ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, December 14, 2010

නැවතත් ගම රට බලා ........


                      හැමදාම බ්ලොග් සටහනක් ලියනවා කියලා හිතුවට සුපුරුදු විදිහටම වැඩ ගොඩ ගැහිලා තිබුණා. ඒත් මේ සටහන අනිවාර්යයෙන්ම ලියන්ඩ ඕනා.
                      හේතුව මේ වසරට මම කටාර් වල ඉඳන් ලියන අන්තිම සටහන. තව පැය හතකින් ගම රට බලා ඉගිල්ලෙන්ඩ තියෙනවා. නොයනවා කියලා හිටියත් ඉන්ඩ බැහැ. හේතුව නං මගේ බ්ලොග් සහෘදයෝ ටික දන්නවනේ. මාසයකට හමාරකට නිවාඩු. වයිෆ් නං දන්නේ තව දවස් තුනකින් (16) විවාහ සංවත්සර දිනේම එනවා කියලයි.
                      හැබැයි එයා මේ බ්ලොග් සටහන දැකලා තිබුණේ නැත්නම් හවසට මගේ කන් දෙක ඉවරයි.
                      එහෙමනං මගේ හිත මිතුරු බ්ලොග් කරුවෝ ටික 19 වෙනිදා අනිවාර්යයෙන්ම මුණ ගැසෙන අදහසින් මම මේ කෙටි සටහන නවත්තනවා.......

ප.ලි./ වැඩේ වැරදිලා හෙවත් ගුටිකාලා ඉස්පිරිතාලේ හිටියොත් කට්ටියම මාව බලන්ඩ එන්ඩ හො‍ඳේ.......
යුනිකෝඩ් එසැනින් පරිවර්තකය
Related Posts with Thumbnails