ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, October 5, 2010

නුඹ පැතූ ලෙසම.. සිඹිමි නුඹෙ ගතම

මෙන්න මේ කවිය - මුලින් කියවන්න
එවිට හැකි වේය - රසය විඳ ගන්න
----------------------------------------------------------------------------------------








මෙන්න මම මෙතැන
නුඹේ වත ලඟම
පොපියනා දෙතොල
මුදුව සිප ගන්න

තරු යුගල ලෙසට
දිලෙන ඔබෙ නෙතට
එබී මා ගතම
එතුළ රඳවමින

ඔබේ හද දවන
ගිනි නිවා ලමින
තුරුළු වී ළයට
රැ‍ඳෙමි මම නිතින

සුසුම් රැල් නැ‍ඟෙන
වතේ තවරමින
සිඹිමි මුළු ගතම
හිරි වැටෙන ලෙසින

දිවි ගමන තුරා
රැඳෙමි ඔබ කරා
ප්‍රේමයෙන් නුරා
පිදෙන හද පුරා




9 comments:

  1. සුන්දර පිලිතුරක්

    මචං එවිය හැකි වේය නෙමෙයි එවිට හැකි වේයවෙන්න ඔනි මන් හිතන්නෙ

    ReplyDelete
  2. ශෘංගාර රසය වැඩි කවියක් නේද? මගේ කවියට මෙහෙම පිළිතුරක්.. සැර වැඩි ද මන්ද... හිහ්.....

    ReplyDelete
  3. @ නිශ්,
    ඔව් මචං.. පොඩි වැරදීමක්... නිදිමත බේරෙන යක්කු ගස් නඟින වෙලාවටනේ බං මේවාගේ වැඩ කරන්ඩ හම්බවෙන්නේ...
    ස්තූතියි..

    ReplyDelete
  4. @ wath,
    මම නම් හිතන්නේ නැහැ සැර වැඩියි කියලා. ජීවිතයේ ඇත්ත තත්ත්වය මේකනේ.... හිමිකාරයා මුණගැහුණු දවසට.....

    ReplyDelete
  5. උබත් කවි කාරයෙක් වෙලානේ... හි හි අර වත් අක්ක කිව්ව රසය ( ඒ වචනෙ ටයිප් කොරන්න බැහ බන් හි හි ) නම් වැඩි උනත් ඒක නොවැ ඇත්ත හි හි

    ReplyDelete
  6. ජීව් දැක් ගොඩ කලකින් දකින්න නැත්තේ ඇයිදෝ මන්ද?

    ReplyDelete
  7. ඌප්ස්......අරකිව්වත් වගේ සැර වැඩිද මන්ද....හැබැයි පට්ට පිළිතුරු පද පෙළ....නියමායි අයියේ.....

    ReplyDelete
  8. මොකද බොල සද්දයක් නැත්තෙ....

    ReplyDelete
  9. ඇත්තටම මක් වෙලාද ... කරදරයක් එහෙම නැහැ නේ...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails