ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, November 21, 2011

සිප ගන්නට සුමුදු දෙතොල්



සිප ගන්නට සුමුදු දෙතොල් ඔබටත් රහසින්
වඩින්න සුර කුමාරියේ සිහිනයක් ලෙසින්


කතා කළත් දහසක් දේ හදටම කොඳුරා
සිනා සුනත් දෙනුවන් තුළ මුළු ලොව රඳවා
ලබා ගන්න නැහැ මට ඉඩ මගෙ සිත හඬවා
ආදරියේ ඔබෙ හද වෙන අයෙකුට පුදලා


ජීවිතයම ඔබ ලඟ යැයි බොළඳව සිතමින්
සැනසෙන්නම් ඔබෙ වත නිති සිහියට නඟමින්
හැබැහින් ඔබ කවදාවත් හිමි නොම වේ නම්
පාළු රැයක සිහිනයකින් මගෙ සිත සනසන්


ප.ළි. / බලන අය වරදවා වටහා ගන්ඩ එපා. මේක දැන් කතාවක් නෙමෙයි. කටාර් ජීවිතයේදී හමුවුණු කෙනෙකුට මීට අවුරුදු කිහිපයකට කලින් ලියපු සින්දුවක් වගේ එකක්. තාම කවුරුත් තනුවක් දාලා ගායනා කරල නම් නැහැ. කාන්තාරෙට ටික කාලෙකට සමු දෙන්ඩ කියලා තියෙන සකල සබ්බමනාව පැක් කරන වෙලේ කොල ගොඩක් අස්සේ තිබිලා හම්බවුණේ. ආයෙ ඉතින් මෙහෙම දෙයක් කාට කියලා ලියන්ඩද... ඒ හින්දා ඔහේ දාලා දැම්මා. මේ එක්කම තව කවියකුත් තියෙනවා. ඒක පස්සේ.......

8 comments:

  1. මම් එකපරටම හිතුවේ මොකෝ මෙහෙම කවි සෙට් එකක් ලිව්වේ කියලා. හොද වෙලාවට පලිය දාලා කන්ට්‍රෝල් කරලා තිබ්බේ.

    අම්මෝ ජීව් අයියගෙන් පෝස්ට් එකක් කියවන්නේ ගොඩ කාලෙකට පස්සේ. මේ දවස් ටිකේ ෆ්‍රී වෙන්ටෑ.

    ReplyDelete
  2. දවස් 6 කට ෆ්‍රී.. මලේ.... හික් හික්... ඊට පස්සේ බිසී...

    ReplyDelete
  3. උබ ලංකාවට ගියාද බන් අයියේ ???

    ReplyDelete
  4. තවම නැහැ බන්.. සෙනසුරාදා රෑ යන්ඩ තියෙන්නේ... ඊට පස්සේ ඉතිං බිසී නේ...

    ReplyDelete
  5. කවද වෙනකම් එහේ ඉන්නවද මල්ලී?

    ReplyDelete
  6. @ දුකා අයියා,
    අවුරුද්දක් දෙකක් විතර.....

    ReplyDelete
  7. Jeew, වැඩිය ලියන්නෙ නෑ වගෙ දැන්. මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සර (මම ලියනවා බ්ලොග් දෙකක්) මම කියවපු බ්ලොග් වලින් එකක් තමයි මේක. මේ බ්ලොග් එකේ මම දැකපු විශේෂය තමයි බිරිඳට දක්වන් අසීමිත සෙනෙහස. මේ දැනුත් මතක් වෙලා හොයාගෙන ආවෙ.
    සුභ ගමන්! සුභ අනාගතයක්! සයිබර් අවකාශයේදී නැවත හමුවෙමු.

    henryblogwalker the Dude

    ReplyDelete
  8. Dude...

    බොහොම ස්තූතියි... ඉක්මනින් ම හමුවෙමු....

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails