Tuesday, August 31, 2010
ඇණ කැළල....
අද මං මේ දාන කතාවේ ඉන්න චරිත කවුද කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒත් මේක මම අහලා තියෙන මට හිතට දැණුනු කතාවක්....
එක්තරා දරුවෙක් හිටියා නිතරම කේන්තියෙන් ජීවිතේ ගත කරන. හැම මොහොතෙම මොකක් හෝ දේකට තරහා අරගත්ත ගමන්මයි ඔහු ජීවත් වුණේ.
ඒ තරහා නිසාම හැම මොහොතෙම කාට හෝ යමක් කියවා හිත රිද්දීමට ඔහු පෙළඹිලා තිබුණා.
මෙයින් දරුවාට හා සමාජයට වෙන ගැටළුව ගැන හිතලා මේ දරුවාගේ තාත්තා කළ යුතු පිළියම මොකක්ද කියලා කල්පනා කළා.
මෙහෙම හිතපු දරුවාගේ තාත්තා මේ දරුවාට දුන්නා ඇණ පිරුණු මල්ලකුයි මිටියකුයි....
දීලා කිව්වා... "මගේ පුතේ.. පුතාට කේන්ති යන හැම වෙලාවකම, එහෙම නැත්නම් පුතා කාට හෝ බැනපු.. හිත රිදෙන යමක් කියපු හැම වෙලාවකම මේ මල්ලෙන් එක ඇණයක් අරගෙන ගිහින් ගේ ඉස්සරහ තියෙන වැට දිගට තදට ගහන්න" කියලා...
හැබැයි ඒ තරහා යන හැම වාරයකම වරින් වර ඇණය බැගින් අරන් ගිහින් ගහලා එන්න ඕනේ...
ඉතින් පුතා මේ දේට එකඟ වුණා.
පළවෙනි දවස අවසානයේ මේ දරුවා ඇණ 37 ක් ගහලා තිබුණා..
ඇත්තටම එයාට හිතුණා මේ කරන වැඩේ හරිම කරදරයක් කියලා. ඒත් තාත්තා කියපු නිසා කරන්නත් වෙනවා.
හැබැයි ඊලඟ සති දෙක තුන වෙනකොට මේ ගහන ඇණ පුමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගත්තා. එයට හේතුව වුණේ 'මේ කරදරකාරී ඇණ ගැහිල්ල කරනවාට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක වඩාත්ම ලේසියි' කියලා මේ දරුවාට තේරුම් ගිය හින්දයි.
මෙහෙම කාලයක් යද්දී වැටට එක ඇණයක් වත් නොගැසිය යුතු දිනයක් උදා වුණා.
ඒ කියන්නේ මේ දරුවා තමන්ගේ ජීවිතේ කේන්ති නොගෙන, කිසි කෙනෙකුට හිත නොරිදෙන සේ කතා කිරීමට පුරුදු වෙලා තිබුණු හින්දයි.
එදා මේ දරුවාට බොහොම සන්තෝසයි. මේ දේ දැක්ක තාත්තා මේ දරුවාට කිවුවා.....
"මගෙ හොඳ පුතා. දැන් ඔබ මේ වගේ කේන්ති නොගෙන ගෙවන හැම දවසකදිම වැටට ගහලා තියෙන එක ඇණය ගානේ ගලවන්න."
පුතා මේ අදහසටත් එකඟ වුණා.
මේ විදිහට ඇණ ගලවමින් ගිහිල්ලා අන්තිම ඇණයත් ගැලවූ දවසත් උදා වුණා....
එවිට මේ තාත්තා දරුවගේ අතින් අල්ලගෙන එක්කන් ගිහින් ඔහු ඇණ ගැලවූ තැන් පෙන්වා මෙසේ කීවා...
"පුතේ ඔයා බොහොම හොඳ වැඩක් කළේ මේ ඔක්කොම ඇණ ටික ගලවා ඉවත් කරපු එක. හැබැයි ඔයා මේ ඇණ ගලවාපු තැන් වල තියෙන කැලැල් නම් තවම එහෙමම තියෙනවා.",
පුතා හොඳින් ඒ දෙස බැළුවා... තාත්තා මෙය තවත් පැහැදිලි කළා.....
"පුතේ ඔයාට පුළුවන් කාට හෝ තුවාල වෙන්න පිහියකින් අනින්න. ඒ තුවාලේ කවදා හෝ හොඳ වෙයි. ඒත් කවදාවත් ඒ තුවාල කැලල නම් නැතිවන්නේ නැහැ."
"කෙනෙක් පාවිච්චි කරන නරක වචනත් ඒ පිහි පහර තරම්ම දරුණුයි....."
"ඔයා කාට හෝ බැණලා.... නරක වචන පාවිච්චි කරලා.... පස්සේ සමාව ගත්තත් ඒකෙන් ප්‍රතිඵලයක් නැහැ. ගහපු ඇණ ගැලෙව්වත් මේ වැටේ ඉතිරි වුණ ඇණ කැලැල් වගේ.... කියපු දේවල් වලට සමාව ගත්තට ඒකෙන් ඒ කෙනාගේ පෑරුණු හිතේ කැලැල යවන්ඩ කවදාවත් බැහැ."
එදා ඒ දරුවා තේරුම් ගත්තා තමන් කේන්ති අරන් තමන් කියූ වචන අනිත් අයගේ සිතට කොච්චර තදින් බලපානවද කියලා.
------------------------------------------------------------------------------------------------
මේ දේ ඔබට හරියටම තේරුණේ නැත්නම් කවුරු හෝ කෙනෙකුට කියන්න ඔබ කළ හෝ නොකළ වරදකට, ඔබේ හිත රිදෙන්න යමක් කියලා පසුව සමාව ඉල්ලන්න කියලා.....
එතකොට ඔබටත් තේරෙයි මේ කතාවේ නියම තේරුම.....
(මේ කතාවේ නිර්මාතෘ කවුද කියලා දන්නේ නැහැ. මේක මටත් විද්‍යුත් තැපෑලෙන් ආපු එකක්)
Subscribe to:
Post Comments (Atom)
පට්ට....වැදගත් කතාවක්.....දැන් හැදෙන උන්ට ඉවසීම අනිතිමයි.හොස්ස ලගින් මැස්ස යන්න බෑ.එහෙම වෙන්න හේතුව...
ReplyDeleteමම නම් හිතන්නේ...ගෙදර පරිසරය නිසා ළමයාගේ සිත තුළ ඇතිවන දෙයක් කියලා.අම්මා තාත්තා දරුවා කෙරෙහි හරි අවධානයක් නැතිනම්,ළමයා සමග එකට ඉන්නේ නැතිනම්,ඒ වගේමයි පවුලේ ඇතිවන ප්‍රශ්න.අඬදබර.දෙමව්පියන් රණ්ඩු නොවුනත් අසල්වාසීන් සමග ඇතිකරගන්නා ප්‍රශ්න හා රණ්ඩු,ඇයි තව පාසලේ ප්‍රශ්න (ළමයින් නිසා හෝ ගුරුවරුන් නිසා ඇතිවන යම් යම් දේ...හරියට ගණන් හදන්න අමාරු ලමයෙක්ව පන්තියෙන් කොන් කිරීම වගේ) වගේ රාශියක් දේ නිසා ළමයෙක් මේ විදිහට වෙන්න පුළුවන්.පැය ගාණක් කතාකරන්න පුළුහන් මාතෘකාවක්.හැබැයි ඉතිං ඕක කියන්න ඕනි අම්මලට තාත්තලට ගුරුවරුන්ට හා සමාජයට කියලයි මම හිතන්නේ.
එහෙම නැතිව ළමයට බැනලා වැඩක් නෑ කියලයි මම නමි හිතන්නේ....
ස්තූතියි සහෝ....වැදගත් ලිපියක්....
අහ්....අද තමයි මේ පැත්තේ ඉස්සෙල්ලම ආවේ...ස්තූතියි දැනුවත් කිරීම පිළිබදව.ම්ම්මම් ඒ වගේමයි දිගටම ලියන්න...හදවතින්ම සුභ පතනවා...ආ...මේ බ්ලොග් එක සින්ඩි වල නැද්ද....?
තව දෙයක් වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කලොත් නරකද? ඒක කමෙන්ට් කරන්නාට ටිකක් කරදරයි වගේ...හිතලා බලන්නකෝ පොඩිඩක්....
ඔන්න මමත් ආවා... අපේ ලොකු අයියාගේ (හසියාගේ) බ්ලොග් එකේ ලින්ක් එක දැකලා තමා ආවේ මේ පැත්තට... හොඳ කථාවක්... දිගටම ලියන්න.ඔබට ජය!
ReplyDeleteසහතික ඇත්ත වගේම පිස්සට ත් සෑහෙන වැදගත් කතාවක්. මේ ටිකේ පිස්සටත් තද වෙනවා අම්බානෙක. ඔක්කොම දමල ගහල ටික කලක් ලංකාවට වත් ගොහින් එන්න හිතෙනවා.
ReplyDeleteකාලයක් අජාන් බ්‍රහ්මවංසෝ හාමුදුරුවන්ගේ බණක් අහලා කේන්ති ගන්න එක හුඟාක්ම අඩුවෙලා තරහවෙලා හිටපු කෙනෙක් එක්කත් මම බොහෝම සුහදව කතා කළා.
ReplyDeleteඒ වගේම පොඩි ලවු හුටපටයක හිටපු කාලෙකත් මාරම සතුටකින් හිටිය නිසා මට අම්මම්මෝ නැතිව බැනපු කෙනෙක් එක්කත් මම ඇත්ත තමා කියලා සුහදව කතා කළා.
හුඟාක් අය පුදුම වුනා මම වගේ පොඩ්ඩ එහා මෙහා වෙද්දී කේන්ති යන [එහෙම කේන්ති ගියාට අනිත් පැත්තටත් පටස් ගාද්දී කේන්ති නිවෙනවා] කෙනාට මොකද වුණේ කියලා..............