ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Sunday, February 6, 2011

......කව්ද ලොකුම බොරුව කිව්වෙ......?





අමිල කියන්නේ අලුත් අලුත් විදියට හිතන විද්‍යාඥෙයක්.....
ඉතින් දවසක් අමිලට හිතුනා අලුත් රොබෝවෙක් හදන්න......
අමිලත් ඉතින් බොහොම මහන්සි වෙලා මේ රොබෝව හැදුවා...
මේ රොබෝගේ විශේෂත්වය තමයි බොරු කියන මිනිස්සු අල්ල ගන්න පුලුවන් වෙන එක....
මේ රොබෝව ඉස්සරහ කවුරු හරි මොකක් හරි කිව්වොත් ඒක බොරුවක් නම් රොබෝවට අහු වෙනවා , ඒ විතරක් නම් නෙවෙයි හොඳවයින් කනේ පාරකුත් වදිනවා බොරුව කිව්ව කෙනාට .....
හැමෝටම එක වගේ නෙවෙයි. පොඩි බොරුවක් කිව්වොත් ලාවට කනේ පාරකුයි ලොකු බොරුවක් කිව්වොත් හෙණ ගහන්න වගේ කනේ පාරකුයි රොබෝගෙන් හම්බ වෙනවා .....

ඉතිං බොහොම අමාරුවෙන් මේ රොබෝගේ වැඩ ටික අමිල ඉවර කරා.....
දැන් අමිලට හරි සංතෝෂයි. ඉතිං මේ රොබෝ උස්සං ඇවිල්ලා සාලේ මැද්දේ තියලා පරීක්ෂා කර කර හිටියා ...
එතෙකොටම වගේ අමිලගේ පුතා නිවාඩු දවසේ පන්ති යන බෑග් එකත් කරේ දාං මෙන්න ගෙදර එනවා ......
අමිල පුටුවට හේත්තු වෙලා ඇහුවා "ආ පුතා පන්ති ගිහින් වගේ නේද...?"
එතකොට පුතා කිව්වා "ඔව් තාත්තේ "
මෙන්න එක පාරටම අර රොබෝගේ අත දිග ඇරිලා ලාවට කනේ පාරක් පුතාගේ කම්බුලට වැදුනා....
"ආ..... උඔ... මට බොරු කියන්න නේද .... අදින් පස්සේ උඔ මෙහෙම බොරු කියලා ඉවරයි පුතෝ......
ආ දැන් ඉතිං මට ඇත්ත කියපං...  අද නිවාඩු දවසේ කොහෙද ගියේ පන්ති යන්නේ නැතුව....?"
"අනේ තාත්තේ අද මම පන්ති තමයි ගියේ .... ඒත් පන්ති තිබ්බෙ නෑ... ඒ නිසා පොඩි ෆිල්ම් එකක් බලන්න ගියා....."
"මොකක්ද ෆිල්ම් එක.....? "අමිල ඇහුවා.....
ඒකේ..... ඒකේ.... නම තමයි..... "අංගුලිමාල...."
අනේ ඉතිං රොබෝගේ අත ආයිත් දිග ඇරිලා ටිකක් සැරට කනේ පාරක් පුතාට වැදුනා......
'අනේ කොල්ලො ආයේ බොරු කියලා ඉවරයි මට......
උඔ දැන්වත් ඇත්ත කියපං...... ආයේ බොරු කිව්වොත් කනේ පාර වදින්නේ මගෙං..... හරිද......."
"අනේ තාත්තේ.... මට ගහන්න එපා ඇත්ත කියන්නම් ..... අපි බැලුවේ "ඇගේ වෛරය" කියන ෆිල්ම් එක....."  පුතා ඉකි ගැහුවා....

අමිලගේ නෝනා සුජානිත් කුස්සියේ ඉඳලා මේ සද්දෙට සාලෙට ආවා.......
සුජානි දිහාවට හැරිලා අමිල මෙහෙම කිව්වා .......
"බලන්න ....දැන් කාලේ හැදෙන එවුන් නම් ගන්නම දෙයක් නෑ අනේ...... අපි නම් ඔය වයසෙදි ඔහොම නරක වැඩ කළේ නෑ....."
වාක්‍ය සම්පූර්ණ කරනවත් එක්කම ...... අර රොබෝගේ අත දිග ඇරිලා අමිලට ටිකක් සැරට කනේ පාරක් වැදුනා....

මේක දැකපු සුජානිට ලොකු හිනාවක් ගියා ......
"අන්න දැක්කද ....... කොහෙද පුතාව හදන්නේ..... පුතාට බැන්නට තාත්තා ඊට හපන්නේ..... ඇයි ඉතිං තාත්තගෙම පුතානේ........"
සුජානිට වාක්‍ය කියලා ඉවර වෙන්නවත් හම්බවුනේ නෑ......රොබෝගේ අත දිග ඇරිලා දැවැන්ත කනේ පාරක් වැදුනා.... සිහිය නැති වෙන ගානටම....

ප්‍රශ්නය : ......කවුද ලොකුම බොරුව කිව්වේ.........?

ප/ලි : මේක මට ගොඩ දවසකට කලින් යාළුවෙක්ගෙන් ඇවිත් තිබුණ ඊ-මේල් එකකින් ගත්තේ... අදහස කාගේද කියන එක නම් දන්නේ නැහැ..... ෆොටෝ එකත් ඒකමයි...... මේල් ටික සුද්ද කරද්දි හම්බවුණු නිසා බ්ලොග් එකේ දැම්මා... අයිතිකාරයා දැක්කොත් කොමෙන්ට් එකකින් දන්වන්න....

7 comments:

  1. සුජානි තමයි ලොකුම බොරුව කියලා තියෙන්නේ. නියම කතාවක් නේ. නියම පවුලක් නේ

    ආහ්... තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ජීව් සහෝදරයා ආයෙත් රටින් බැහැර උනාද?

    ReplyDelete
  2. @ මධුරංග
    මගේ කලින් පෝස්ට් එක බලන්න.....

    ReplyDelete
  3. ෆට්ට කතාව අයියේ :D

    ReplyDelete
  4. @jeew :
    පොඩි අතපසු වීමක්. මම ඒ ලිපියත් කියවලා තියෙනවා.

    ReplyDelete
  5. හික් හික්. කතා කරනකොට ටිකක් පරිස්සම් වෙන්න එපැයි සුජානි..

    ReplyDelete
  6. හොද වෙලාවට මෙහෙම එකෙක් අපේ ගෙදර නැත්තෙ. හිටියනම් ගුටිකාල මැරෙන්නෙ

    ReplyDelete
  7. @ නලිනි,
    මොකට කියනවද.

    @ උපේන්ද්‍ර,
    මාත් මේ කල්පනා කරන්නේ ඔය ටිකමයි. හික් හික්...

    ReplyDelete

ඇවිත්.. කියවල... හොඳ හෝ නරක..
එහෙමත් නැත්නම් ඔබලාගේ අදහස්....
සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිනවා..
එය මා දිරි ගන්වන්නටත්... අඩු පාඩු නිවැරදි කර ගන්නටත්
ඉවහල් වේ යැයි විශ්වාස කරනවා....

යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails