ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Wednesday, August 25, 2010

ආරම්භයක්......

කතන්දරගේ බ්ලොගය කියවපු දවසේ ඉඳලා බ්ලොග් එකක් හදන්ඩ බොහොම ආසාවෙන් උන්නේ...
ඒත් මොන හේතුවකටද මන්දා වැඩේ පටන්ගන්ඩ හිතුනෙම නැහැ... අපේ පිස්සාගේ පලාමල්ලේ ඊයේ පෙරේදා දාපු කොමෙන්ටුවක උත්තරයක් විදිහට අහලා තිබුණා බ්ලොගයක් ලියන්නේ නැත්තේ ඇයි කියලා... ඇත්තටම එතකොටයි මට හිතුනේ වැඩේ පටන් ගන්න ඕන කියලා... සුබ නැකතක් නම් බලන්ඩ හම්බවුණේ නැහැ... මේ පාන්දර නිදි මරණ වෙලාවක තමයි ආරම්භය සටහන් කරන්ඩ වෙලා තියෙන්නේ... මේ යන ගමනේ දී වැරදි අඩුපාඩු එහෙම සිද්දවුණොත් පෙන්නල දීල, තරහා මරහා වෙන්නේ නැතුව, ගහ මරා ගන්නේ නැතුව ඉදිරියටම යන්න ඔයගොල්ලො හැමෝගෙම සහයෝගය වගේම උදව්, උපදෙස් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා.....

මම හිතනවා හැමෝම මාත් එක්ක මේ ගමන තුළ ඉඳී කියලා...
‍හැමෝටම ස්තූතියි...
(තවම බ්ලොගය හදලා ඉවර නැහැ.. තාම අධ්‍යනය කරනවා..)

11 comments:

  1. ඔන්න මුලින්ම පිස්සගෙන් සුබ පැතුම්.... කියන්න වරදක් පේන්නෙ නැහ මචන්. දිගටම ලියමු එහෙනම් මොන මොනා හරි.

    ReplyDelete
  2. කෝ ඉතින් හා හා ලියමු ලියමු...

    ReplyDelete
  3. @පිස්සෝ..
    ස්තූතියි මචන්... ඉස්සිස්සෙල්ලාම සුබ පැතුවට... තාම කල්පනා කරනවා මොනවද ලියන්නේ කියලා.... රෑ වෙනකොට හොඳ අදහසක් එයි කියලා හිතෙනවා...
    නිතර මේ පැත්තේ ඇවිත් පලයං... උඹනේ මගේ මුල්ම බ්ලොග් සගයා....

    @වත්...
    ස්තූතියි අපේ දිහා ආවට... අක්කෙක්ද නංඟියෙක්ද කියලනම් දන්නේ නැහැ.. ඒත් සහෝදරියක්නේ... ඇවිත් දිරිමත් කරනවට බොහොම ස්තූතියි...

    ReplyDelete
  4. ඕං අපිත් ආවා...
    පොඩි අදහසක්... අර පහලින් තියෙන මිතුරු රෑන උඩ හරියෙ හොඳට පේන තැනකට ගත්තොත් වඩා හොඳයි වගේ.
    ජය වේවා.

    ReplyDelete
  5. හොඳයි හොඳයි උන්නැහේ... ‍ඔන්න කිව්ව විදිහට කෙරුවා.. දැන් හරිනේ.. බොහොම ස්තූතියි මේ පැත්තේ ආවට....

    ReplyDelete
  6. සුභ පැතුම් මාත් මේවට අලුත් තාම කරන් යන්න හොදට . . .

    Word verification අයින් කලොත් හොදයි නේද ඔයාගේ කැමත්තක්. . . :D

    ReplyDelete
  7. @ හසී රන්...
    බොහොම ස්තූතියි මේ පැත්තේ කරක් ගහනවාට...
    "Word verification" මේක මොකක්ද? කොතනද තියෙන්නේ...

    ReplyDelete
  8. ඉස්ඉස්සෙල්ලම පිස්සෙක් සුභ පැතුව එකේ ඔන්න මාරයෙකුත් ඇවිත් ගියා...
    කරගෙන යං...

    ReplyDelete
  9. @ මාරයා..
    ස්තූතියි මචන් අැවිත් ගියාට....
    දිගටම ඒයි කියලා බලාෙපාෙරාත්තු ෙවනවා...

    ReplyDelete
  10. ඉතා සතුටුයි. දිගටම ලියමු.

    මං මුලින්ම කතන්දර ලියන්නේ වර්ඩ් එකේ. ඊට පස්සේ දෙතුන් පාරක් කියවනවා. එඩිට් කරනවා. ඉඳලා හිටලා වගේ හාමිනේටත් පෙන්නලා පොඩි මාකට් රිසර්ච් එකක් කරනවා. අළුත් අදහසක් ආපු ගමං ලිස්ට් එකට එකතු කරගන්නවා.

    මගේ සුභ පැතුම්!

    ReplyDelete
  11. සිංහල බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න සුභ පැතුම්

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails