Friday, October 1, 2010
මළ ගෙට තබා සොහොනටවත් නොඑනු මැන
මුලින්ම කවි නිමිත්ත.... මෙතනින් බලන්න
සුළඟ මඳ වුණොත් මල් පෙති නටාවී
නමුත් රළු වුණොත් මල් බිම දමාවී
රළක් සුමුදු ලෙස දෙපතුල් තෙමාවී
එහෙත් දරුණු රළ හැම දෙය නසාවී
වැසි නොවැටුණත් කතරට හැමදා එකසේ
පලය කිමද ඉඳ හිට වහිනා වැස්සේ
නුඹ ආවත් සිත දවනා ගිනි අස්සේ
නොහැකි විය කඳුළු පිසලන්නට සිත් සේ
යන එන සියළු දෙන නැවතුම් ගන්නෙ නැත
නන්නාඳුනන අය හට නැවතුම් නොමැත
අඳුනන අයත් දිගු කල් ලඟ රැඳෙන් නැත
කතරක පිපුණු මලකට පැවතුම් නොමැත
මඟ හැර ගියේ ප්‍රේමය මඳ වූ හදින
වැගිරූ කඳුළු ගංඟා නොදුටුව ලෙසින
අමතක කර රුදුරු මතකය ඔබෙ සිතින
මළ ගෙට තබා සොහොනටවත් නොඑනු මැන
Subscribe to:
Post Comments (Atom)
නියමයි.. ඔන්න අපි පස්සෙනුත් එනවා....
ReplyDeleteඇත්තම ඇත්ත අයියා...කියලා තියන විදියත් ඒකට දෙවෙනි නෑ...
ReplyDelete@වැම්පයර්,
ReplyDeleteකෝ... කෝ...?
@ ප්‍රාර්ථනා,
ReplyDeleteඒකනේ නඟා.. ජීවත් වෙලා ඉද්දි ඕනෙ නැතිනම් මළගමට මොකටද නේ...?
සිරාවට ඇත්ත බං එක අතකින් බැලුවම...
ReplyDeleteහැබයි හැමොටම මෙහෙම හිතන්න බැරි එකතමා අවුල.. [මමත් ඇතුළුව..]
~ Behind my smile is a hurting heart. Behind my laugh, I'm falling apart. Look closely at me and you will see, the girl I am...isn't me.
ReplyDeleteඅදත් මගේ පෝස්ට් එකකට ලස්සන කවියක් ලියල තිබ්බ ජීව්...නරකද ඒකත් මේ බ්ලොග් එකේ පිටුවක ඇලෙවුවොත්....
@වත්,
ReplyDeleteඅනිවාර්යයෙන්ම...