තියෙනවා. ඇවිත් බලලා යන්නකෝ..

    ReplyDelete
  8. @ Ran,
    @ priyantha.ඒබී,
    @ ඉන්දික සඳරුවන්,
    වෙන්න පුළුවන්. මේ වගේ කතා ඔය වගේ තෝරා ගත්තු ගම් කිහිපයකටම සම්බන්ධ කරලා තියෙනවා. මම මේ වෙනකල් දැනගෙන හිටියේ බටගමයි, තුම්පනේයි සම්බන්ධ කරලා තියෙන බව විතරයි. අපි නොදන්නවා වුණාට තව ගම් තියෙන්න පුළුවන්නේ...
    හැබැයි අපේ සීයා ජීවත් වෙලා හිටියනම් උන්දෑට මේ කරලා තියෙන අපහාස වලට මාව උල තියනවා. කොහොම වුණුත් තුන්දෙනාටම බොහොම ස්තූතියි මේවා කියෝලා ලේ ටික පිරිසිඳු කරන් යනවට..

    ReplyDelete
  9. @Naදී,
    Jeew ගේ සීයා නේ. මර් සියා නොවී තියෙයිද..?

    ReplyDelete
  10. @ තීර්ථ යාත්‍රිකයා,
    බලදොර තියෙන්නේ මොන පැත්තෙද..? මම නම් ඒ පැත්ත ගැන දන්නේ නැහැ...

    ReplyDelete
  11. @ පිස්සා පලාමල්ල,
    උඹ ලියන්ඩ ගනින් කිව්වේ නැත්නම් මම තාම කල්පනා කර කර ඉන්නවා අනිත් අයට ‍කමෙන්ට්ස් කර කර....
    අර කසූ දවසක් කිව්වා වගේ කල්පනා කරන්ඩ නියම තැන තමයි නාන කාමරේ... ටික වේලාවක් ඉන්නකොට මරු අදහස් එනවා බං...

    ReplyDelete
  12. ෂහ් ලේසි නෑ ආ...
    ජීව් අයියත් ඇවිල්ල හඳට පොලු ගහපු පරපුරක කොල්ලෙක් ඈ...

    අද මං එනකොට හඳ බිම වැටිල තියෙනව දැක්කා...
    ඕං මං නම් කන්න ගියේ නෑ... හරිය...

    ReplyDelete
  13. @ sansarasidu,
    මල්ලිටත් එහෙනං තේරුණා...

    ReplyDelete
  14. අපූරුයි බන් . . .

    නියමෙට මේකත් ලියලා තියෙනවා. . .

    ඒක නෙමෙයි උඹත් වැරදිලා හරි වේලිච්ච ගොම කෑල්ලක් කාලා තියෙනවා ..

    නැති නම් කොහොමෙයි දන්නේ ජුවන් සීයා හඳ ඇඹුල් රහයි කියලා කෑවේ ගොම කියල . .

    දීපන්කෝ උත්තර . . හික්ස්

    ReplyDelete
  15. අද මට හරි සතුටුයි... ලාස්ට් රෝව් එකේ බටගම කතාව ලිව්වේ මම... දැන් තව දකින්න කියවන්න හම්බුනා..... එල එල... හැබැයි අපේ නැන්ද එහෙම දැක්කොත් මල හත් ඉලව්වයි.... !! කීප් it up සහෝ !!

    Guilya Alias කතන්දර ආතා !

    ReplyDelete
  16. @ දුකා,
    අපි කොහොමත් ගොම කනවා වගේ වැඩ කරන මිනිස්සුනේ දුකා අයියේ... කවදත් ඇඹුල්ම තමා කන්නේ..
    හික්..

    ReplyDelete
  17. @Guilya Alias කතන්දර ආතා,
    හරි හරි.. දන්න ටික දාන්නම්කෝ... ආහ්.. මේ නැන්ද‍ට එහෙම පෙන්නන්න එපා. මටත් ගොරක පොල්ලකින් තමයි කන්න වෙන්නේ...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails