ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Friday, October 1, 2010

මළ ගෙට තබා සොහොනටවත් නොඑනු මැන





මුලින්ම කවි නිමිත්ත.... මෙතනින් බලන්න


සුළඟ මඳ වුණොත් මල් පෙති නටාවී
නමුත් රළු වුණොත් මල් බිම දමාවී
රළක් සුමුදු ලෙස දෙපතුල් තෙමාවී
එහෙත් දරුණු රළ හැම දෙය නසාවී

වැසි නොවැටුණත් කතරට හැමදා එකසේ
පලය කිමද ඉඳ හිට වහිනා වැස්සේ
නුඹ ආවත් සිත දවනා ගිනි අස්සේ
නොහැකි විය කඳුළු පිසලන්නට සිත් සේ

යන එන සියළු දෙන නැවතුම් ගන්නෙ නැත
නන්නාඳුනන අය හට නැවතුම් නොමැත
අඳුනන අයත් දිගු කල් ලඟ රැ‍‍ඳෙන් නැත
කතරක පිපුණු මලකට පැවතුම් නොමැත

මඟ හැර ගියේ ප්‍රේමය මඳ වූ හදින
වැගිරූ කඳුළු ගංඟා නොදුටුව ලෙසින
අමතක කර රුදුරු මතකය ඔබෙ සිතින
මළ ගෙට තබා සොහොනටවත් නොඑනු මැන

7 comments:

  1. නියමයි.. ඔන්න අපි පස්සෙනුත් එනවා....

    ReplyDelete
  2. ඇත්තම ඇත්ත අයියා...කියලා තියන විදියත් ඒකට දෙවෙනි නෑ...

    ReplyDelete
  3. @වැම්පයර්,
    කෝ... කෝ...?

    ReplyDelete
  4. @ ප්‍රාර්ථනා,
    ඒකනේ නඟා.. ජීවත් වෙලා ඉද්දි ඕනෙ නැතිනම් මළගමට මොකටද නේ...?

    ReplyDelete
  5. සිරාවට ඇත්ත බං එක අතකින් බැලුවම...
    හැබයි හැමොටම මෙහෙම හිතන්න බැරි එකතමා අවුල.. [මමත් ඇතුළුව..]

    ReplyDelete
  6. ~ Behind my smile is a hurting heart. Behind my laugh, I'm falling apart. Look closely at me and you will see, the girl I am...isn't me.

    අදත් මගේ පෝස්ට් එකකට ලස්සන කවියක් ලියල තිබ්බ ජීව්...නරකද ඒකත් මේ බ්ලොග් එකේ පිටුවක ඇලෙවුවොත්....

    ReplyDelete
  7. @වත්,
    අනිවාර්යයෙන්ම...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails