Monday, January 17, 2011
හිතේ දුක හෙවත් නව වසරේ පළමු කුරුටු ගෑම...
මෙච්චර අත්දැකීම් පිරිච්ච ලෝකේ ලියාගන්ඩ දෙයක් නැති එක ගැන වෙලාවකට මටම ලජ්ජා හිතෙනවා. සමහර දේවල් ලියන්ඩ හිතුනත් ඒවායින් මොන ගින්දරක් පත්තු වෙයිද කියලා හිතෙන කොට නොලියා ඉඳීම හොඳයි කියලත් හිතෙනවා. ඒ වුණත් බ්ලොග් එක පාළුවට යවලත් බැහැනේ.
ලංකාවේ ගත කරපු මාසයක කාලයක් අවසන් කරලා ආයෙම පාළු කාන්තාරෙට එන්න වුණා හදිසියේම. තව ටික කාලයක් බිරිඳ එක්ක ගත කරන්න හිතාගෙන හිටියත් හදිසියේම බොහොමයක් තීරණ වෙනස් කරලා ගෙදරට සමු දෙන්ඩ වුණා. 13 වෙනිදා ආයෙම ආවත් වැඩට යන්ඩ හිත දුන්නේ නැහැ.
ඊයේ වෙනකල් කාමරේට වෙලා කල්පනා කර කර හිටියා. අදත් හිටියොත් ප්‍රශ්නයක් වෙන හින්දා වැඩට ගියා. කොච්චර කල්පනා කෙරුවත් ඉවර වෙන්නේ නැහැ. හිතට දැනෙන පාළුව කියලා ඉවර කරන්ඩ බැහැ. එක අතකට කල්පනා කරලා බලනකොට කොච්චර සල්ල හම්බකෙරුවත් මොකටද හිතේ සන්තෝසයක් නැතුව. ඒත් අනිත් පැත්තෙන් බැළුවම වැඩ කරගන්ඩ පුළුවන් කාලේ මොනව හරි කරලා ඉතුරු කර ගත්තේ නැත්නං බැරි වුණ කාලෙක මොනවා කරන්නද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස්සු වෙච්ච අපි මේ දෙක අතරේ අතරමං වෙලා......
ඇත්තටම බැලුවොත් රට ඉන්න අපි සල්ලි වලට පෙරේත වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. ගත වුණු මාසෙට 'විවාහ සංවත්සරය' ඇරෙන්ඩ වෙන කිසිම විශේෂ වියදමක් නැතුව ලක්ෂයක් විතර නිකම්ම වියදං වෙලා. මනුස්සයෙක් ලංකාවේ රස්සාවක් කරලා ගන්න පඩියකින් ජීවත් වෙන්ඩ පුළුවන් වෙයිද කියලා හිතට සැකයි.
ඒත් ලංකාවේ රුපියල් 15000 ක් පඩි ගන්න මනුස්සයාත් කොහොමින් හරි ජීවත් වෙනවා.....
මේ පෙළි ටික හරි ලිව්වේ හිතේ තියෙන පාලුව මඟ ඇර ගන්න. හිත එකලාසයක් වුණ ගමන් බ්ලොග් එකේ පාළුව නැති කරන්ඩ ඕන. නැත්නං මේ බ්ලොග් එකටත් වෙන්නේ 'විශ්‍රාමික බ්ලොග් කරුවන්ගේ ශාඛාවේ' ලියාපදිංචි කරන්ඩයි....
Subscribe to:
Post Comments (Atom)
ජීවිතේ හැටි තමයි අයියේ.......
ReplyDeleteසතුට ටිකයි
දුකම තමයි :((((
උඹට අවබෝධෙ නැතුවාමත් නෙවෙ..
ReplyDeleteඒත් ඉතිං කිරියාවෙ යොදවන්න නිකං බැහ බැහැ වගේ නේද..?
ඇත්ත බං රට යන හුගාක් අයට ඔය ගැටළුව තියෙනවා...
පිරිමි රට යන්න ගත්තොත් හැමදාම රට යන්නම තමයි වෙන්නේ...
අපේ අයියලාත් හිටියා දෙතුන් දෙනෙක්..උංටත් ඔය සෙතේම තමයි..
මංනං දන්න කියන උංට කියන්නේ තියෙන හැටියකට මෙන්න මෙහෙට වෙලා හිටු..
නැත්තං රට යනවානං කවදාවත් මෙහෙ එක පයක් තියාගෙන ඉන්න එපා..ගෑනුත් අරගෙනම යන තැනක පලයව් කියලයි...
සල්ලි හින්දා ජීවිතේ විඳින්න තියෙන කාලේ නිකං වෙලි වෙලී ඉන්නේ නැතුව...
හා හා දැන් ඉතිං ඔය හොටු පිහදාගෙන ලෑස්ති උනානං පරණ කතන්දර පෙට්ටිය එහෙම සුද්ද බුද්ද කරලා දාලා..
ඔනවට වඩා හිතන්න එපා බං කොල්ලෝ...
ගොඩක් අයගෙ කතාව ඕක තමයි අඩු /වැඩි වශයෙන් හරි. මොනවත් කියන්නෙ කොහොමද අපිත් ඔය ගොඩේම නෙව...
ReplyDeleteකතාව ඇත්ත. සල්ලි නැතිවත් බෑ. ඒත් ඒ වෙනුවෙන් වැය කරන කාලය ගැන හිතුවම නම් මොකටද සල්ලි කියල හිතෙන වෙලාවල් අනන්තයි. ඉතින් තව රටෙත් නැතිව ඉන්න ගියාම. මොනව කරන්නද නේද...
ReplyDeleteඇත්තම කතාව සල්ලි කියන දේ ඇතුවත් බෑ. නැතුවත් බෑ. අනිත් එක තමයි තමන් ආදරය කරන අයව දාල රටින් පිට වෙන්න උනාම පුදුම දුකක් තියෙන්නේ. එවෙලාවට මේ කෙහෙල්මල් සල්ලි වැඩක් නෑ කියලත් හිතෙනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteගල්ෆ් ජීවිතේ දුක . . .
ReplyDeleteලංකාවේ සමරු හිතන්නේ අපි ආපු ගමන් මෙහේ සිතූ පැතූ සම්පත් දෙන ගහක් හිටවනවා, ඒ අයට ඕන ඕන වෙලාවට අපිට තියෙන්නේ ඒ ගහ පොඩ්ඩක් හොලල්න එක විතරයි කියල.
අනේ මන්දා බන් වෙලාවක මේ ගැන මට හිතෙන හැටිත් ලිපියක් ලියන්න ඕන කියලා හිතුනා.
සහතිකෙන් ඇත්ත බන්.. බ්ලොග් ගඩොල් මලයගෙ කතාවත් හරි. අපි මේ එක පයක් ලංකාවෙ තියන් ඉන්න එකෙන් කිසිම සෙතක් නැහ. එහෙම කියල මේ හීත රටවල් වලට පවුල් පිටින් ගේන්නය බ. ගෑනි ගෙනාව කියමු.. අම්මල තාත්තල... ඔය ප්‍රශ්නෙට විසඳුමක් නැහ.
ReplyDeleteමාසෙට 100 000 කියන්නේ ලංකාවෙ මිනිහෙක්ට ලොකු ගානක්. ඒත් අපි ගියාම අපි ඒ ගානෙන් ශේප් වෙන්නෙත් අමාරුවෙන්.
මම හැම අවුරුද්දෙම යනව. මෝඩ වැඩක් අනික් මිනිස්සුන්ට අනුව. ඒත් මට සල්ලි ඉතුරු කරල මේ සීත රටට වෙලා ඉදල වැඩක් නැහ බන් අම්මල තාත්තල යාලුවො නෑදැයො එහේ ඉද්දි.
වෙන්නෙ ඉතින් සබ්බ සකල මනාවම ඉවරයි ගොහින් ආවම.
අන්තිම පාර මාස දෙකක් හිටිය වියදම ලක්ශ 4 ට වැඩි මිසක් අඩු උනේ නැහ. ඉතින් ආයෙ එන්නෙ හිඟන්න වෙලා. මේ පාරත් ඒ සෙතේමයි.
අනේ මන්ද බන්.
ගඩොල් මලය නෙමෙයි මාර අයියා කියපු දේ.. පැටලීම්ක් උනේ
ReplyDelete@ ALL,
ReplyDeleteකමෙන්ට් වලට වෙන වෙනම උත්තර දෙන්න තරම් තවම මගේ හිත නිදහස් වෙලා නැහැ. පූසා, මාරයා, හරී, පි්‍රයන්ත, මධුරංග, පිස්සා සහ දුකා අයියටත් බොහොම ස්තූතියි මාත් එක්ක ඉන්නවට. කොච්චර කල්පනා කෙරුවත් ඉවරයක් නැහැනේ. මේ පාර දුක වැඩි වෙන්ඩ තවත් හේතු ගොඩාක් බලපෑවා....
ඒත් ඉතින් ජීවිතේ අපිට දෙන දේවල් වලට මුහුණ දෙන්නත් ඕන නේ...
කොහොමටත් අගෝස්තු වෙද්දි අනිවාර්යයෙන් ම ආයේ ලංකාවට යනවාමයි.... අතේ සල්ලි තිබුණත් නැතත්.....
ඇත්තටම අයියෙ මාරයිය කියන කතාව හරියටම හරි...
ReplyDeleteජීවත්වෙන්ඩ සල්ලි ඕන තමයි... ඒත් ජීවිතේ විඳින්න ඕන කාලේ එක පයක් මෙහෙයි එක පයක් ඒරොප්පෙයි තියාගෙන දුක් විඳින්නෙ මොකටද කියල හිතෙන නිසා තමා මාත් වෙන රටකට යන්ඩ මේ තරම් අකමැති...
අපි ජීවිතේට මුහුණ දෙන්න ඕනනෙ....
ඉක්මනටම ආපහු ලංකාවට යන්න ලැබෙන්න කියල පතන්නම්...
දැන් ඉතින් ආයෙත් කතාවකට බහිමුකෝ... ඔය හෝන්දු මාන්දු ගති විසික් කොරල...
මෙන්න අදහසක්
ReplyDeleteලංකාවට ආවාම දෙන තැගි බෝග රට සල්ලි වලින් හිතලා දෙන්න.
තමන් ගේ වියදම් රුපියල් වලින් හිතලා කරන්න. ඒ කියන්නේ රුපියල් 100, රුපියල් 100 ලෙස සලකා වියදම් කරන්න.
ඔය වියදම් කල ලක්ෂෙට තමන්ට ගත්තු බඩු, ඇඳුම් එකතු කරන්න බෑ නේද?
අනික නිවාඩු යන්නේ නැතුව හිටිය නං වෙන වියදම අඩු කරන්න ඕනැ නේද?
කතාව ඇත්ත මචන්.. ගැනි ලමයයි නම් ලගෛන්නව...එක ලොකු සහනවක්... අම්මයි තාත්තයිත් ටිකක කාලයක් හිටිය... හැමොම ගෙන්න බැ... නිවාඩු හිහාම නම් හිදෙනව තමයි...එත් එක වත් නැත්නම් මොකටද මෙ ජ්විතෙ කියල හිතෙනව... මම ලංකාවට යන්න අදහස් කරන්නෙ එකයි මචං... අනිත් 1ක මගෙ පොඩි 1කට තාම මාසයෛ... උට තාම ලංකාවෙ පුරවැසි බාවයවත් නැ.(තව මාස 2ක් යනවලු) උන්ව සංස්කෘති අතර අතරමං කරන්න බැ බං... මම යනව මගෙ රටට හැහි ඉක්මනින්...
ReplyDeleteගිහිල්ල මොනවද කරන්නෙ?
සුභ දවසක්...!!!
රට එන්න ලැබුන එක වාසනාවක් කියල හිතුන එද්දී..
ReplyDeleteදැන් හිතෙනවා ඇත්තටම එක වාසනවමද කියල...???