හැමෝම බලයි මොකක්ද මේකා මේ ගමන දාන්ඩ හදන්නේ මේ උණයක් ගැන කියලා. කලබල වෙන්ඩ එපා. මේක මේ ‘මී උණ’, ‘ඩෙංගු උණ’ වගේ නම ඇහෙනකොටත් බය වෙන උණයක් නෙමෙයි. අපි හැමෝම හොඳට දන්න, ඒත් ඒ ගැන වැඩිය නොහිතන, අපේ ජීවිතයට ගොඩක් ආදර්ශයක් වෙන උණ ගහ ගැන පොඩි දෙයක් ලියන්ඩයි හදන්නේ.....
උණ ගහේ විද්‍යාත්මක පැත්ත ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ. මට මතකයි ටික දවසකට කලින් බ්ලොක් ගඩොල් ඒකේ පුරුපුරු ලියල තිබුණ මී හරක් කතාවෙත් උණ බට කේස් එකක් තිබුණා.
අපි පොඩි දවස් වලත් උණ බට වලින් වැඩ ගොඩක් ගත්තා. (දැන් නම් වෙලාවත් මදි.. උණ බට හොයා ගන්නත් අමාරුයි..)
වෙසක් කාලෙට කූඩු හදන්න, අවුරුදු කාලෙට වෙඩි පත්තු කරන්ඩ, රොබින් හුඩ් කරන කොට රොබින්ගේ කඩුව හදන්ඩ, ටාසන් කරද්දි ගස් උඩ අට්ටාල ගහන්ඩ, ගං වතුර කාලෙට කෙහෙල් කොට වලින් තෙප්පම් හදද්දි ආධාරක විදිහට බඳින්ඩ, ඒ තෙප්පම් වල රිටි ගහන්ඩ.... මතක් වෙද්දි ආයෙත් ඒ කාලෙට යන්ඩ හිතෙනවා.
එහෙනම් ඉතින් පරණ කතා දැනට පැත්තකින් තියලා පටන් ගත්ත කතාව ලියන්නම්කෝ....
ඇත්තටම මේ උණ කියන්නේ ස්වභාව ධර්මය අපිට දායාද කරපු අපේ ජීවිත වලට පාඩම් ගොඩක් ගන්න පුළුවන් දෙයක්.
මේ අතරින් මම දෙක තුනක් ගැන විතරක් සඳහන් කරන්නම්. කවුරුත් දැකලා තියෙනවද උණ ගස් තනි තනිව හැදිලා තියෙනවා....? මම නම් කවදාවත්ම දැකලා නැහැ. උණ ගස් වැවෙන්නේ පඳුරු විදිහට. ඒ හැම එකක්ම ශක්තිමත් විදිහට එකින් එකට බැඳිලා තියෙනවා. ඒ හින්දා උණ ගහක් තනිව වෙන් කරලා කපා ගන්න එක ටිකක් අමාරු වැඩක් (පුරුපුරු එහෙම දන්නවා ඇති ඒක හොඳටම)
ඒ වගේම තමයි මොන තද හුලඟක් ආවත් උණ පඳුරක් ලේසියෙන් බිම දාන්ඩ බැහැ. උණ ගස් වලට වඩා සවි ශක්තිය වැඩි විශාල ගස් තද හුලඟට පෙරලෙනකොට උණ ගහ හුළං අතට නැමිලා නොවැටී ඉන්නවා.
අපි.. අපි ගැනම කල්පනා කරලා බැලුවොත්..... අපිට පුළුවන්ද මේ උණ පඳුරු එකට බද්ධ වෙලා තියෙනවා වගේ අපි එකිනෙකා ට බද්ධ වෙලා ඉන්න...?
අපි හැමෝම එකට ඉන්නකොට එක්කෙනෙක්ට කරදරයක් වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි.. ඒ වගේම ඕනෑම ප්‍රශ්නයකට අපි එක්ව ඉඳන් මුහණ දෙනවා නම් බොහොම නම්‍යශීලී විදිහට ඒ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීලා නොවැටී කෙලින් ඉන්න අපිට පුලුවන් වෙනවා.
ඒ වගේම උණ ගහ කියන්නේ ගොඩක් උස යන ගහක්. මේ උණ ගස් කොච්චර උස ගියත් ඒ තරමටම පොළොවට බර වෙනවා. නැඹුරු වෙනවා.තමන්ව හැදෙන්න පෝෂණය දෙන මිහි තලයට කරන ගෞරවයක් වගේ පොළව දිහාට තව තවත් පහත් වෙනවා.
ඔය දේ අපේ ජීවිතයට අරගෙන බැළුවොත් අපි ඉහළ යන තරමට අපිට බැහැපත් වෙන්න පුළුවන්ද කියන කාරණේ ගැන ආයෙම අමුතුවෙන් හිතන්නට වෙනවා. මම ඉහළට යන තරමට මගේ වටේ ඉන්න අයට, මට උදව් උපකාර කරන අයට, මගේ ජීවිතේ ගැන හිතන අයට, මං ඉන්න සමාජයට බැහැපත් වෙනවද...? එහෙම නැත්නං හිස උදුම්මවගෙන අනිත් අය නොපෙණෙන විදිහට ඉන්නවද..?
මං අඩියක් ඉහළට යන කොට මට පහළ ඉන්න කෙනාව පේන්නෙ නැත්නං මං වගේ ආත්මාර්ථකාමී මෝඩයෙක් මේ ලෝකේ තවත් නැති වෙනවා. අර කෙළින් ඉහළට ගිහිල්ලා තනිවෙච්ච ලොකු ගස් හුළඟට පෙරළෙනවා වාගේ මාවත් වැටෙන දවස වැඩි ඈත නෙමෙයි.
එහෙම නැතුව මටත් පුළුවන් වෙනවා නම් උණ ගහ පහත් වෙනවා වගේ බැහැපත් වෙන්ඩ, මං කවදාවත් වැටෙන එකක් නැහැ.මං එහෙම කරනවා නම් මං තරම් නුවණක්කාරයෙකුත් මේ ලෝකේ නැති බව නිකම්ම ඔප්පු වේවි......
(මේ බැහැපත්කම ගැන පුද්ගල චරිතයක් එක්ක කතාවකුත් තියෙනවා. ඒක ලඟදි වෙන පෝස්ට් එකක් විදිහට දාන්නම්...)
උණ ගසේ මේ කතාව නවත්වන්න කලින් උණ ගසේ එල්ලපු ලන්තෑරුම ගැන පොඩි කතාවකුත් කියලා ඉවර කළොත් හොඳයි කියලා හිතුණා.
බොහොම ඉස්සර අපේ ගමක හිටපු කට්ටියක් කුඹුරු වපුරලා, ගොයම් පැහෙන කාලේ ආවම ගොයම් කපලා, කමතට දාලා තිබ්බළු රෑ වරුවේ ගොයම් පාගන්න හිතාගෙන. රෑ වෙද්දි කට්ටිය මෙතෙන්ට එකතු වුණාළු වැඩේ පටන් ගන්න කියලා. රෑ අන්දකාර හින්දා ලන්තෑරුමකුත් පත්තු කරන් ආපු අපේ ගොයියෙක් ඒක එල්ලන්න කියලා, කමත අයිනේ තිබුණු උණ ගහක් අමාරුවෙන් ඇදලා පහත් කරන් උණ ගහේ කෙළවරේ එල්ලල උණ ගහ අත ඇරියළු.
හිතා ගන්න පුළුවන්නේ වෙච්ච දේ. රූං... ගාලා සද්දයක් ආවා විතරළු, ලන්තෑරුම ගිය දිහාවක් හොයාගන්න නැතිලු. මොනව කරන්නද..? කළුවරේ වැඩකරන්ඩ පුළුවනෑ... කට්ටිය ලන්තෑරුම හොයන විදි ගැන කතා කරනවළු. මෙන්න එතකොට එකෙක් කියනව...
“අපි ඒ උණ ගහ ආයෙම පාත් කරලා ලන්තෑරුමේ බරට සමාන බරක් තියෙන ගලක් එල්ලලා කලින් වගේම අතඅරිමු. අනිවාර්යයෙන්ම ඒ ගල හිහින් වැටෙන තැන ලන්තෑරුම තියෙන්ඩ ඕනෑ” කියලා.
අපේ කට්ටියත් ඒ කියපු විදිහටම ගලක් එල්ලලා අතඇරලා. කතාව ඇත්ත. ක්‍රමේ තිතටම වැඩ කරලා...
‘ස්ලාං.....’ ගාලා හොඳ සද්දයක් එහෙමත් ආවළු...
(ප.ලි. මගේ ලිවීමේ භාෂා හැසිරවීම ටිකක් දුර්වලයි. ව්‍යාකරණ වැරදි, පද නොගැලපීම්, කරුණු එකිනෙකට බද්ධ කරලා තියෙන විදිහේ අඩුපාඩු එහෙම තිබුණොත් හදාගෙන බලන්ඩ... දකින වැරදි ඔක්කොමත් පහත ලියන්ඩ හොඳේ...)
මට පේන හැටියට මෙක වෙලා තියෙන්නේ යාළුවාගේ ගමෙ කස්ටියට වගේ..
ReplyDeleteගම නම් මම දන්නවා..තුම්පනේ නේද..?
:)))
ReplyDeleteඅගේ ඇති කතාව
ReplyDeleteදෙවෙනි කතාවනම් අපේ මාරයා කිව්ව වගේ තුම්පනේ කතාවක්. පළවෙනි කතාවෙ අපිට ජීවිත වලට ගන්න ගොඩක් දේවල් තියනවා. අර නිහාල් නෙල්සන්ගේ සිංදුවකුත් තියෙන්නේ ඔය උන ගසේ සුළඟට නැවෙන ගතිය ගැන. හොඳ ලිපියක් දිගටම ලියමු. මමත් මේ පැත්තට අදමයි ආවේ. ගිහින් එන්නම්.
ReplyDeleteහිහිහිහි පට්ටම පට්ට කතාව.........හැබෑට අර කිව්ව වගේ ගම තුම්පනේද? හික්ස්
ReplyDeleteඇත්තටම ජිවිතේට ගන්න බොහෝ දේ ස්වභාවදර්මය තුල තියනවා......
ReplyDeleteමට නම් දුර්වල කමක් පෙනුනෙනෑ.....
@මාරයා,
ReplyDeleteපිස්සුද බන් තුම්පනේ නෙමේ... ඊට කලින් හෝල්ට් දෙකක් කලින් බැහැලා හූවක දුර ඇතුලට යන්ට ඕනෑ..
හික් හික්..
@හේමලයා,
ස්තූතියි මචන් මේ පැත්තේ ආවට.
@sameerausa,
ස්තූතියි.. අපි හැමෝටම මේවා පිළිපදින්න පුළුවන් නම්..?
@priyantha.ඒබී,
තුම්පනේ කිවුවට තුම්පනේම නෙමේ...
මට හරියට මතක නැහැ ඒ සින්දුව. පුළුවන්නම් ලින්ක් එකක් හොයල දෙන්න.
ස්තූතියි ආවට...
@ආ.. හසියෝ..
ReplyDeleteකාටවත් කියන්න එපා මල්ලි මම උඹලාග් ගමේ කියලා.. හොඳේ..
බොහොම ස්තූතියි ආවට..
@හා පැටික්කි...
පහුගිය දවස් ටිකේ ජාලෙ පැත්තෙ හිටියේ නැහැ මම හිතන්නේ.. මොකෝ ආයෙම ජනේල් උඩ නැඟං පැපරාසි වැඩක් වත් කරනවද.
හොඳා හොඳා.. අපි අළුත් පින්තූර ටිකක් එක්ක පැපරාසි කතාවක් දානකල් බලන් ඉන්නවා හොඳේ...
අපි දකින, ඒත් තේරුම් ගන්නට ටිකක් අමාරු දේවල් ගොඩක් ස්වභාව ධර්මයෙන් අපිට උගන්වනවා...
ටිකක් විමසිල්ලෙන් හිටියොත් ඉගෙන ගත්තහැකි..
ඒ වෙන් බෑ නේ....අපේ ගමේ ලංකාවේ හොදම පිස්සා ඉන්නවා කියලා මම දැන්න උන්නේ නෑ නේ...වෙන්න බෑ බං.උඹට වැරදිලා....හික්ස්.....
ReplyDeleteවටිනා ලිපියක් මචන්....
ReplyDeleteඈ බන් අර කිව්වත් වගේ... උබ තුම්පනේ ද ?? නැත්තම් අර හඳට පොලු ගහපු එව්වො ඉන්නේ කොහෙද මේ... මතකත් නෑ එහේවත්ද හික් හික්
@පිස්සා,
ReplyDeleteකැමති දිහාවක් හිතාගනින්. හඳට පොළු ගහපු පැත්තේ තව කතා සෙට් එකක් තියෙනවා. ඕනෙද..?
ලිවීම අඩු කරල කියවීම වැඩි කර ගෙන යන අතරේ තමයි මේ සටහන දැක්කේ...ඒක නෙමෙයි තුන්පනේ කොහෙද තියෙන්නේ...
ReplyDeleteපළවෙනි වතාවට මම ඔබේ බ්ලොග් අඩවියට ගොඩ වුණේ. වටින ලිපි ටිකක් කියෙව්වා. ඔබ කිව් ආකාරයටම අපිට පුළුවන්නම් මේ කතන්දරේ අපේ පුංචි පරපුරට කියලා දෙන්න මම හිතන්නේ අලුත් පරම්පරාවක් හොඳට හදාගන්න පුළුවන් වෙයි. මිනිස්සු අද යන්නේ ඇස් පියාගෙන වැරදි පාරවල් වල. ගුරුවරියක් විදිහට මගේ ශිෂ්‍යයන්ට මේ උණ ගහේ කතාව කියලා දෙන්න තීරණය කලා. වැදගත්,අලුත් අදහසක් දුන්නට ගොඩක් ස්තුතියි.
ReplyDelete@ වත්...
ReplyDeleteම්හ්.. මම නං හරියටම දන්නේ නැහැ තුම්පනේ තියෙන්නේ කොහෙද කියලා.. හැබැයි පිස්සාගේ කොමෙන්ට් එකට නං ගිනි ගිනි කියන්ඩ පුළුවන්... ඒ කතා මාලාව එනකොට බලන්නකෝ...
@Naදී..
ReplyDeleteස්තූතියි සොයුරිය... සමහර වෙලාවට අපි කියන දේ අපිම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒත් උත්සහ කරන්ඩ පුළුවන් නම් කොච්චර හොඳද? මේකට හේතු වුණු චරිත කතාවේ පොඩි සටහනක් මාලඟ තියෙනවා. ඒක නිවැරදි විදිහට සිංහලයට පරිවර්තනය කරගන්න බැරිව ලඟ තියන් ඉන්නවා. පුළුවන් නම් උදව් කරන්න..
@ වත් තුම්පනේ තියෙන්නේ නුවර කුරුණැගල පාරේ ඔය ගලගෙදර, හතරලියද්ද කියන හරියෙ. හතැලියද්දටත් තුම්පනේ කියනවා මං හිතන්නේ.
ReplyDelete@ Jeew
සිංදුවනම් හොයන්න බැරිඋනා.
@ priyantha.ඒබී,
ReplyDeleteසින්දුව පස්සේ හොයාගන්ඩ බලමු. දැන් කොහොමෙන් හරි තුම්පනේ තියෙන දිහාත් දැනගත්තනේ...
පික්සු ආහ්....................
ReplyDelete