ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, August 30, 2010

නුඹ දකින ඒ තරුව වෙමි මම......



මේක අද මම ලියන්න හිතන් උන්න කතාව නෙමේ... ඒත් ඈත අහසේ දකින තරුවට ආදරය කරන හිතවත් ෴ වත්  ගේ කවියකට නිදිමත බේරේන ඇස් වලින් බලාගෙන කොමෙන්ටුවක් දැම්මා. මට හිතුනත් ඒක ආයෙම මගේ බ්ලොගයේත් දාන්ඩ, ඒත් දැන් ඒකේ අයිතිකරු ෴ වත්  ම නේද කියලා හිතුනහම ඒක හොරකම් කරන එක නැවැත්තුවා.... ආයෙම සොඳුරු සිතුවිලි අතරට ගිය වෙලේ ෴ වත්  ගේ පිළිතුර දැකලා මට ඇත්තමට සතුටක් දැණුනා. 
'Jeew
ඔයා කවුරු වුනත් හරියට මගේ හිත කියවල වගේ. ඇත්තම කතාවත් තරුවට පොළවට එන්න බැරි කතාව තමයි... ඔබතුමා කැමති මේ කොමෙන්ටුව(ඔබ මට ලියූ කවිය) ඔබතුමාගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිහට දකින්න මම කැමති.
ස්තූතියි මා සිත නිවුවට.'
ඇයට කරන ගෞරවයක් විදිහට තමයි මේ පද ටික මගේ බ්ලොගයට එන්නේ...
ස්තූතියි ෴ වත්  ඔබට....


--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--:--


"තරු වලට ආදරේ කෙරුවත් නොලැබෙන කොට දුක බව ඇත්ත... ඒත් නුඹේ පැත්තෙන් විතරක් බලලා තරුවට දෙස් තිබ්බම....? නුඹට තරුවේ පැත්තෙනුත් සිතන්නට පුළුවන් වුණා නම්.....

නුඹ දකින ඒ තරුව වෙමි මම
අඳුරු වූ හිස් අහසෙ පාවෙන
සිතන මුත් නුඹ මා නොතනි බව
මම් දනිම් මා විඳින පාළුව

නුඹ දකින්නේ තරු රැසක් මැද
සොඳුරු ලෙස හිනැහෙනා බවමය
නමුත් ඒ තරු රැසත් නුඹ ලෙස
මගෙන් ගව් ගණනක්ම ඈතය

නුඹ සිතූ මුත් මා දිලෙන බව
නුඹට නොහැ‍ඟෙයි මා දැවෙන බව
දැවෙන ගිනිදැල් මා වෙලාගෙන
ලොවට පෙන්වයි දිදුලනා බව

කැමති මුත් නුඹ වෙතට ඒමට
කරන්නේ මා කෙලෙස ඒ ලෙස
නුඹව සනසාලනු නොහැකි ලෙස
දහස් බැමි ඇති පුරා විශ්වය

පාත් වුවහොත් මා පොළොව වෙත
කුමක් වේවිද සිතිය හැකි වෙද
'මෙන්න තරුවක් ඇවිත් පොළොවට'
පිළිගනීවිද නුඹෙ ලොවේ අය

අහස් ගැබ කෙලවරට වී මා
පෙම් කරන්නෙමි නුඹේ සිත වෙත
නිවී යන තෙක් ම'ආලෝකය
නුඹේ දෙස් මැද විඳවමින් දුක

ආදරෙයි මා සදා නුඹ හට
නුඹ නොදන්නා තරම් කිසිවිට
එහෙත් නුඹේ හද අයිති වන්නට
නොහැකි මං මොන පවක් කෙරුවට..?

ලඟා වෙනු බැරි තරුවෙ කිම පල 
වෙන්වන්න ඔබ මගෙන් සදහට
සොයා පහනක් නිතර ලඟ ඇති
ලබා එහි උණුසුමත් එළියත්.....

..... ඔබේ දිවියට පහන් ආලෝකයක් පතන මා...,
දයාබර තරුව....."

3 comments:

  1. තනි තරුම මම
    නුඹෙ ලොවටම පෙම් කරන
    අහිමි මුත් උණුසුමක්
    යදිමි ම​ම නුඹෙ පෙම තවත්...

    හරිම ලස්සන නිර්මාණයක්....

    ReplyDelete
  2. ෂහ් අද නේ මම මේ පැත්තේ ආවේ... මගේ නම සඳහන් නොකරම මේ වැඩේ කරානම් තමයි තවත් හොඳ....
    කොහොම වුනත් ස්තූතියි මගේ ඉල්ලීමක් ඉටු කළ එකට... ඔයාගේ කවි කොමෙන්ටුව විතරක් පෝස්ට් කරානම් හරිම අගෙයි...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails