ට්‍රිං...... ට්‍රිං......
“හෙලෝ...”
“මගේ වයිෆ් එහෙම ඔය පැත්තේ ඉන්නවද..?”
“ඉන්නවා.. ඇයි මොකටද..?”
“නෑ... මේ... නිකං..... ඉන්නවද කියලා බලන්ඩයි ගත්තේ.. මොනවද කරන්නේ....”
“ඔයත් එක්ක කතා කරනවා...”
“මොකෝ.. වැඩ නැද්ද.?
“වැඩ තමයි.. අද ටිකක් බිසී”
“එහෙනං මං තියන්නං”
“එපා.. එපා... කතා කරමු….. බබී...”
“මොකෝ.....?”
“ඔයා එන්නේ නැද්ද අනේ...?”
“එනවා...”
“කවද්ද..?”
“ලබන අවුරුද්දේ ජූලි වල”
“අයියෝ.... එහෙනං දෙසැම්බර් වල එනවා කිව්වේ. ජූලි වෙනකල් ඉන්ඩ බැහැ. දෙසැම්බර් වල ඇනවසරි එකනේ...”
“එන්ඩ තමයි හිතං හිටියේ. ඒත් දැන් එන එක පොඩ්ඩක් අමාරුයි වගේ..”
“ඒ මොකෝ....?”
“අතේ සල්ලි නැහැනේ...”
“අනේ... ඒ වුණාට කමක් නැහැ... එන්ඩකො... නිවාඩු හම්බ වෙනවද..?”
“නිවාඩුව නං ඇප්රූ වෙලා ඉවරයි...”
“අනේ එහෙනං එන්ඩකෝ....”
“එනවනං ටිකට් එකට විතරයි සල්ලි තියෙන්නේ.... ඒ ආවත් සුමාන දෙකෙන් යන්ඩ වෙනවා... ලංකාවේ ඉන්නවා නං සල්ලි තියෙනඩ ඕනනේ....”
“අනේ.. ඒ වුණාට කමක් නැහැ... එන්ඩකෝ... සල්ලි මං බලා ගන්නං.....”
“ඔයා කොහොමද බලාගන්නේ..?”
“මං මොනව හරි කරන්නං.. අනේ බබී.. එනන්කෝ... මං හැමෝටම කිව්වා ඔයා එනවා කියලා... ඔක්කොමලා බලං ඉන්නේ ඔයා එනකල්....”
“ඒත් මං ආවත් මට මුකුත් ගෙන්ඩවත් හම්බවෙන්නේ නැහැනේ....”
“කමක් නැහැ බබී... ඔයා එන්ඩ...”
“මං ගියා අළුත්ම එල්.ඊ.ඩී ටීවී එකක් බලන්ඩ. රුපියල් 130,000 ක් වෙනවා.”
“මට ටීවී ඕනෙ නැහැ... ඔයා එන්ඩ..”
“හොඳ ලැප්ටොප් එකක් තියෙනවා. ලක්ෂෙකට ගත්තහැකි.”
“ඒක පස්සේ ගන්ඩ... ඔයා දෙසැම්බර් එන්ඩ...”
“බලමු... මං කැනන් කැමරාවක් බැළුවා. ප්‍රොෆෙෂනල් එකක්. ගාන ටිකක් සැරයි. ලක්ෂ දෙකක් වෙද්දි ගන්ඩ පුළුවන්....”
“කැමරාව පස්සේ ගන්ඩ පුළුවන්.... ඔයා එන්ඩ...”
“බලමු... අතේ සල්ලි තිබුණොත් එහෙම එන්නම්... ඒත් ෂුවර් කරන්ඩ බැහැ.... කොහොමත් ජූලි වල නම් අනිවාර්යයෙන්ම එනවා....”
“බලමු නෙමේ අනේ... මගෙ යාළුවෝ ඔක්කොමලා ඔයා එනකල් ඉන්නේ.. __ගේ හස්බන්ඩ් නොවැම්බර් එන්ඩ හිටියේ. ඔයා දෙසැම්බර් එනවා කියපු හින්දා එයත් දෙසැම්බර් වලට දාගෙන... ඔයාව අඳුනාගන්ඩ ඕනා කියලා. ඔක්කොමලා ඔයාවත් එක්කන් ට්‍රිප් එකක් යන්ඩ හිතන් ඉන්නේ. අනේ එන්ඩකෝ... මට ජූලි වෙනකල් බලන් ඉන්ඩ බැහැ...”
“බලමු...”
“අම්මයි තාත්තයිත් අහනවා ඔයා එනවා කිව්වේ නැද්ද කියලා...”
“ඒ මොනවටද..?”
“අපි බැඳලා අවුරුද්දක් වෙන්ඩත් ආවා... ඒ ගොල්ලෝ අහනවා ඔයා එන්නේ නැද්ද කියලා.... ”
“ඉතිං.. ඒ ගොල්ලෝ විතරද..?”
“යාළුවෝ නෑදෑයෝ ඔක්කොම අහනවා ඔයා කෝ කියලා.... හැමෝම ඔයා එනකල් බලන් ඉන්නේ”
“එයාලා මොකටද මාව අහන්නේ..?”
“මං දන්නේ නැහැ... ඔයා එන්ඩකෝ....”
“ඇත්තටම ඔය ඔක්කොමලා මාව අහනවද..?”
“මන් දන්නෑ... ඔයා එන්ඩ...”
“බලමුකෝ.....”
“බලමු නෙමේ අනේ... මමත් තනියමනේ.....”
“ඉතිං.....”
“එහෙම නෙමෙයි අනේ එයාලා කියනවා එයාලා දැන් තවත් වයසට යනවළු......”
“ඉතිං....”
“මන් දන්නෑ... ඔයා එන්නකෝ... අපි මෙහෙන් ජොබ් එකක් හොයාගමු....”
“ඒ පඩියෙන් දැන් කරන හැම දේම කරගත්තහැකිද....?”
“මන් දන්නෙ නැහැ.... පුළුවන් වෙයි....”
“ෆෝන් එකේ සල්ලි ඉවර වෙන්ඩයි යන්නේ මං තියන්නං....”
“හා එහෙනං.... බබීට ගොඩාක්... ගොඩාක්..... ගොඩාක්..... ආදරෙයි..... උම්ම්ම්ම්ම්මා......”
“මාත් ගොඩාක් ආදරෙයි... උම්ම්මා....”
“අපෝ මදි... දිග එකක්.....”
“උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා...............”
“උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා...............”
“ගෝඩ් බ්ලෙස් බබී....”
“ගෝඩ් බ්ලෙස්...”
ප/ලි:
JQYKLW