මෙන්න මේ කවිය - මුලින් කියවන්න
එවිට හැකි වේය - රසය විඳ ගන්න
----------------------------------------------------------------------------------------
මෙන්න මම මෙතැන
නුඹේ වත ලඟම
පොපියනා දෙතොල
මුදුව සිප ගන්න
තරු යුගල ලෙසට
දිලෙන ඔබෙ නෙතට
එබී මා ගතම
එතුළ රඳවමින
ඔබේ හද දවන
ගිනි නිවා ලමින
තුරුළු වී ළයට
රැඳෙමි මම නිතින
සුසුම් රැල් නැඟෙන
වතේ තවරමින
සිඹිමි මුළු ගතම
හිරි වැටෙන ලෙසින
දිවි ගමන තුරා
රැඳෙමි ඔබ කරා
ප්‍රේමයෙන් නුරා
පිදෙන හද පුරා
සුන්දර පිලිතුරක්
ReplyDeleteමචං එවිය හැකි වේය නෙමෙයි එවිට හැකි වේයවෙන්න ඔනි මන් හිතන්නෙ
ශෘංගාර රසය වැඩි කවියක් නේද? මගේ කවියට මෙහෙම පිළිතුරක්.. සැර වැඩි ද මන්ද... හිහ්.....
ReplyDelete@ නිශ්,
ReplyDeleteඔව් මචං.. පොඩි වැරදීමක්... නිදිමත බේරෙන යක්කු ගස් නඟින වෙලාවටනේ බං මේවාගේ වැඩ කරන්ඩ හම්බවෙන්නේ...
ස්තූතියි..
@ wath,
ReplyDeleteමම නම් හිතන්නේ නැහැ සැර වැඩියි කියලා. ජීවිතයේ ඇත්ත තත්ත්වය මේකනේ.... හිමිකාරයා මුණගැහුණු දවසට.....
උබත් කවි කාරයෙක් වෙලානේ... හි හි අර වත් අක්ක කිව්ව රසය ( ඒ වචනෙ ටයිප් කොරන්න බැහ බන් හි හි ) නම් වැඩි උනත් ඒක නොවැ ඇත්ත හි හි
ReplyDeleteජීව් දැක් ගොඩ කලකින් දකින්න නැත්තේ ඇයිදෝ මන්ද?
ReplyDeleteඌප්ස්......අරකිව්වත් වගේ සැර වැඩිද මන්ද....හැබැයි පට්ට පිළිතුරු පද පෙළ....නියමායි අයියේ.....
ReplyDeleteමොකද බොල සද්දයක් නැත්තෙ....
ReplyDeleteඇත්තටම මක් වෙලාද ... කරදරයක් එහෙම නැහැ නේ...
ReplyDelete