ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Friday, August 27, 2010

මරණය එන තෙක් මඟ බලා සිටීම....


වැඩිය ලිවීමේ කටයුතු ගැන දන්නේ නැති නිසා ලිපියකට අදහසක් හොයමින් ඉඳපු වෙලාවේ අහිංසක සිතුවිලි ලියන නිරහංකාරිය ගේ අළුත්ම ලිපිය දැක්කහම මටත් පොඩි කරුණක් මතක් වුණා.
මම මේ දාලා තියෙන පින්තූරේ අරගත්තේ ගිය අවුරුද්දේ ‍ඔක්තෝබර් විතර.
ඒ වෙද්දි රාමදාන් එක (මුස්ලිම් අයගේ නෝම්බි ඇල්ලීමේ කාලය) ඉවර වෙලා තිබුණේ.
හැබැයි රාමදාන් පටන් ගන්න කලින් ඔය පසුබිමින් පෙනෙන ඉසව්ව පින්තූරේ ඉන්න කට්ටියගෙන් පිරිලා තිබුණේ. මම හිතන විදිහට තුන් හාරදාහකට විතර වැඩියි.....

ඒත් රාමදාන් එකයි ඊද් එකයි ඉවර වෙද්දි ඉතුරු වෙලා ඉන්න කට්ටිය කොච්චරද කියලා පේනවා නේද..?
අනිත් ඈයො ඔක්කොම  රස බොජුන් වෙලා සීත මාළිගා වල ඉන්න අයගේ වගේම අපි වගේ පොඩි මිනිස්සුනගෙත් රස නහර පිනවලා ඉවරයි.

හොඳට බැළුවොත් පෙනේවි මේ අයගේ ඉස්සරහ කකුල් දෙකට ලණුවක් දාලයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් මේ අය බිම දිගා වෙලා ඉඳලා නැඟිටනකොට කකුල් තරමක් ඈත් කරලයි නැඟිටින්නේ. ඒත් මේ දාලා තියෙන ලණුව හින්ඳා මෙයාලට නැඟිටින්නත්, ඇවිදින්නත් අමාරුයි...

කොහොමද අපෙත් කකුල් ඔහොම ගැටගහලා තිබුණා නම්..

මම එදා ගොඩක් වෙලා මේ අය දිහා බලාගෙන හිටියා මේ ගොල්ලෝ ඔය කූඩුව ඇතුලේ ගත කරන ජීවිතය කොහොමද කියලා දැකගන්න.
ඒත් ඒ වෙලාවේ දැකපු දෙයින් නම් මගේ හිතත් ටිකක් සසල වුණා.
මම මෙයාලා දිහා බලන් ඉන්න විදිහටම මෙයාලත් මං දිහා බලන් උන්නා..

ඒත් විශේෂත්වය වුණේ මගේ ඇස්වල නැතත් මෙයාලගේ ඇස්වල කඳුළු බේරෙමින් තිබුණා.
"අනේ අපිව මරන්න දෙන්න එපා...අපිව බේරගන්න.." වගේ අදහසක් තමයි ඒ මුහුණු වල තිබුණේ.

මොකද මේ ගොල්ලෝ හොඳට මොලේ තියෙන කට්ටියක්.
එයාලා දන්නවා මෙතන ඉන්න අයට ඊලඟ ඉරණම මරණය කියලා.

ඇත්තටම ටික වෙලාවක් ඒ දිහා බලන් ඉද්දි මටත් ලොකු දුකක් ඇතිවුණා.... ඒත් ඉතිං මටයි කියලත් කරන්න දෙයක් තිබුණේ නැහැ....

මේ අවුරුද්දෙත් ඔය පැත්තේ යන්න හිටියට තාම ඉඩක් ලැබුණේ නැහැ.

හා හා පුරා කියලා ලියපු ලිපිය මරණේ ගැන ලිව්වා කියලා කවුරුත් කලබල වෙන්ඩ එපා.
මරණය කියන දේ මම නිතරම කල්පනා කරන දෙයක්.

ඒ කියන්නේ "අනේ මාව මැරිලා පලයං" කියලා නෙමේ.
ජීවිතේ අනිත්‍ය ගැන කල්පනා කෙරුවොත් ජීවත් වෙන එක ලේසියි. කරදර අඩුයි....

ඔය වැඩක් පලක් නැති වෙලාවක කට්ටියම තම තමුංගේ ජීවිතේ ගැනත්, කෙරුවාවල් ගැනත් පොඩ්ඩක් කල්පනා කරන්නකෝ....


(කට්ටියගෙන් වැඩිපුර අඬපු කෙනාගේ පින්තූරෙකුත් තියෙනවා... කො‍හෙද.. මේකෙ 'අප්ඩේට් ෆේල්ඩ්' කියලා වැටෙනවානේ)

3 comments:

  1. අනේ මන්ද බන්... මස් මාංශ කන මම ඔව්වට මොනා කියන්නද කියලා....

    ඈ බන් උබ බ්ලොග් එක සින්ඩි වලට ඇඩ් කලේ නැද්ද තාම... කට්ටියට බලන්න දන්නෙ නෑනෙ නැත්තම්

    ReplyDelete
  2. ඇත්තම කියනවා නම් මමත් හොඳට මස් මාංශ කන කෙනෙක්...
    ඒත් මම මේ දේ දැක්ක දා ඉඳලා ඔටු මස් කන එකනං නැවැත්තුවා. හේතුව ඔටු මස් දැක්කත් මට අර සත්තන්ගේ මුණු මතක් වෙනවා...

    ස්තූතියි මචන් මතක් කලාට.. කොහෙද ‍මගේ ඔළුව ටිකක් හොඳ මදි මේ දවස් ටිකේ.. රස්නේ වැඩි හින්දා....
    දැන්මම ඇඩ් කරමි...

    ReplyDelete
  3. සාර්තක පොස්ට් එකක්...
    දිගටම ලියන්න.. අපි එනවා බලන්න...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails