ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, February 14, 2012

හැපි වැලන්ටයින් ඩේ.....

ඔන්න තවත් වැලන්ටයින් ඩේ එකක් ඇවිල්ලා.... 



ඇත්තටම මේ දවස තියෙන්නේ ශුද්ධවු වැලන්ටයින් මුනිතුමන්ව සමරන්නටයි. කාල වකවානුව, රට මොකක්ද කියලා මතක නැති වුණත්, යම් කාලයක එක රටක යුද හමුදාවේ හිටපු තරුණයින්ට විවාහය තහනම් වුණු කාල වකවානුවක මේ වැලන්ටයින් කියන පූජකතුමා එම තරුණයන් හා ඔවුන්ව විවාහ කර ගන්නට අදහස් කරගෙන සිටි තරුණියන්ව රහසේම විවාහ කළා. නීති රීති පැත්තකට දාලා එම තරුණ තරුණියන්ගේ ආදරේ ලස්සන කරන්නට මේ පූජක තුමා ගත්ත පියවර හින්දා අද එතුමන්ව සාන්තුවරයෙක් විදිහට සමරණවා.....
ඒ කතාව එච්චරයි...
ඒත් අද මේ සාන්තුවරයාව සමරණවා වෙනුවට සමරන්නේ වැලන්ටයින් ඩේ එක... වෙළෙන්දන්ට නම් හොඳට බිස්නස්... එහෙමයි කියලා මමත් මගේ වයිෆ්ට මුකුත් නුදුන්නොත් හරි නැහැනේ....
ඒ හින්දා අද එයාට මං ගානේ.... මේ කාඩ් එකයි..... එයා ගොඩාක් ආසයි කියලා කියපු අල්ලපු වත්තේ තියෙන හබරල පැලෙයි.. නිකං නෙමෙයි... පෝච්චියක හිටවලා.... හික් හික්...

මගේ සුදූටත් හැපි වැලන්ටයින් ඩේ එකක් වේවා...!

5 comments:

  1. ඔව් .. ඔව්... තව අවුරුදු 2 ක් 3 ක් විතර වෙනකල්..

    ReplyDelete
  2. කෝ අයියා මොකුත් ලියලා නැහැනේ හුඟ කාලෙකින්

    ReplyDelete
  3. දැන්නම් පරක්කුයි.

    ඇයි උඹ දකින්නවත් නැත්තේ?

    ReplyDelete
  4. හලෝ ජීව් මල්ලී මොකද දැන් දකින්නවත් නැත්තේ....?

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails