ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Monday, January 17, 2011

හිතේ දුක හෙවත් නව වසරේ පළමු කුරුටු ගෑම...


                                      මෙච්චර අත්දැකීම් පිරිච්ච ලෝකේ ලියාගන්ඩ දෙයක් නැති එක ගැන වෙලාවකට මටම ලජ්ජා හිතෙනවා. සමහර දේවල් ලියන්ඩ හිතුනත් ඒවායින් මොන ගින්දරක් පත්තු වෙයිද කියලා හිතෙන කොට නොලියා ඉඳීම හොඳයි කියලත් හිතෙනවා. ඒ වුණත් බ්ලොග් එක පාළුවට යවලත් බැහැනේ.
                                      ලංකාවේ ගත කරපු මාසයක කාලයක් අවසන් කරලා ආයෙම පාළු කාන්තාරෙට එන්න වුණා හදිසියේම. තව ටික කාලයක් බිරිඳ එක්ක ගත කරන්න හිතාගෙන හිටියත් හදිසියේම බොහොමයක් තීරණ වෙනස් කරලා ගෙදරට සමු දෙන්ඩ වුණා. 13 වෙනිදා ආයෙම ආවත් වැඩට යන්ඩ හිත දුන්නේ නැහැ.
                                      ඊයේ වෙනකල් කාමරේට වෙලා කල්පනා කර කර හිටියා. අදත් හිටියොත් ප්‍රශ්නයක් වෙන හින්දා වැඩට ගියා. කොච්චර කල්පනා කෙරුවත් ඉවර වෙන්නේ නැහැ. හිතට දැනෙන පාළුව කියලා ඉවර කරන්ඩ බැහැ. එක අතකට කල්පනා කරලා බලනකොට කොච්චර සල්ල හම්බකෙරුවත් මොකටද හිතේ සන්තෝසයක් නැතුව. ඒත් අනිත් පැත්තෙන් බැළුවම වැඩ කරගන්ඩ පුළුවන් කාලේ මොනව හරි කරලා ඉතුරු කර ගත්තේ නැත්නං බැරි වුණ කාලෙක මොනවා කරන්නද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස්සු වෙච්ච අපි මේ දෙක අතරේ අතරමං වෙලා......
                                      ඇත්තටම බැලුවොත් රට ඉන්න අපි සල්ලි වලට පෙරේත වෙලාද කියලත් වෙලාවකට හිතෙනවා. ගත වුණු මාසෙට 'විවාහ සංවත්සරය' ඇරෙන්ඩ වෙන කිසිම විශේෂ වියදමක් නැතුව ලක්ෂයක් විතර නිකම්ම වියදං වෙලා. මනුස්සයෙක් ලංකාවේ රස්සාවක් කරලා ගන්න පඩියකින් ජීවත් වෙන්ඩ පුළුවන් වෙයිද කියලා හිතට සැකයි.
ඒත් ලංකාවේ රුපියල් 15000 ක් පඩි ගන්න මනුස්සයාත් කොහොමින් හරි ජීවත් වෙනවා.....
                                      මේ පෙළි ටික හරි ලිව්වේ හිතේ තියෙන පාලුව මඟ ඇර ගන්න. හිත එකලාසයක් වුණ ගමන් බ්ලොග් එකේ පාළුව නැති කරන්ඩ ඕන. නැත්නං මේ බ්ලොග් එකටත් වෙන්නේ 'විශ්‍රාමික බ්ලොග් කරුවන්ගේ ශාඛාවේ' ලියාපදිංචි කරන්ඩයි....
Related Posts with Thumbnails