ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, September 25, 2010

කෙටිම කෙටි කතාවක් 1

ඔන්න එකමත් එක කාලෙක......... බොහොම බලවත්, වශාල රටක් දැහැමෙන් සෙමෙන් පාලනය කරපු රජ කෙනෙක් හිටිය (ළු).
                                    මෙන්න රජතුමා ගැන කෙටිම කෙටි හැඳින්වීමක්..... මේ රජ බොහොම අවංකයි. නීති ගරුකයි. කිසිම වෙලාවක වැරුද්දකට ඉඩක් තිබුණේ නැහැ. වැරුද්දක් දැක්කොත් කාට වුණත් දඬුවම් අනිවාර්යයි. දෙයක් කිව්වොත් කිව්වමයි (මං වගේ). අනිවාර්යයෙන්ම කරනවා. කිසිම දවසක පොරොන්දු කඩ කෙරුවේ නැහැ. ඒ හින්දා මේ රටේ කිසිම වෙලාවක ප්‍රශ්න තිබුණේ නැහැ. 
                                    දවසක් මේ රජතුමාගේ මාළිගාවේ ලොකු උත්සවයක් තිබුණා. මේ උත්සවයට අසල රටවල් බොහොමයක රජවරුන්ටත් ආරාධනා ලැබිලා ඇවිත් තිබුණා. මේ හැමෝම ඉස්සරහ ලස්සන තරුණියෝ දහ දෙනෙක් අපූරු නැටුමක් ඉදිරිපත් කළා. හැමෝම කටවල් ඇරගෙන මේ නැටුම දිහා බලන් උන්නා. ඒ නැටුම එතරම්ම ලස්සනයි. නැටුම අවසානයේ රැස්වෙලා හිටපු හැමෝම මේ නැටුම ඉදිරිපත් කරපු තරුණියන්ට ප්‍රශංසා කෙරුවා.


                                    රජතුමාටත් බොහොම සන්තෝසයි තමුන්ගේ රටට ආපු අමුත්තන් ප්‍රීති වීම ගැන. ඉතිං රටේ රජතුමා මේ අයට ප්‍රශංසා නොකෙරුවොත් ඒක බොහොම බරපතල වරදක්නේ. ඒ හින්දා මේ රජතුමා නැටුම් ඉදිරිපත් කරපු තරුණියන්ට කිව්වා "මේ මාලිගාවේ තියෙන දේවල් වලින් තමන් කැමති ඕනෑ එක දෙයක් අල්ලන්න. ඒ දේ තමුන්ට තෑගි දෙනවා" කියලා. මේ කණ්ඩායමේ තරුණියෝ 9 දෙනෙක්ම මාලිගයේ විවිධ තැන් වලට‍ ගිහිල්ලා එක එක දේවල් ඇල්ලුවා. සමහරුන් ඉතා වටිනා මැණික් ගල්, තවත් සමහරුන් වටිනා සමරු වගේ දෙවල් ඇල්ලුවා. රජතුමා පොරොන්දු වුණු විදිහට මේ හැම දෙයක්ම ඒ ඒ අයට තෑගි දුන්නා.
                                    ඒත් අවසාන තරුණිය විතරක් කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ. රජතුමා ඇගෙන් ඒ ගැන විමසුවා. "ඇයි මේ මාලිගයේ තිබෙන දේවල් වලින් කිසි දෙයක් අවශ්‍ය නැද්ද...? මම පොරොන්දු කඩ කරන රජෙක් නෙමෙයි. ඒ හින්දා තමන් අල්ලන දේ අනිවාර්යයෙන්ම තමුන්ට ලැබෙනවා".
                                    ඇය කිව්වා "නැහැ රජතුමෙනී, ඔබ තුමා ගැන සැකයක් නෙමේ. ඒත් මම කැමතියි කියලා හිතන දේ අල්ලන්න මම කැමති නැහැ" කියලා. රජතුමාට ටිකක් කේන්ති ගියා තමුන්ගේ ත්‍යාගශිලීකම ගැන මේ තරුණිය සැලකිල්ලක් නොදැක්වීම හින්දා. ඒ නිසා රජතුමා මෙහෙම කිව්වා. "තමුන් අනිවාර්යයෙන්ම මේ මාලිගයේ තිබෙන යම් දෙයක් අල්ලලා ඒක අයිති කරගත යුතුයි. ඒක තමුන්ගේ අයිතිය. එහෙම නැතිවුණොත් මේ දේ රාජ නීතිය කියලා තමුන්ට බල කිරීමට මට අවසර තියෙනවා" කියලා.
                                    ටික වෙලාවක් මෙහෙම හිටපු මේ තරුණිය හිමින් හිමින් අඩිය තියලා රජතුමා ඉන්න පැත්තට ගියා. හැමෝම බලන් ඉන්නවා මේ තරුණිය අල්ලන්නේ මොකක්ද කියලා...
කාටද කියන්න පුළුවන්...?

බැරිම නම් හිමින් සීරුවේ පහළ පින්තූරේ බලන්නකෝ.....

රජතුමාට මොනවා නොහිතෙන්න ඇත්ද.......?



Monday, September 20, 2010

බටගම සීරිස් (5) - අල්ල කික්කි උඩ දඩයං

මේක නං ටිකක් විතර රස කතාවක් වෙන්ඩ තිබුණු දෙයක්.. ඒත් මොකක් හරි (අ)හේතුවකට කතාවේ විතරයි රස විඳින්ඩ හම්බවෙන්නේ. දැම්ම අහන්ඩ එපා තේරුම මොකක්ද කියලා. කියවලම බලන්ඩකෝ..... (පින්තූරෙ නං 18+ නිසා පහළට ගිහිං තියෙන්නේ)

                                    ප්‍රස්තා පිරුළක් අහලා තියෙනවද දඹුළු ගිහින් තලගොයිත් මරන් එනවාකියලා. මම නං හිතන් උන්නේ අපි දුටු තැන පස්සෙන් පන්නන අහිංසක සතා ගැන කියලයි. ඒත් ඔය පිරුලේ තලගොයි කියන වචනෙට වෙන ‍තේරුමක් තියෙනවා කියලා කවුදෝ පණ්ඩිතයෙක් දවසක් මට කිව්වා. හැබැයි ඒ තේරුම අහගත්තද කියල නම් මට මතක නැහැ. කවුරු හරි නියම තේරුම දන්නවනම් මගේ දැනගැනීම පිණිස කියලා කොමෙන්ට් එකක් විදිහට දාන්න.
                                    මේ කතාව කැරකෙන්නේ ඔය මුලින්ම කියපු අගනා සතා වටෙයි. කෙටියෙන්ම කිව්වොත් තලගොයාගැනයි. සතා නං අහින්සක තමයි. ඒත් කාලා තියෙන කට්ටියට නං නම ඇහුවත් කටට කෙල උනනවා ඇති. මාත් පොඩි කාලේ තලගොයි මස් රහ බලලා තියෙනවා. ඒත් දැනුම් තේරුම් තියෙන කාලෙදි ඒ පාපකර්මෙට හවුල් වුණේ නැහැ. කොහොම වුණත් මෙන්න කතාව....
                                    ඉස්සර ගම් වල ගොඩක් වෙලාවට කෑමට ගත්තේ ඔය පොඩි පොඩි සත්තුන්ගේ මස් නේ. ඒ කාලේ දැන් කරනවා වගේ හරක් මරණවා බොහොම අඩුයි. ගොඩක් වෙලාවට කෑම වේලට එකතු වුණේ වැව් මාළු, නැත්නම් හාවො (හා පැටික්කියන්ව නෙමේ..) කලවැද්දො, මී මින්නො, තලගොයි වගේ සත්තුයි. ඉඳහිට හොඳ තඩි ඌරෙක් (හෝව්... හෝව්.. කලබල වෙන්ඩ එපා... මේ පාඨක ජනතාවට නෙමේ කිව්වේ‍‍) එහෙම මරා ගත්තා.
                                    මං කලින් කියල තියෙනවනේ අපේ සීයයි ජුවනුයි දෙන්නා රෑට සංචාරේ යන්නේ මුර වැඩේටයි, පොඩි පොඩි දඩයමක් හොයා ගන්නයි කියලා. ඒත් සිද්දිය වෙලා තියෙන්නේ රෑ වරුවක නෙමෙයි. ගිනි මද්දහනක. මේ කියන දවසේ දෙන්නට කිසිම දඩයමක් හම්බවෙලා තිබුණේ නැතිළු. ඉතින් දෙන්නත් එක්ක කතා කර කර හිටයළු දවස ගෙවා ගන්නේ කොහොමද කියලා. අපේ පිස්සා, මාරයා එහෙම දන්නවා ඇති ඔය දවස ගෙවා ගන්නවා කියන එක. පොඩ්ඩක් පැහැදිලි කෙරුවොත් එහෙම දෙන්නට පොඩි රා කට්ටක් ගහන්ඩ බයිට් එකක් නැති කම තමයි අඩු වෙලා තිබිලා තියෙන්නේ. වෙන දවස් වලට කොහොම හරි සරි කර ගන්ඩ හම්බවෙන බයිට් එක එදා නැති වුණහම දෙන්නට නිකං අමුඩෙ නැතුව පාරෙ ගියා වගේ තමා. ඒ තරං හිතට අමාරුයිමොනව කරන්නද කියලා ජුවනුත් ගිහින් රා කලයක් ගෙනල්ලා දුකටම දෙන්නත් එක්ක බයිට් එකක් නැතුවම බොන්ඩ පටන් අරගෙන.
                                    රා කලේ බාගයක් විතර හිස් වෙනකොට සීයට පේනවළු  ඈත වත්ත කෙලවරේ බඩවැටිය දිගේ මොකෙක්ද නැලවි නැලවි යනවා... සීයා බැළුවළු රා කළේ දිහා. තාම බාගයයි ඉවර වෙලා තියෙන්නේ. ‍ඒකේ තේරුම ඇස් වල දෝසයක් නෙමෙයි කියන එකයි. ‘එහෙනං ඉතිං මොකෙක් හරි එකෙක් අපිට හොරෙන් ඩගානවාකියලා හිතපු සීයත් ජුවන්ව අඬගහගෙන හිමින් සීරුවේ හොරා ඉන්න පත්තට ගියාළු. ජුවන් නම් මොකට ගියත් අර දිග ගොරක පොල්ල අතින් බිම තියන මනුස්සයෙක් නෙමෙයිනේ. හින්දා ඒකත් උස්සගෙනම ජුවනුත් සීයා පස්සේ ගිහින්....
                                    හපොයි.. තව පොඩ්ඩඩෙන් මට කතාවේ හොඳම චරිතේ ගැන කියන්ඩ අමතක වෙනවනේ... අනේ මන්දා මගේ මොලෙත් මොනවා තියෙනවද කියලා. (අර කේජු කියලා ජුවන් කාපුවනම් නෙමෙයි). මෙයා තමයි අපේ ආච්චිගෙ හුරතලා. පළාතේ හැමෝම ආදරේට කියන්නේ කික්කි කියලා. නමින් කික්කි වුණාට වැඩ වලින් නම් කික්කි නෙමෙයි. කාලේ වයස අවුරුද්දක් විතර වෙන්ඩ ඇති. පොඩි වුණාට මහ නපුරා. කවුරු ගෙදරට ආවත් ඈත ඉඳන්මේරි නෝනේ.. බල්ල බැඳලද..?” කියලා අහලා උත්තරයක් හම්බවුණොත් තමයි වත්ත ඇතුලට එන්නේ. නැත්නම් ඉතින් කකුලට දෙයියන්ගෙම පිහිටයි. ඔය බල්ල බැඳලද කියන කතාවට මට මේ මතක් වුණේ. මම කොහෙන් හරි කියෙව්වා ඔය ගැන තව පොඩි කතාවක්. දවසක් ඔය වගේ බැල්ලියක් ඇතිකරන ගෙදරකට ආපු අමුත්තෙක් ගේට්ටුව ලඟ ඉඳන් කෑ /හලා ඇහුවළුබල්ලා බැඳලද‍‍?’ කියලා. ගේ ඇතුලෙන් මෙහෙම උත්තරයක් ආවළු. ‘බල්ල බැඳලද කියලා නම් දන්නේ නැහැ. ඒත් ලඟදි පැටව් නම් දැම්මාකියලා.
                                    ඔන්න ඔන්න ආයෙම කතාවෙන් පිට යනවා. ‘කික්කි’ කික්කි වාගේ හිටියට පොඩි පොඩි සත්තු ගැනත් සීයට වගේම හොඳට ඉව තියෙනවළු. ඒත් උගේ කරුමේ කියන්නේ මෙන්න මේකත් අර සීයයි ජුවනුයි පස්සේ ගිහිල්ලා හොරු අල්ලන්ඩ. තුන් දෙන් හෙමිහිට ලං කරලා බැලින්නම් හොරා ලේසි පාසු කෙනෙක් නෙමෙයි. හොඳ තලගොයි නාම්බෙක්. මේ දෙන්නටත් මොකෝ ඉතිං.. දෙන දෙයියෝ වත්තටම ගෙනත් දෙනවා කියලා කිට්ටු කරාළු තලගොයියට... අහිංසකයා වුණාට සතා කපටියා. කොහොම හරි දැනගෙන තියෙනවා මාරයාගේ හෝරාව තමා ලඟා වෙන්නේ කියලා... ඇවිදින පයට වඩා දුවන පය ලක්ෂ වටී කියලා කකුල් දෙකට වැඳ වැඳ.. සමාවෙන්ඩ.. කකුල් හතරට වැඳ වැඳ දුවන්ඩ පටන් ගත්තළු වත්ත වටේ. මෙන්න බොලේ තලගොයා දුවනවා.. තලගොයා පිටිපස්සේ සීයා දුවනවා.. සීයා පිටිපස්සේ ජුවන් පොල්ලත් අරන් දුවනවා... ජුවන් පිටිපස්සේ කික්කි දුවනවා... මරු දිවිල්ල නේ..
                                    යන එන මං නැතිවුණු තලගොයා දැක්කළු උස පොල් ගහක්. ‘උඹලට කරන්නම් හොඳ වැඩක්’ කියලා හිතපු තලගොයා නැග්ගළු අහල පහළ තිබුණු පොල් ගහකට. සීයා නැවතුනාළු ගහ ලඟ. දැන් සීයත් ස්ව උත්සහයෙන්ම ගහට නැඟලා තලගොයාව අල්ලා ගන්ඩ හදනවළු. ඒත් ඉතිං නිකම්ම ගහට නඟින්න පුළුවනෑ. වුණා මේකට. ‍ඇයි ඉතිං රා කළෙන් බාගයකටම මේ වෙනකොට වග කියලානේ ඉන්නේ. “ජුවන් පොඩ්ඩක් ඔහොම හිටපන්. මං ගහට නඟින්ඩ වලල්ල අරන් එන්නං. එතකල් උඹ සතාව පරිස්සං කරපන්” කියලා ගේ පැත්තට ගියාළු.
                                    ඒ එක්කම ඇහුණළු බල්ලෙක් ලතෝනි තියලා කෑ ගහනවා. ඒ අස්සෙම “අල්ල කික්කි උඩ දඩයං.... අල්ල කික්කි උඩ දඩයං....” කියලා කියලාත් ඇහෙනවළු. සීයා දණි පණි ගාලා ආයෙම දුවගෙන ඇවිත්. ආච්චිටත් කික්කිගේ සද්දේ වගේ ඇහිලා ආච්චිත් දුවගෙන ඇවිත්. මෙන්න බොලේ ජුවන් අර ගොරක පොල්ල කික්කිගේ අවර පැත්තේ ගහලා පොල් ගහට තියලා අල්ලන් ඉන්නවළු  “අල්ල කික්කි උඩ දඩයං.... අල්ල කික්කි උඩ දඩයං....” කිය කිය. කික්කි බෙරිහන් දෙනවළු....
 (මේ තියෙන්නේ ඒ වෙලාවේ ගත්ත පින්තූරයක්)


එදා තලගොයා බයිට් වුණාද ජුවන් බයිට් වුනාද කියලා නං මට දැනගන්ඩ හම්බවුණේ නැහැ....

Tuesday, September 14, 2010

බටගම සීරිස් (4) - හොරු ඇල්ලීම හෙවත්......

                             බටගම සීරිස් එකේ දාපු කතා වලට ආපු ප්‍රතිචාර වලින් කියවිලා තිබුණා මේ කතා තුම්පනේටත්, මතුගම පැත්තේ තවත් ගමකටත් සම්බන්ධවත් තියෙනවා කියලා. ඒ කතාව ඇත්ත. කොඩිගසේ කතාව හැර අනෙක් හැම කතාවක්ම ගොතපුවා. ඒත් බොහොම ආඩම්බරයෙන් කියනවා කොඩිගහේ කතාවබටගමට පමණයි කියලා. ඒත් ඒ කතාව මට පලකරන්න බැරි අන්තිම පේලිය බ්ලොගයේ පල කළ කතාවක් මගේ බ්ලොගයේත් පල කිරීම සදාචාරසම්පන්න නැති බව දන්න හින්දයි. ඒ හින්දා ඒ කතාව අන්තිම පේලිය බ්ලොගයෙන් කියවල, ඒකට මං දාලා තියෙන ප්‍රතිචාරයත් කියෙව්වොත් කතාව සම්පූර්ණ වේවි.
                             ඒ වගේම මේ කතා වලට මගේ සීයා සහ ජුවන් කියන චරිත සම්බන්ධ කළේ, වෙන කාගේ හරි නමක් සම්බන්ධ කරලා දැම්මොත් මට අම්බානකට කන්ඩ වෙයි කියන බයටයි... සීයා මැරිලා හින්දාත් ගමේ හිටපු ජුවන් කියන මනුස්සයෙක් ගැන මම නොදන්න නිසාත් මට ගුටි කෑමේ අවස්ථාවක් එන්නේ නෑනේ. ඒ කොහොම වෙතත් මේ හැම කතාවක්ම තම තමුන්ගේ ගම් වලට සම්බන්ධ කරගත්තට මගේවත්, මේ කතාවලට සම්බන්ධ ගම් වල වැසියන්ගේවත් කිසිම අමනාපයක් හෝ අකමැත්තක් නැති බව පාඨකයෝ කරුණාවෙන් සලකත්වා....

පරණ කතා තුන බැළුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්.
- පළවෙනි බටගම කතාව : කොඩි ගහේ කතාව (අන්තිම පේලිය බ්ලොගය විසින් පල කරන ලදී)
ඔය බයිල ගහ ගහ ඉඳලා තව පොඩ්ඩෙන් අද කතාවත් කියන්ඩ වෙලා මදි වෙනවා....

බටගම සීරිස් එකෙන් අද දෙන්ඩ යන්නේ හොරු ඇල්ලීමේ කතාවයි.
                             මම කලින් හඳට පොළු ගැසීමේ කතාවේ කිව්වනේ අපේ සීයයි, ජුවනුයි රෑ වරුවේ ගම වටේ ඇවිදින්න යනවා කියලා මුර සංචාරේ සහ දඩයමේ. සාමාන්‍යයෙන් ගම් වල තියෙන ප්‍රශ්නයක් තමයි හොරුකියන කට්ටියගෙන් වෙන කරදර. ඒ කාලේ හොරු නං ඉතින් දැන් හොරු වාගේ ජරා විදිහට හොරකම් කරන්නේ නැහැ. ගෙදර මිනිස්සු නැත්නම් දොර කඩනවා. එහෙම නැත්නම් වහලෙන් පනිනවා. එහෙමත් නැත්නම් බිත්තිය හෝ අත්තිවාරම යටින් හාරනවා. ඕකට කියන්නේ ගෙවල් බිඳිනවාකියලනේ.
                             ලොකු වලව්වක ඇරෙන්ඩ  ඔය පොඩි පොඩි ගෙවල් වල අත්තිවාරම යටින හාරන එක එච්චර අමාරු කාරියක් නෙමෙයි. එහෙම කරලා හොරකම් කරන්නෙත් සල්ලි ටිකක්, රත්තරන් බඩු ටිකක් එහෙම තමයි. එහෙමත් නැත්නම් වත්තේ පිටියේ තියෙන කෙහෙල් කැනක්, එ‍ළවළු ටිකක්, බුලත් කොරටුවේ බුලත් ටිකක් එහෙමත් හොරකම් කරන වෙලාවල් එමටයි. මේ.. මේ.. මට එහෙම කිව්වා කියලා මට එහෙම ඔය පුරුදු නැහැ හො‍ඳේ.
                             මේ සිද්ධිය වුණ දවසට දවස් දෙක තුනක් කලින් අපේ සීයලගේ ගෙදරට කිට්ටුව ගෙයක් හොරු බිඳලා. ගෙදර තිබුණු සකල සබ්බමනාවම උස්සගෙන ගිහින්. මේ හේතුව හින්දා අපේ ආච්චි බයේ ඉඳලා තියෙන්නේ කවදා හරි එයාලගේ ගෙදරටත් හොරු පනී කියලා. මොකද, සීයත් හැමදාම රෑ වරුවේ එළියේ මුර සංචාරෙනේ. අපේ ආච්චි මේ ගැන සීයට කංකෙඳිරි ගාපු වෙලාවේ සීයා ආච්චිට කිව්වළු උඹට පිස්සුද මේරි නෝනේ... මං ගැන දන්න එකෙක් අපේ ගෙදර බිඳින්න එයිද? ආවොත් ඉතිං ඒ පිටින් ආපු එකෙක් තමයි. උඹ බය නැතුව හිටපන්කියලා.
                             ඒ වුණාට ආච්චිගේ හිතේ තිබුණු බය ගිහින් නැහැ. ඒ හින්දා ආච්චි ජුවන්ට කියලා අනේ ජුවන්.. මේකට මොනව හරි කරපන්. මේ හොරු හින්දා මට බයේ බැහැකියලා. පහුවදා ජුවන් හැමෝටම හොරෙන් හොරු අල්ලන්ඩ ඕනේ කරන කළමනා ටික ගෙදරින් ගෙනත් තියලා. කරන දෙයක් කරන්ඩ ඕනෙත් සීයට හොරෙන් නේ. නැත්නම් විනාසයි.
                             එදා රෑ ජුවනුත් මොකද කළේ, සීයව ඉස්සෙල්ලා පිටත් කොරලා, ආච්චිටත් ගේ ඇතුලට වෙලා හොඳට දොර වහගන්ඩ කියලා, අර දවල් ගෙනත් තියාපු දේවල් නියම විදිහට ලැහැස්ති කරලා ගේ වටේටම දැම්මා. කට්ටියට හිතාගන්ඩ පුළුවන්ද මොනවද මේ දැම්මේ කියලා....
                             පපඩම්.... හොඳට බැදපු පපඩම්’...
                             දාලා ඉවර වෙලා කිව්වළු නෝනේ... හදිසියේ හරි සර.. සර..’ ගාලා සද්දයක් ඇහුණොත් හයියෙන් කෑ ගහන්ඩ හොරු එනවෝ කියලා’..”.මෙහෙම කියලා සුපුරුදු විදිහට අර ගොරක පොල්ලත් අරගෙන සීයාගේ පිටිපස්සෙන් සංචාරේ ගියාළු. කොහොමෙන් හරි දෙන්නත් එක්ක මුර සංචාරේ ඉවර වෙලා ඇවිත් බලනකොට ගෙදර අමුත්තක් පේන්ඩ තියෙනවළු. ගෙයි දොර ඇරලා දාලා.... ගේ ඇතුලෙන් කෙඳිරිගාන සද්දයක් ඇහුණළු. සීයත් ඉක්මනට ඇතුලට දුවලා බලලා මොකද වෙලා තියෙන්නේ කියලා.
                             කිරි අප්පේ... ආච්චිව කිටි කිටියේ බැඳලා දාලා, ගෙදර තිබුණු රත්තරන් බඩු, සල්ලි සේරම හොරු උස්සන් ගිහින්...
                             මදෑ ජුවන්ගේ හොරු ඇල්ලිල්ලේ හපන්කම්....

(මේ පින්තූරේ පපඩම් ටික දාලා තියෙද්දි ගත්ත එකක්. අපේ සීයත් ඔය ඉදන් ඉන්නේ)



හිතාගන්ඩ පුළුවන්ද මොකද වෙලා තියෙන්නේ කියලා.
                             ජුවන් හොඳට බැදලා දාපු පපඩම් ටික රෑ පින්නට පෙඟිලා. පෙඟුණු පපඩම් වලින් සර.. සර..’ තියා මොන සදද්යක්වත් ඒවියෑ.....
                             පස්සේ ඔය හොරු ටික වෙන ගෙයක් බිඳින වෙලාවක අපේ සීයට පින් සිද්ද වෙන්ඩ අල්ලගෙන, අර ජුවන්ගේ ගොරක පොල්ලේ ඇඹුල් රහ දැනෙනකම් කාලා තිබුණා. උන් කියපු විස්තරේ හැටියට එදා හොරු ඇවිත් තියෙන්නේ සීයගේ ගෙදරට අල්ලපු ගෙදර බිඳින්ඩ. සීයගේ ගේ වටේ පපඩම් තියෙනකොට දැනගෙන තියෙනවා ගෙදර කවුරුත් නැති හින්දා මේක මේ හොරුන්ව රවටන්ඩ කරපු උපායක් කියලා. අන්තිමේ පපඩමුත් නැහැ.. ගෙදර තිබුණු සල්ලියි, රත්තරන් බඩු ටිකයි ත් නැහැ..

.ලි. අවවාදයයි : පින්න ඇති කාලයේදී හොරු ඇල්ලීම සඳහා පපඩම් දැමීමෙන් වලකින්න.

- ඊලඟ දවස් ටිකට බටගම සීරිස් එක ටිකක් නවත්තලා මගේ හිතට දැනුණු අත්දැකීම් ටිකක් ලියන්ඩ හිතන් ඉන්නේ.... –
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails