වඩින්න සුර කුමාරියේ සිහිනයක් ලෙසින්
කතා කළත් දහසක් දේ හදටම කොඳුරා
සිනා සුනත් දෙනුවන් තුළ මුළු ලොව රඳවා
ලබා ගන්න නැහැ මට ඉඩ මගෙ සිත හඬවා
ආදරියේ ඔබෙ හද වෙන අයෙකුට පුදලා
ජීවිතයම ඔබ ලඟ යැයි බොළඳව සිතමින්
සැනසෙන්නම් ඔබෙ වත නිති සිහියට නඟමින්
හැබැහින් ඔබ කවදාවත් හිමි නොම වේ නම්
පාළු රැයක සිහිනයකින් මගෙ සිත සනසන්
ප.ළි. / බලන අය වරදවා වටහා ගන්ඩ එපා. මේක දැන් කතාවක් නෙමෙයි. කටාර් ජීවිතයේදී හමුවුණු කෙනෙකුට මීට අවුරුදු කිහිපයකට කලින් ලියපු සින්දුවක් වගේ එකක්. තාම කවුරුත් තනුවක් දාලා ගායනා කරල නම් නැහැ. කාන්තාරෙට ටික කාලෙකට සමු දෙන්ඩ කියලා තියෙන සකල සබ්බමනාව පැක් කරන වෙලේ කොල ගොඩක් අස්සේ තිබිලා හම්බවුණේ. ආයෙ ඉතින් මෙහෙම දෙයක් කාට කියලා ලියන්ඩද... ඒ හින්දා ඔහේ දාලා දැම්මා. මේ එක්කම තව කවියකුත් තියෙනවා. ඒක පස්සේ.......
මම් එකපරටම හිතුවේ මොකෝ මෙහෙම කවි සෙට් එකක් ලිව්වේ කියලා. හොද වෙලාවට පලිය දාලා කන්ට්‍රෝල් කරලා තිබ්බේ.
ReplyDeleteඅම්මෝ ජීව් අයියගෙන් පෝස්ට් එකක් කියවන්නේ ගොඩ කාලෙකට පස්සේ. මේ දවස් ටිකේ ෆ්‍රී වෙන්ටෑ.
දවස් 6 කට ෆ්‍රී.. මලේ.... හික් හික්... ඊට පස්සේ බිසී...
ReplyDeleteඋබ ලංකාවට ගියාද බන් අයියේ ???
ReplyDeleteතවම නැහැ බන්.. සෙනසුරාදා රෑ යන්ඩ තියෙන්නේ... ඊට පස්සේ ඉතිං බිසී නේ...
ReplyDeleteකවද වෙනකම් එහේ ඉන්නවද මල්ලී?
ReplyDelete@ දුකා අයියා,
ReplyDeleteඅවුරුද්දක් දෙකක් විතර.....
Jeew, වැඩිය ලියන්නෙ නෑ වගෙ දැන්. මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සර (මම ලියනවා බ්ලොග් දෙකක්) මම කියවපු බ්ලොග් වලින් එකක් තමයි මේක. මේ බ්ලොග් එකේ මම දැකපු විශේෂය තමයි බිරිඳට දක්වන් අසීමිත සෙනෙහස. මේ දැනුත් මතක් වෙලා හොයාගෙන ආවෙ.
ReplyDeleteසුභ ගමන්! සුභ අනාගතයක්! සයිබර් අවකාශයේදී නැවත හමුවෙමු.
henryblogwalker the Dude
Dude...
ReplyDeleteබොහොම ස්තූතියි... ඉක්මනින් ම හමුවෙමු....