ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, December 14, 2010

නැවතත් ගම රට බලා ........


                      හැමදාම බ්ලොග් සටහනක් ලියනවා කියලා හිතුවට සුපුරුදු විදිහටම වැඩ ගොඩ ගැහිලා තිබුණා. ඒත් මේ සටහන අනිවාර්යයෙන්ම ලියන්ඩ ඕනා.
                      හේතුව මේ වසරට මම කටාර් වල ඉඳන් ලියන අන්තිම සටහන. තව පැය හතකින් ගම රට බලා ඉගිල්ලෙන්ඩ තියෙනවා. නොයනවා කියලා හිටියත් ඉන්ඩ බැහැ. හේතුව නං මගේ බ්ලොග් සහෘදයෝ ටික දන්නවනේ. මාසයකට හමාරකට නිවාඩු. වයිෆ් නං දන්නේ තව දවස් තුනකින් (16) විවාහ සංවත්සර දිනේම එනවා කියලයි.
                      හැබැයි එයා මේ බ්ලොග් සටහන දැකලා තිබුණේ නැත්නම් හවසට මගේ කන් දෙක ඉවරයි.
                      එහෙමනං මගේ හිත මිතුරු බ්ලොග් කරුවෝ ටික 19 වෙනිදා අනිවාර්යයෙන්ම මුණ ගැසෙන අදහසින් මම මේ කෙටි සටහන නවත්තනවා.......

ප.ලි./ වැඩේ වැරදිලා හෙවත් ගුටිකාලා ඉස්පිරිතාලේ හිටියොත් කට්ටියම මාව බලන්ඩ එන්ඩ හො‍ඳේ.......

12 comments:

  1. පරිස්සමෙන් යන්න. Enjoy your stay

    ReplyDelete
  2. එහෙම නම් අයියා පරිස්සමෙන් ලංකාවට එන්න. අයියගේ වයිෆ් උනත් ආස වෙයි අයියත් එක්ක විවහා සංවත්සරය සමරන්න. අයියටයි අක්කාටයි වාසනාවන්ත සුබ අනාගතයක් පතනවා !!!!!

    ReplyDelete
  3. වැඩෙ දෙල් උනොත් කියහං වෙනිවැල් ගැට මං ගානේ..

    ReplyDelete
  4. මාරයියා ආත්මාරක්ෂක සටන් උගන්වලා ඉවරද ???? :)))

    ReplyDelete
  5. අයියා දැන් ඇවිල්ලත් ඇති...ඉතින් කොහොමද සභ ගමන් කියන්නේ...

    ReplyDelete
  6. ඊයේ හවස ගුවන් තොටුපලින් ගොඩබැස්සා. වයිෆ් ගේ තාත්තා අපේ අල්ටෝ පැටිය එක්ක ඇවිත් තිබුණා මාව ගන්ඩ. එයාගේ අම්මත් හිටියා. හැබැයි එතනට එනකල් එයා දන්නේ නැහැළු මම එන බව. කෙලින්ම ජා-ඇල පරණ ගෙදරට ගිහින් මගේ අමම්වත් පුදුම කළා. ඊටත් පස්සේ පුළුවන් ඉක්මනට ගම රට බලා ගිහින් 16 වෙනිදා මම එනකල් බලන් හිටපු මගේ ආදරණීය වයිෆ් හෙවත් සුදූ ට පොඩි කෝචෝක් පාරක් එහෙම දාගෙන ගිහින් කතා කළා.... අම්මෝ නියපොතු ටික පෙන්නගෙන ආව හැටියට මම හිතුවා ඉවරම තමයි කියලා. කොහොමෙන් හරි බොහෝම උණුසුම් හාදු ගොඩකිනුයි, පිට මැද්දට හම්බවුණ පාරවල් දෙක තුනකිනුයි වැඩේ ෂේප් කර ගත්තා...
    ... ඇති ඔයින් ගියා. මම නම් හිතුවෙම ඉවරම තමයි කියලා... අද හා හා පුරා කියලා මගේ අල්ටෝ පැටියා එක්ක රවුම් කිහිපයකුත් ගියා. අවුරුදු 10 කින් හින්දා හුරු මදි. අවුලක් නැහැ. තාත්තගෙන් බැණුම් ටිකකුත් අහගෙන අනතුරක් නොවී ගෙදර ආවා. අපි දෙන්නට රස්තියාදු ගහන්ඩ යන්ඩ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්ඩයෑ....

    මාර ගොයියාටත් ‍බොහොම ස්තූතියි වෙනිවැල් ගැට කෝප්පෙට... අද උදේ නම් මට ඒක බොන්ඩ වුණා... හික්..හික්...

    sameerausa ට, මධුරංග ට, Hasitha ට එක්කම තරු අහසටත් බොහොම ස්තූතියි..... සුභ ගමන් කියලා ටයිප් නොකලත් මම දන්නවනේ ඔයගොල්ලෝ මට සුභ පතනවා කියලා....

    සමහර විට ලබන අවුරුද්දේ මේ වෙද්දී ඤෑස් ඤෑස් ගාන සද්දේ ඇහෙන්ඩත් පුළුවන් බ්ලොග් එක පැත්තෙන්....

    ReplyDelete
  7. සමාවෙන්ට මළයෝ.
    මේක ඔයා පෝස්ට් කරපු ගම්න්මයි මම කියෙව්වේ.
    ඒත් කමෙන්ට් කරන්න බැරි වුනා.
    සමාවෙන්ට.
    බොහෝම සතුට්න් ඇති නේද දැන්.

    ReplyDelete
  8. නිවාඩුවට නොකියාම ගිහින් සප්‍රයිස් කරන එක මාරම ආතල් වැඩක් තමයි මළේ. මමත් කීප පාරක් කරලා තියෙනවා

    ReplyDelete
  9. අපි දන්නවා දුකා අයියලා කොමෙන්ට් නොදැම්මත් හැමදාම අපිත් එක්ක කියලා. කියලා වැඩක් නැහැ අයියේ ස‘ප්‍රයිස් කිරිල්ල නම්...

    ReplyDelete
  10. අම්මෝ මට නම් සන්තෝසයි අම්බානෙක... ඔය ලංකාවට යනවය කියන එකේ සන්තෝසේ දැන්න්න ඉතින් මෙහෙම ඉන්නම එපැයි... ඈ බන්... උබ ආයේ යන්නෙ නැද්ද ???

    හි හි පිස්සත් ලබන අවුරුද්ද දිහා ගොඩ බහිනවා ටික කාලෙකට... මුන ගැහෙමුද ?

    ReplyDelete
  11. උඹේ කටහඬයි සිංදුවයි පට්ටයි හොඳේ... :)
    ජය...!!!

    ReplyDelete
  12. සෑහෙන කාලෙකින් මචං මේ පැත්තේ ආවේ..
    ආයෙත් සිංදුවක් කියමු....
    ඇත්තටම ලස්සනයි එදා සිංදුවනම්.

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails