ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, September 25, 2010

කෙටිම කෙටි කතාවක් 1

ඔන්න එකමත් එක කාලෙක......... බොහොම බලවත්, වශාල රටක් දැහැමෙන් සෙමෙන් පාලනය කරපු රජ කෙනෙක් හිටිය (ළු).
                                    මෙන්න රජතුමා ගැන කෙටිම කෙටි හැඳින්වීමක්..... මේ රජ බොහොම අවංකයි. නීති ගරුකයි. කිසිම වෙලාවක වැරුද්දකට ඉඩක් තිබුණේ නැහැ. වැරුද්දක් දැක්කොත් කාට වුණත් දඬුවම් අනිවාර්යයි. දෙයක් කිව්වොත් කිව්වමයි (මං වගේ). අනිවාර්යයෙන්ම කරනවා. කිසිම දවසක පොරොන්දු කඩ කෙරුවේ නැහැ. ඒ හින්දා මේ රටේ කිසිම වෙලාවක ප්‍රශ්න තිබුණේ නැහැ. 
                                    දවසක් මේ රජතුමාගේ මාළිගාවේ ලොකු උත්සවයක් තිබුණා. මේ උත්සවයට අසල රටවල් බොහොමයක රජවරුන්ටත් ආරාධනා ලැබිලා ඇවිත් තිබුණා. මේ හැමෝම ඉස්සරහ ලස්සන තරුණියෝ දහ දෙනෙක් අපූරු නැටුමක් ඉදිරිපත් කළා. හැමෝම කටවල් ඇරගෙන මේ නැටුම දිහා බලන් උන්නා. ඒ නැටුම එතරම්ම ලස්සනයි. නැටුම අවසානයේ රැස්වෙලා හිටපු හැමෝම මේ නැටුම ඉදිරිපත් කරපු තරුණියන්ට ප්‍රශංසා කෙරුවා.


                                    රජතුමාටත් බොහොම සන්තෝසයි තමුන්ගේ රටට ආපු අමුත්තන් ප්‍රීති වීම ගැන. ඉතිං රටේ රජතුමා මේ අයට ප්‍රශංසා නොකෙරුවොත් ඒක බොහොම බරපතල වරදක්නේ. ඒ හින්දා මේ රජතුමා නැටුම් ඉදිරිපත් කරපු තරුණියන්ට කිව්වා "මේ මාලිගාවේ තියෙන දේවල් වලින් තමන් කැමති ඕනෑ එක දෙයක් අල්ලන්න. ඒ දේ තමුන්ට තෑගි දෙනවා" කියලා. මේ කණ්ඩායමේ තරුණියෝ 9 දෙනෙක්ම මාලිගයේ විවිධ තැන් වලට‍ ගිහිල්ලා එක එක දේවල් ඇල්ලුවා. සමහරුන් ඉතා වටිනා මැණික් ගල්, තවත් සමහරුන් වටිනා සමරු වගේ දෙවල් ඇල්ලුවා. රජතුමා පොරොන්දු වුණු විදිහට මේ හැම දෙයක්ම ඒ ඒ අයට තෑගි දුන්නා.
                                    ඒත් අවසාන තරුණිය විතරක් කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ. රජතුමා ඇගෙන් ඒ ගැන විමසුවා. "ඇයි මේ මාලිගයේ තිබෙන දේවල් වලින් කිසි දෙයක් අවශ්‍ය නැද්ද...? මම පොරොන්දු කඩ කරන රජෙක් නෙමෙයි. ඒ හින්දා තමන් අල්ලන දේ අනිවාර්යයෙන්ම තමුන්ට ලැබෙනවා".
                                    ඇය කිව්වා "නැහැ රජතුමෙනී, ඔබ තුමා ගැන සැකයක් නෙමේ. ඒත් මම කැමතියි කියලා හිතන දේ අල්ලන්න මම කැමති නැහැ" කියලා. රජතුමාට ටිකක් කේන්ති ගියා තමුන්ගේ ත්‍යාගශිලීකම ගැන මේ තරුණිය සැලකිල්ලක් නොදැක්වීම හින්දා. ඒ නිසා රජතුමා මෙහෙම කිව්වා. "තමුන් අනිවාර්යයෙන්ම මේ මාලිගයේ තිබෙන යම් දෙයක් අල්ලලා ඒක අයිති කරගත යුතුයි. ඒක තමුන්ගේ අයිතිය. එහෙම නැතිවුණොත් මේ දේ රාජ නීතිය කියලා තමුන්ට බල කිරීමට මට අවසර තියෙනවා" කියලා.
                                    ටික වෙලාවක් මෙහෙම හිටපු මේ තරුණිය හිමින් හිමින් අඩිය තියලා රජතුමා ඉන්න පැත්තට ගියා. හැමෝම බලන් ඉන්නවා මේ තරුණිය අල්ලන්නේ මොකක්ද කියලා...
කාටද කියන්න පුළුවන්...?

බැරිම නම් හිමින් සීරුවේ පහළ පින්තූරේ බලන්නකෝ.....

රජතුමාට මොනවා නොහිතෙන්න ඇත්ද.......?



21 comments:

  1. ඇයි අරය මාළිගාව පැත්තට ගියේ.ඒක තිබ්බෙ රජතුමාගෙ ඔලු ගෙඩිය උඩ නෙවෙයිද ?

    ඒක නෙවෙයි , ඔය වගේ නීතිගරුක පොරොන්දු ඉටු කරන රජෙක් ඉන්න රටකට මටත් යන්න ඕනියෝ

    ReplyDelete
  2. අහා මකරෝ.... පොඩි අඩුවක්.. ඔන්න දැන් ඒක හැදුවා... පෙන්නලා දුන්නට ස්තූතියි...
    කොහොමෙයි මේ දවස් වල ගෑස් වල තත්ත්වේ...

    ReplyDelete
  3. රජතුමාට මොනවා හිතෙන්නද jeew අයියේ...ඕවා කලින් හිතන්න එපෑ.කොච්චර හොඳ වුනත් එයාට දුර දක්නා නුවණ නම් නෑ වගේ..කතාවේ ලස්සනම ටික ඉතිරිනේ අයියේ. ඉතින් ඊට පස්සේ......

    ReplyDelete
  4. මාත් ගියා නම් ඉල්ලන්නේ ඔටුන්නත් එක්ක රජකම තමයි....

    ReplyDelete
  5. රජතුමා ඒ ඔටුන්න දීලා අළුත් ඔටුන්නක් හදාගත්තද දන්නේ නැහැ නේද ? මොනවා වුණත් කියන්න පෙර සිතා බලනු කියලා තමා කියන්න තියෙන්නේ.

    ReplyDelete
  6. රජා කුඩු කෑව වගේ ඇති හි හි...

    ReplyDelete
  7. රජාට පුතෙක් ඉන්න ඇති නේද මම හිටියා නම් අල්ලන්නේ අන්න එයාව.... හි හි...
    :P

    ReplyDelete
  8. @හසී රන්..ඔයාගෙ කටට නම් රත්තරන් වක්කරත් මදි අනේ...!අන්න ඉතිරි ටික.

    ReplyDelete
  9. @ප්‍රාර්ථනා,
    ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේ...?
    ඔටුන්න දීලා රජකම නොදී ඉන්නයෑ...

    ReplyDelete
  10. @ wath,
    දැන් නම් ළමයා ටිකක් හොඳට හිතලා වැඩ කරනවා වාගේ...
    ඔන්න ඔහොම ඉන්න එපායෑ..

    ReplyDelete
  11. @Hasitha,
    ඔව් ඔව්.. ඕවා කාටත් හොඳ පාඩම් තමා.

    ReplyDelete
  12. @පිස්සා පලාමල්ල,
    නැත්නං බං.... රාජාට නොතේරුන එකම දේ තමයි කෙල්ලෝ ටිකක් පහුවෙලා අරගන්නේ තියෙන හොඳම දේ කියලා....

    ReplyDelete
  13. @හසී රන්,
    ඒකත් හොඳ වැඩේ. හැබැයි එතකොට දැන් එනකල් බලන් ඉන්න කෙනා...?

    ReplyDelete
  14. හික් හික් රජාට බඩ කපාගන්න හිතෙන්න ඇති....

    ReplyDelete
  15. මදෑ රජා පැනල දෙන්න ගියා :D:D

    ReplyDelete
  16. දැං කාලේ රජවරු නැති නිසාම හොඳයි

    ReplyDelete
  17. ෂිහ් රජාට දුවෙක් එහෙම හිටියෙ නැත් ද?
    ඔය වරය මට ලැබුණා නං ආයේ දෙකක් නෑ... දුවව තමා අල්ලන්නෙ...

    ReplyDelete
  18. @ පුබුදුවා,
    මොනවා කතා කරනවාද බං.. අහන්නත් දෙයක්ද..

    ReplyDelete
  19. @ Hasitha ජයසූරිය,
    කොහොමද කෙල්ල රජාගේ බෙල්ල එහෙම ඇල්ලුවා නම්...?

    ReplyDelete
  20. @ Naදී,
    නදීටත් ඔහොම අවස්ථාවක් හම්බවුණොත් මොකෝ කරන්නේ..?

    ReplyDelete
  21. @sansarasidu,
    අම්මප ඒ වැඩෙත් නරකම නැහැ... රජකමත් එකක් දූ කුමාරිත්....
    එල.. එල..

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails