ඒත් මොන හේතුවකටද මන්දා වැඩේ පටන්ගන්ඩ හිතුනෙම නැහැ... අපේ පිස්සාගේ පලාමල්ලේ ඊයේ පෙරේදා දාපු කොමෙන්ටුවක උත්තරයක් විදිහට අහලා තිබුණා බ්ලොගයක් ලියන්නේ නැත්තේ ඇයි කියලා... ඇත්තටම එතකොටයි මට හිතුනේ වැඩේ පටන් ගන්න ඕන කියලා... සුබ නැකතක් නම් බලන්ඩ හම්බවුණේ නැහැ... මේ පාන්දර නිදි මරණ වෙලාවක තමයි ආරම්භය සටහන් කරන්ඩ වෙලා තියෙන්නේ... මේ යන ගමනේ දී වැරදි අඩුපාඩු එහෙම සිද්දවුණොත් පෙන්නල දීල, තරහා මරහා වෙන්නේ නැතුව, ගහ මරා ගන්නේ නැතුව ඉදිරියටම යන්න ඔයගොල්ලො හැමෝගෙම සහයෝගය වගේම උදව්, උපදෙස් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා.....
මම හිතනවා හැමෝම මාත් එක්ක මේ ගමන තුළ ඉඳී කියලා...
හැමෝටම ස්තූතියි...
(තවම බ්ලොගය හදලා ඉවර නැහැ.. තාම අධ්‍යනය කරනවා..)
ඔන්න මුලින්ම පිස්සගෙන් සුබ පැතුම්.... කියන්න වරදක් පේන්නෙ නැහ මචන්. දිගටම ලියමු එහෙනම් මොන මොනා හරි.
ReplyDeleteකෝ ඉතින් හා හා ලියමු ලියමු...
ReplyDelete@පිස්සෝ..
ReplyDeleteස්තූතියි මචන්... ඉස්සිස්සෙල්ලාම සුබ පැතුවට... තාම කල්පනා කරනවා මොනවද ලියන්නේ කියලා.... රෑ වෙනකොට හොඳ අදහසක් එයි කියලා හිතෙනවා...
නිතර මේ පැත්තේ ඇවිත් පලයං... උඹනේ මගේ මුල්ම බ්ලොග් සගයා....
@වත්...
ස්තූතියි අපේ දිහා ආවට... අක්කෙක්ද නංඟියෙක්ද කියලනම් දන්නේ නැහැ.. ඒත් සහෝදරියක්නේ... ඇවිත් දිරිමත් කරනවට බොහොම ස්තූතියි...
ඕං අපිත් ආවා...
ReplyDeleteපොඩි අදහසක්... අර පහලින් තියෙන මිතුරු රෑන උඩ හරියෙ හොඳට පේන තැනකට ගත්තොත් වඩා හොඳයි වගේ.
ජය වේවා.
හොඳයි හොඳයි උන්නැහේ... ඔන්න කිව්ව විදිහට කෙරුවා.. දැන් හරිනේ.. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට....
ReplyDeleteසුභ පැතුම් මාත් මේවට අලුත් තාම කරන් යන්න හොදට . . .
ReplyDeleteWord verification අයින් කලොත් හොදයි නේද ඔයාගේ කැමත්තක්. . . :D
@ හසී රන්...
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තේ කරක් ගහනවාට...
"Word verification" මේක මොකක්ද? කොතනද තියෙන්නේ...
ඉස්ඉස්සෙල්ලම පිස්සෙක් සුභ පැතුව එකේ ඔන්න මාරයෙකුත් ඇවිත් ගියා...
ReplyDeleteකරගෙන යං...
@ මාරයා..
ReplyDeleteස්තූතියි මචන් අැවිත් ගියාට....
දිගටම ඒයි කියලා බලාෙපාෙරාත්තු ෙවනවා...
ඉතා සතුටුයි. දිගටම ලියමු.
ReplyDeleteමං මුලින්ම කතන්දර ලියන්නේ වර්ඩ් එකේ. ඊට පස්සේ දෙතුන් පාරක් කියවනවා. එඩිට් කරනවා. ඉඳලා හිටලා වගේ හාමිනේටත් පෙන්නලා පොඩි මාකට් රිසර්ච් එකක් කරනවා. අළුත් අදහසක් ආපු ගමං ලිස්ට් එකට එකතු කරගන්නවා.
මගේ සුභ පැතුම්!
සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න සුභ පැතුම්
ReplyDelete