ඔන්න තවත් වැලන්ටයින් ඩේ එකක් ඇවිල්ලා....
ඇත්තටම මේ දවස තියෙන්නේ ශුද්ධවු වැලන්ටයින් මුනිතුමන්ව සමරන්නටයි. කාල වකවානුව, රට මොකක්ද කියලා මතක නැති වුණත්, යම් කාලයක එක රටක යුද හමුදාවේ හිටපු තරුණයින්ට විවාහය තහනම් වුණු කාල වකවානුවක මේ වැලන්ටයින් කියන පූජකතුමා එම තරුණයන් හා ඔවුන්ව විවාහ කර ගන්නට අදහස් කරගෙන සිටි තරුණියන්ව රහසේම විවාහ කළා. නීති රීති පැත්තකට දාලා එම තරුණ තරුණියන්ගේ ආදරේ ලස්සන කරන්නට මේ පූජක තුමා ගත්ත පියවර හින්දා අද එතුමන්ව සාන්තුවරයෙක් විදිහට සමරණවා.....
ඒ කතාව එච්චරයි...
ඒත් අද මේ සාන්තුවරයාව සමරණවා වෙනුවට සමරන්නේ වැලන්ටයින් ඩේ එක... වෙළෙන්දන්ට නම් හොඳට බිස්නස්... එහෙමයි කියලා මමත් මගේ වයිෆ්ට මුකුත් නුදුන්නොත් හරි නැහැනේ....
ඒ හින්දා අද එයාට මං ගානේ.... මේ කාඩ් එකයි..... එයා ගොඩාක් ආසයි කියලා කියපු අල්ලපු වත්තේ තියෙන හබරල පැලෙයි.. නිකං නෙමෙයි... පෝච්චියක හිටවලා.... හික් හික්...
මගේ සුදූටත් හැපි වැලන්ටයින් ඩේ එකක් වේවා...!
ජීව් අයියා ලංකාවෙද ?
ReplyDeleteඔව් .. ඔව්... තව අවුරුදු 2 ක් 3 ක් විතර වෙනකල්..
ReplyDeleteකෝ අයියා මොකුත් ලියලා නැහැනේ හුඟ කාලෙකින්
ReplyDeleteදැන්නම් පරක්කුයි.
ReplyDeleteඇයි උඹ දකින්නවත් නැත්තේ?
හලෝ ජීව් මල්ලී මොකද දැන් දකින්නවත් නැත්තේ....?
ReplyDelete