ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Saturday, June 4, 2011

නාඬං පුතේ නාඬං තව ටික දවසයි......

මුලින් හිතුවෙ දින හතකින් ගොඩයි කියා
දැන් නං තවත් ටික දවසක් ඇදෙන නියා
මොනව කරන්නද පූරුවෙ කරුමෙ කියා
තනියම කාමරේ ඇතුලෙම ගෙවමි මෙමා



16 comments:

  1. අම්මෝ ගොඩ කාලෙකට පස්සේ ඇයෙම ජීව් අයියගේ කතාවක් කියවන්න ලබෙන්නේ.මට හිතෙන්නේ මාස දෙකකට වඩා වැඩියි අයියා නොලිය ඉදලා. ලස්සන කවියක් අයියේ.තනිකමත් දුකක්.

    බටගම සීරිස් එහෙම ලියන්න අදහසක් නැද්ද අයියා.

    ReplyDelete
  2. මොකක් ගැනද මේ කියන්නේ කියල නම් හිතාගන්න අමාරුයි වගේ. ගෙස්ට් කරල කියන්න ඕන නෑනේ. ඒත් ලොකු බලාපොරොත්තුවක් ළඟම ඉටු වෙන්න වගේ...

    ReplyDelete
  3. හෑ......නැගිටින්න...

    ReplyDelete
  4. ගොඩ කාලෙකින් පොස්ට් එකක්... කොහොමද අයියේ...

    ReplyDelete
  5. මාස ගානකට පස්සෙ . . . . .

    ReplyDelete
  6. දෙයියෝ කෝප වෙලා.... නාන දවස වෙනකල් බලන් ඉන්නවා... මෙහෙ හැටියට දොස්තරනේ දවස කියන්නේ.....

    ReplyDelete
  7. ඉක්මන් සුව පතන්නම් !!!!!! තෙරුවන් සරණයි! !!

    ReplyDelete
  8. අසනීපෙන්ද මචෝ නැතිනම් නිවාඩු ව පෝස්ට්පෝන් කරන්න උනාද??

    ReplyDelete
  9. මෙහෙම හරි අකුරක් දෙකක් ගහල යන එක වත් වටිනවා. ඉක්මනට කතාවක් දාන්ඩෝ..

    ReplyDelete
  10. @ මධුරංග
    බටගම කතාවක් ලියලා තියෙන්නේ.. ඒක එඩිට් කරන්ඩ වෙලා තියෙනවා.. ලඟදි දාන්නම්..

    @ ප්‍රියන්ත,
    මේ දවස්වල ලොකු බලාපොරොත්තු නැහැ... ඒවා එන්නේ ඔක්තෝබර් වල..

    @ රත්ගමයා,
    නැඟිටලා තමයි බං ඉන්නේ...

    @හසී,
    රාජකාරියේ පොඩි මාරු වීමක් වුණා. බ්ලොග් ටික හොරෙන් කියවන්ඩ විතරයි වෙලාව ලැබෙන්නේ...

    @ඕනයා,
    මොනව කරන්ඩද... රට රාජකාරි කියන්නේ අතපය බැඳලා වගේනේ..

    ReplyDelete
  11. @ හරී,
    බොහොමත්ම ස්තූතියි...

    @ දුකා,
    අසනීප මචෝ.... දෙයියන්ගේ ලෙඩ හැදිලා.. අදවත් නාන්ඩ ඕනා. සුමානයකට මෙඩිකල් හම්බවුණා. තව දවස් තුන හතරකට හදා ගන්ඩ ඕනා...

    @ පිණිබිඳු,
    දානවෝ දානවෝ... ඉක්මනින්ම....

    ReplyDelete
  12. අප්පා සොරි ඩොට් කොම් නේද . . මට මෙහේදි තනියෙම ඉන්න කාලේ පැපොල් හැදුනා. හැබැයි මගේ යාලු පිරිවර අහල පහල නිසා කිසිම අවුලක් වුනේ නෑ . . දවල් කෑම එක එක්කෙනාගේ නෝනලා බෙදාගෙන දොර ගාවටම ගෙනත් දීලා ගියා හවස කෑම එකයි කතා කරන්නයි උන් ඔක්කෝම පෝලිමේ ආවා. දවල් වරුවේ මම පොත් බලබල ෆිල්ම් බල බල ෆුල් ආතල් එකේ හිටියා . .

    ReplyDelete
  13. දැන් සනීප වෙලා නාලා ඇති නේද?

    ReplyDelete
  14. ලස්සන කවිය..
    දැන් සනීප ඇති නේද අයියා..? ගොඩ කාලෙකින්.

    ReplyDelete
  15. @ නලිනි, ප්‍රාර්ථනා,
    දැන්නම් හොඳින් ඉන්නවා..... ස්තූතියි හැමෝටම... පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මූණේ තියෙන පැල්ලම් ටික... මට ඉතින් ‍අනං මනං ගාගන්ටත් වෙලාවක් වගේම ඕනකමත් නැහැනේ..... හික් හික්...

    ReplyDelete
  16. ලියන එක නතර කරල වගේ...කියවන එක නම් දිගටම කරනව වගේ... තවමත් රටපිට ද?

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails