ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Sunday, August 29, 2010

අද මෙතන ඉන්නේ මගේ පස්සෙන් ඇවිල්ලයි......


එකමක් එක කාලෙක....
කතන්දරයක් පටන් ගන්න විදිහ ඒක හන්දා මේකත් පොඩ්ඩක් ඒ කතන්දර බාසාවෙන්ම කියන්නම්...
.....ඔන්න දවසක් එක ප්‍රදේශයක ලොකු උත්සවයක් තිබුණා. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙලා තිබුණේ ඒ පළාතට හිටපු ඇමති තුමා.
ඒ හින්දා ටිකක් වැඩිපුර ආරක්ෂක විධිවිධාන කියන එව්වා දාලත් තිබුණා. මේ හින්දා අවසර නැති අයට ඔය උත්සවේ තියෙන තැනට ඇතුල් වෙන්ඩ පුළුවන් වුණේ නැහැ.
කොහොම හරි උත්සවේ පටන් ගන්න තියෙන වෙලාව ලං වුණා. හැමෝම ඇමති පරක්කු වෙයි කිය කිය හිතං උන්නේ...
පුදුමෙකට වගේ වෙන ඇමති වරු වගේ නෙමේ... මේ ඇමති උත්සවේ පටන් ගන්ඩ තියෙන වෙලාවට හරියටම එතැනට ආවා.
කට්ටියට මාර සංතෝෂයි. ඒ හින්දා ඇමතිට පිං දිදී කට්ටියම උත්සවේට එන්ටර් වුණා.
මේ අතරේ තවත් එක්කෙනෙක් ඔය උත්සවේට හොට දාන්ඩ ආවා. සුදු සරමක්, කමිසයක් එහෙම ඇඳලා.
ඕකට ඇතුල් වෙන්ඩ පුළුවන් වුණේ අවසර තියෙන අයට විතරක් හින්දා මේ මනුස්සයට ඇතුල් වෙන්ඩ ආරක්ෂක ගොයියන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ. මිනිහා ටිකක් මුරණ්ඩු වුණා. ඒ හින්දා ආරක්ෂකයෝ මිනිහා එක්ක ගේම ඉල්ලන්ඩ පටන් ගත්තා. මිනිහත් ඇරියේ නැහැ. ඔය අතරේ එකෙක‍් කිවුවළු "අපේ ඇමති තුමා ‍වගේ වැදගත් මනුස්සයෙක් සහභාගි වෙන තැනකට සරොම් ගහගෙන ඇවිත් සද්ද දාන්ඩ තමුසේ කවුද..?" කියලා.
ඉතිං මිනිහට ටිකක් කේන්ති ගියා. එහෙම කේන්ති ගිහිං කිව්ව (ළු) මෙන්න මෙහෙම...
"තමුසෙල දන්නවද මං කවුද කියලා..? තමුසෙලාගේ ඔය ඇමති තුමා අද මෙතන ඉන්නේ මං හින්දයි. අද මං හිටියේ නැත්නං තමුසෙලාගේ මහ ලොකු උත්සවේ පටන් ගන්න වෙලාවට ඇමති කෙනෙක් නැහැ."
කට්ටිය ටිකක් විතර බය වුණා. එතකොට මේ මනුස්සයා ආයේ කියාපි...
"අනික මතක තියා ගන්නවා ඇමති තුමා මගේ පස්සෙන් ආව කෙනෙක් කියලා.."
දැන් නම් ඉතිං කට්ටිය ෆුල් හොල්මන්. ඇයි ඉතිං පෙනෙන පරිදි මේ යකා හෙන පොරක් වගේනේ....
කට්ටිය සැලෙන්ඩර් වෙලා ෂේප් එකේ කතා කළා...
"හරි හරි... අපි මහත්තයාට ඇතුළට යන්න දෙන්නම්.... ඒත් අපිට කියන්ඩකො ඇමති තුමාත් එක්ක මහත්තයගේ තියෙන සම්බන්දේ මොකක්ද කියලා..."

"මෝඩයෝ.. මම ඇමති තුමාගේ අළුත් ඩ්‍රයිවර්......"

ප.ලි.  අළුත් ඩ්‍රයිවර් හින්දා ඇමති වෙලාවට උත්සවේට ඇවිල්ලා තියෙන්නේ.... මිනිහගේ කතාව ඇත්තනේ... ඇමති එ‍න්නේ මිනිහගේ පස්සෙනේ (ඩ්‍රයිවර් ඉස්සරහ.... ඇමති පිටිපස්සේ...)

7 comments:

  1. හික්ස්...මරු කතාව

    ReplyDelete
  2. හි හි පට්ට.. මම ඒත් බැලුවා ඇමති පියා ද කියලා

    ReplyDelete
  3. නියමයි... ෙකාහොමත් තෝරු මෝරුන්ට වඩා වැඩක් කර ගන්න නම් හාල්මැස්සටම තමයි කියන්න ඕනි.
    ඔපිස් එකේ නම් - පියන්
    රෝහලේ නම්- ඇටෙන‍‍්ඩන්ට්
    පන්සලේ නම් - ඇබ්ත්තියා
    බලන් ගියහම පවර්ස් තියෙන්නේ අඩියෙ ඉන්න ඇත්තො ගාව තමයි.

    ReplyDelete
  4. සමහර ලොක්කන්ටත් වඩා පවර්ස් ලොක්කාගේ ගෝලයාට තියෙනවා තමා............

    ReplyDelete
  5. @ හසිත,
    සමහර වෙලාව‍ට අපිත් ඔය වැඩේම කරනවා නේ මල්ලි...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails