ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ... බලාපොරොත්තු එමටයි... ඒත් ඒවායෙන් ඉටු කරගන්ඩ පුළුවන් කොච්චර සුළු ප්‍රමාණයක්ද... ඒත් ජීවිතයේ හරි අරමුණක් තියෙනවා නම් ඒ කරා යාම අනිවාර්යයි...

Tuesday, November 30, 2010

සැඟවුණු යෞවනිය.......


වසා සිටියද නුඹ
අඳුරු සේලකින්
නු‍ඹේ වත මඬල...
සිහින් සුළං පොදක්
සැඩ වූ නිමේෂයේ දී
දුටිමි මම
මලක් මෙන් මොලකැටි වූ
ඒ සියුමැලි දෙකොපුල්
වසා ලූ කඩතුරාව අතරින්.......
ඉතිරී ගිය සිනහ කැන් රැන්ඳූ
මුතු මෙන් දිදුලූ දසන්
දෙතොල් පෙති අතරින්
හදිසියෙන් එබිකම් කළ......
සුරඟනකි නුඹ
ලොවට නොසැඟවී සැඟවුණ
එහෙත් හැකි වෙද නීතියට
සඟවන්න කිසි දින
නුඹේ යෞවනත්වය .......

Sunday, November 21, 2010

නුඹයි සදහට මගේ සොඳුරී


හුදකලාවට පෙම් බඳින සඳ
ඔබ ඇවිත් මගෙ සිත‍ට පෙම් බැඳ
මෙතෙක් විඳි දුක් කඳුළු සිඳ බිද
පහන් කෙරුවා දිවිය ම'නිබඳ

වේදනා දැන් නොවේ මා හට
නුඹ හිඳියි මා ලඟින් තනියට
සෙනෙහෙ වන්නෙමි නුඹට සදහට
හැර නොයනු මා ඉතින් මතුවට

පොපියනා මෘදු දෙතොල් රන්ඳා
මගේ දෙතොලට සුවය කැන්දා
අවදි කළ රස හැඟුම් හින්දා
මා වෙලා හුන් දැහැන් බින්ඳා

තුරුළු වී මා ගතට නිරතුරු
පතන උණුසුම සරාගික යුරු
නිමා නොමවේ සදා පිවිතුරු
නුඹේ ප්‍රේමය ම’දිවි ඇති තුරු

ලයට ළංවී හදට කෙඳිරී
පවසනා පෙම් වදන් ඉතිරී
සුව කරයි සිත තැවුල් ඇවිරී
නුඹයි සදහට මගේ සොඳුරී

Saturday, November 20, 2010

ජෝසප්පු සීයාගේ නාග මාණික්‍යය




අන්තිම පාරට මම දැම්මේ ජෝසප්පු සීයාගේ කතා වලින් පළවෙනි එක‍ හෙවත් 'ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්' කතාවනේ. කවුරු හරි දැක්කේ නැත්නං මෙන්න මෙතනින් ගිහින් බලලා එන්න.
                                      අද ඒකේ අනිත් කතාව වන නාග මාණික්‍යයේ කතාව ලියන්ඩ හදන්නේ. හැබැයි වැඩිය දිග කතාවක්‍ නෙමෙයි.
                                      ජෝසප්පු සීයා ඔය කලින් කතාවේ විදිහට දවසක් දඩයමේ යනකොට තමයි මේකත් වෙලා තියෙන්නේ. මට මතක හැටියට අනුරාධපුරේ කිට්ටුව. තනියෙන් යන මනුස්සයා වුණාට මොකෝ යකෙක්ටවත් බය ඇති පුද්ගලයෙක් නෙමෙයි. මොන සද්දයක් බද්දයක් ආවත් මොකාද කියලා විපරම් කරලා බලනවාමයි. මේ කියන දවසේත් ඔය සිද්ධිය වුණු කිට්ටුවට යද්දි ටිකක් රෑ වෙලා. එදා කලින් වගේ වැස්සක් එහෙම තිබිලා නැහැ. ඒ හින්දා රෑ කාලේ ගත කරන්ඩ ගස් උඩ බඩගාන්ඩ වුවමනාවක් නැහැනේ කියලා හිතලා අහල පහල තිබුණු ගල් තලාවක් උඩ පොඩි නින්දක් දාලා.
                                      පොඩි නින්ද ටික වෙලාවක් යද්දි ගොරවන ගානටම ඇවිල්ලා. මෙහෙම හොඳට ගොරව ගොරවා නිදියද්දි නින්දෙන් වාගේ පේනවළු කැලේ මැද්දේ ෆ්ලෑෂ් ලයිට් එකක් පත්තු කරලා වගේ එළියක් එනවා. මනුස්සයා කලබල වෙලා නැඟිටලා හිමින් සීරුවේ ගියාළු බලන්ඩ. ටිකක් ලඟට යද්දි එකපාරටම විසාල නාග රාජයෙක් පෙනේ කරගෙන පැන්නළු ජෝසප්පු සීයාගේ ඇඟට. මන්තර සාස්තරෙත් ටිකක් දන්න කියන හින්දා යන්තම් නාග රාජයාගෙන් බේරුනළු. පස්සේ ‍මේ නයා හිමින් සීරුවේ ඇදිලා ගිහිල්ලා අර එලිය ආපු පැත්තට. සීයාත් හෙමිහිට පස්සෙන් ගිහිල්ලා
                                       නයා අර එළිය විහිදුවන එක ලඟට ගිහින් එකවරම ඒක ගිල දමලා අර සීයා හිටපු ගල් තලාව යට තියෙන හුඹහකට රිංගගෙන. ෂහ්.. එතකොටළු සීයාට වැඩේ තේරුණේ. අච්චර අර එළියක් ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද කියලා...
කට්ටිය දන්නවැයි මොකක්ද කියලා....
                      "නාග මාණික්‍යය" ක්.... අල්ලක් තරම් විතර විශාල නාග මාණික්‍යක්...
                                      දැන් සීයට ටිකක් හිතට අමාරුයිළු ඒ නාග මාණික්‍යය දැක දැකත් නොලැබිච්ච එකට. ඒත් එක්කම කල්පනා කළාලු මේක ගන්න උපායක්. මොන දේ කරන්නත් ඉවසීම තියෙන්න ඕනනේ. "කමක් නැහැ. කවදා හරි උඹ ආයෙමත් මේ පැත්තට එන්න ඕනනේ. එතකොට මං බලාගන්නන්කෝ" කියලා දැඩි තීරණයක් ගත්තළු 'කවදා හරි මේ නාග මාණික්‍යය අර‍ගෙන මිසක් මෙතනින් එක අඩියක් හොල්ලන්නේ නැහැ' කියලා. ඔහොම තව දවස් දෙක තුනක් යනකොට නාග රාජයා ආයෙමත් එළියට ඇවිත් තමුන්ගේ ආහාර වේල හොයාගන්ඩ.
                                      අපේ නුවණක්කාර ජෝසප්පු සීයා මේ වෙද්දි 'ඔපරේෂන් ස්නේක් ජෙම්' එකට අවශ්‍ය කරන අවි ආයුධ ඔක්කොම ලැහැස්ති කරන් ඉඳලා තියෙන්නේ. නයා පුරුදු විදිහට එළියට ඇවිත් තමන් සතු වුණු මහානාර්ඝ 'නාග මාණික්‍යය' වමාරලා ඒකේ එ‍ළියෙන් කෑම හොයාගෙන තමයි මෙච්චර කල් ජීවත් වෙලා තිබිලා තියෙන්නේ. හැබැයි ඌට මෙදා පොටේ වැරදුනේ ජෝසප්පු සීයාගේ උපක්‍රමය හින්දා යි. මේ නාග රාජයා 'මැණික' වමාරනකල් බලන් හිටපු සීයා වහාම ක්‍රියාත්මක වෙන පරිදි තමන් සතු ලොකුම ආයුධය වෙන එකතු කරන් හිටපු ගොම ගොඩකින් (ඔය කිව්වට අසූචි ගොඩක්ද දන්නෙත් නැහැ) එකපාරටම මේ මැණික වහලා.
                                      එතකොට තමයි නයාටත් තරු පෙනිලා තියෙන්නේ. මැණිකේ එළිය නැති හින්දා නයාට මෙලෝ දෙයක් පේන්නේ නැතිළු. ගොම හින්දා ඉව කරලා හොයාගත්ඩත් බැරිළු. තමන්ගේ මහානාර්ඝ වස්තුව අහිමි වුණයි කියලා දැන ගත්ත නයා ගල් තලාවේ ඔළුව ගහගෙන මැරිලා. පස්සේ සීයා එහෙම පිටින් ම මැණික ලඟ තිබුණු ගෝනියේ ඔතන් ගෙදර ගෙනල්ලා.
                                      දුර්ලභ, වටිනාකම කියලා නිම කරන්ඩ බැරි වස්තුවක් හින්දා කාටවත් විකුණන්ඩ කැමති නැතිව ඒක ගෙදර තියාගත්තළු. එයාගේ ළමයි රෑට පාඩම් කරනකොට මැණික මේසේ උඩින් තියලා ඒකේ එළියෙන් පාඩම් කළා ළු. සීයා මැරිලා ගොඩක් කල් වුණාට තවමත් ලයිට් කපන දවස් වලට ඒකේ එළියෙන් ගෙදර අය වැඩකටයුතු කර ගන්නවා කියලා තමයි ආරංචිය.....

Friday, November 19, 2010

ජෝසප්පු සීයාගේ කොච්චි මිරිස්...


                                        මේ කතාව බටගම කතා සීරිස් එකට අයිති නොවුනට ‍මේකත් අපේ ගමේ කෙනෙක් ගැන තියෙන බොහොම රසවත් කතාවක්. මට ඉතින් බොහොම රස කරලා කතා ලියන්ඩ බැරි හින්ඳා පුළුවන් කට්ටිය කොහොමෙන් හරි හිනාවෙන්ඩ හො‍ඳේ.
                                        අපේ ගමේ දැනට අවුරුදු 20 කට කලින් විතර හිටියා ජෝසප්පු සීයා කියලා කෙනෙක්. එතකොට මම පොඩියි. මනුස්සයා කළේ පොල් ලෙලි ගහපු එක. ඉස්සර එයාගේ තරුණ කාලේ ගොඩක් රට තොට කරක් ගහපු මනුස්සයෙක්. මේ සීයා නිතර අපේ ගෙදර එනවා බුලත් විට කන්ඩ කියලා. ඒ ආපු වෙලාවට තරුණ කාලේ කරපු කියපු දේවල්, ආ ගිය ගමන් කියෝ කියෝ සෑහෙන වෙලාවක් ඉඳලා තමයි යන්නේ. හරිම හිත හොඳ මනුස්සයා. සීයාගේ විහිළු කතා වල නම් අඩුවක් තිබුණේ නැහැ. විහිළු කතා කිව්වට ඔක්කොම පට්ටපල් බොරු. හැම කතාවම මතක නැතත් මගේ හිතේ කතා දෙකක් විතරක් ඇඳිලා තියෙනවා. මෙන්න මේකයි ඒ එක කතාවක්.
                                        ජෝසප්පු සීයා ඉස්සර කාලේ යනවළු කැලේ දඩයමේ. මේ අහල පහල නෙමෙයි. අනුරාධපුරේ පොලොන්නරුවේ හබරණ එහෙම. ඒ කාලේ දඩයමට ලොකුම තහනමක් නැහැනේ. හැබැයි තුවක්කු නං පාවිච්චි කරන්නේ නැහැ. අරගෙන යන්නේ කෙලවර උල් කරපු දිග රිටක් විතරයි. ඕනෑම සතෙක්ට මේ රිටෙන් ඇනලා මරණවළු. මරණ සතාව දාගෙන එන්ඩ ගෝනියකුත් අරන් තමයි යන්නේ. කොළඹ ඉඳලා අනුරාධපුර හබරණ වෙනකල් කොච්චර දුරද..? ඒත් ගමන පයින්... දවසක් මෙහෙම යද්දී පොඩි වැස්සක් පටන් අරගෙන. 'මේ හිම්බිජි වැස්ස මොකක්ද මට බාදා කරන්න' කියලා හිතලා තමුන්ගේ ගමන නතර නොකර ගිහින්
                                         ඔහොම දවසක් විතර යනවළු වැස්ස නතර වෙන්නේ නැහැළු කොහොම හරි ගමනේ කෙලවරට ලං වෙලයි ඉඳලා තියෙන්නේ. ඒත් වැස්ස හින්ඳා දඩයමකට අවස්ථාවක් නැතිළු. මේ වෙද්දි වැස්සත් ටික ටික වැඩි වෙලා ගංවතුර ගලන තත්ත්වෙට ම ඇවිත්. හොඳටම රෑ වෙද්දි කැලේ ගංවතුර දණහිස් මට්ටමට. තවත් වහිනවළු. වතුර වැඩිවෙනවළු. කරන්නඩ දෙයක් නැති හින්දා ‍මේ මනුස්සයා ලග තිබුණු මහා රූස්ස ගහකට යාන්තම් අමාරුවෙන් බඩගෑවළු. ගහ බදන්ඩ බැරි තරම් විසාල ගහක්.
                                        ඒත් ඉතින් ගංවතුර වැඩි වෙන වේගෙට ඒ වගේ ගහකට මිසක් පොඩි ගස් වලට බඩගෑවට වැඩක් වෙන්නේ නැතිළු. ගංවතුරත්අඩි දහයක් විතර උසට නැඟලා. වතුර බහිනකල් මෙහෙම ම රෑ කාලේ ගහ උඩ ගත කරමු කියලා හිතලා හොඳ මහත අත්තක් එහෙම බදාගෙන නිදාගෙන. රෑ එළිවෙනකල් නිදා ගන්ඩ නැහැළු. මොනවද මන්දා මහා සද්දේට ගහේ අතුවල වැදෙන සද්දේට උඩ ගිහින් ඇහැරෙන්නේ.
                                        කොහොමෙන් හරි උදේ පාන්දර එළිය වැටෙද්දි බැලුවළු මොනවද මේ රෑ ජාමේ මහා සද්දෙට වැදුනේ කියලා. බැලින්නම් කකුලක් තරම් මහත ‍'කොච්චි කරල්' හුළඟට පැද්දිලා අතු වල වදින සද්දේ තමයි ඇහිලා තියෙන්නේ. ජෝසප්පු සීයා කලබල වෙලා වට පිට බැලුවළු කොහෙන්ද මෙච්චර ලොකු කොච්චි කරල් මේ ගහ උඩ කියලා.
                                        ඒ වෙ‍ලාවේ තමයි මනුස්සයා පුදුමයෙන් පුදුමයට පත්වෙලා තියෙන්නේ. ගංවතුර වෙලාවේ අමාරුවෙන් අමාරුවෙන් බඩගාලා තියෙන්නේ මහා පත 'කොච්චි ගහකට'......

ප.ලි/ මීලඟට නාග මාණික්‍යයේ කතාව...

Thursday, November 11, 2010

කුණාටුව......

                                      ලියන්ඩ නම් ගොඩක් දේවල් හිතේ තියෙනවාඒත් ඒ දේවල් හරියකට ගලපගන්ඩ තරම් හිත නිරවුල් නැහැවැඩ රාජකාරී අතරේ අමතර සමාජ සේවා වැඩපල්ලියේ වැඩවගේ දෙවල් හින්දා හැම වෙලාවෙම නොසන්සුන්වයි ඉන්ඩ වෙලා තියෙන්නේ.
                                      ඒ අතරේ පහුගිය සුමානේ පල්ලියේ දේශනාවට අහපු කතාවක් මගේ හිතට වැදුනාකතාව නම් කෙටියිඒත් බොහොම ගැඹුරු අදහසක් තියෙන්නේමෙන්න මේකයි කතාව.

                              

                                      එක දවසක් තාත්තා කෙනෙකුයි දුවෙකුයි වාහනයකින් ගමනක් යමින් හිටියා. දුව තමයි වාහනය පැදෙව්වේ. තාත්තා අනෙක් පැත්තෙන් ඉඳගෙන දුවත් එක්ක කතා බහ කරමින් ගමන් කළා. ඔවුන් මෙහෙම යමින් ඉන්නකොට හිටි හැටියේම වැස්සක් ඇද ‍හැලෙන්ඩ පටන් ගත්තා. තරමක් ඈතට පාර පේනවා. ඒත් දුවට වාහනය පදවන්න බයක් වගේ දැණුනා. දුව තාත්තට කතා කරලා ඇහුවා තාත්තේ වැස්ස පායනකල් අපි වාහනය නතර කරමුද?” කියලා. තාත්තා කිව්වා ඕනේ නැහැ. ඉස්සරහටම යංකියලා.
                                      මෙහෙම තව ටිකක් යද්දි මේ වැස්ස මහා කුණාටුවක් බවට හැරුණා. දැන් වාහනය පදවන්න තවත් අමාරුයි. පාර වැඩිය දුරකට පේන්නේ නැහැ. සමහර වාහන නතර කරලා. දුව ආයෙමත් තාත්තාගෙන් ඇහුවා තාත්තේ පාර පේනවා අඩුයි. අපි වාහනය නතර කරමුද..?” කියලා. ඒත් තාත්තාගේ පිළිතුර වුණේ නවත්තන්න එපා. ඉස්සරහටම යන්නකියලයි. දැන් මේ මහා කුණාටුව හොඳටම වැඩියි. වාහනේ තියෙන මායිමෙන් එහාට කිසිම දෙයක් පෙන්නේ නැහැ. අනිත් වාහන ඔක්කොම නතර කරලා. දැන් දුවට වාහනය පදවන එක හොඳටම අමාරුයි.
                                      දුව ආයෙම සැරයක් තාත්තාගෙන් ඇහුවා තාත්තේ මට පාර කොහොමටවත් පෙන්නේ නැහැ. අනේ අපි කුණාටුව අඩු වෙනකල් වාහනය නතර කරලා ඉමුකියලා. ඒත් තාත්තාගේ පිළිතුරේ කිසිම වෙනසක් වුණේ නැහැ. එකම පිළිතුර නවත්තන්න එපා. ඔය විදිහටම පදවන් යමුකියන එකයි. තාත්තාගේ කීමට පිටින් යන්න බැරි හින්දා දුව අමාරුවෙන් වාහනය පදවන් ඉදිරියටම ගියා. මෙහෙම සෑහෙන දුරක් ගියහම ඔවුන්ට පුළුවන් වුණා. කුණාටුව තිබුණු ප්‍රදේශය පහු කරන්ඩ. මෙන්න එතකොට තාත්තා කියනවා දුවේ... දැන් වාහනය නතර කරන්න...” කියලා.
                                      දුව පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. අර වගේ අමාරු කුණාටුව මැද්දේ වාහනය නතර කරන්න එපා කියපු  තාත්තා කුණාටුව පහු වුණාට පස්සේ වාහනය නතර කරන්න කියපු එක ඇයට ඇත්තටම ප්‍රශ්නයක් වුණා. “තාත්තේ..... දැන් කුණාටුව ඉවරයි. මට දැන් වාහනේ පදවන්න අමාරු නැහැ. අපි නතර කරන්න ඕනේ නැහැ. අපි යමු...” කියලා. ඒත් තාත්තා කිව්වා නැහැ දුව .. දැන් වාහනය නතර කරන්න. නතර කරලා එළියට බහින්නකියලා.
                                      දුව තාත්තට කීකරු වුණා. තාත්තත් වාහනයෙන් බැහැලා දුව ලඟට ආවා. ඇවිත් ඔවුන් පහුකරන් ආපු පැත්ත ආපහු පෙන්නුවා. පෙන්නලා ඇහුවා දුවේ ඔයාට මොනවද පේන්නේ...?” කියලා. “තාත්තේ මට පේ‍න්නේ අපි පහුකරපු කුණාටුව විතරයි....” කියලා දුව උත්තර දුන්නා.
                                      ඇත්ත දුවේ. ඔයාට පෙන්නේ ඒ කුණාටුව විතරයි. ඒත් ඒ කුණාටුව මැද්දේ ආපු වාහන එකක්වත් ඔයාට පේනවද..?” තාත්තාගේ ප්‍රශ්නයට දුවගේ පිළිතුර වුණේ නැහැ කියන එකයි.
                                      දුවේ, ඔයා ඒ කුණාටුව මැද්දේ වාහනේ නතර කළා නම් තාමත් ඔයා අනිත් අය වගේම ඒ මැද අතරමං වෙලා. ඒත් ඔයා ඒ කුණාටුවට මුහුණ දීලා ඒක ජයගත්ත හින්දා  තවදුරටත් ඒකෙන් ඔයාව කරදරයක් වෙන්නේ නැහැ.”
                                      තාත්තාගේ පිළිතුර හින්දා දුව ජීවිතයට අළුත් පාඩමක් ඉගෙන ගත්තා.

Wednesday, November 10, 2010

අතේ තරම



                                       අද ඔයගොල්ලො හැමෝටම දෙන්ඩ යන්නේ තවත් පුංචිම පුංචි කතාවක්. මේ දේ තම තමන්ගේ ජීවිත වලට සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා ඔයගොල්ලෝම තීරණය කරන්න.
                                       එක්තරා රටක එක්තරා ප්‍රදේශයක (කතාව ලියන්නේ සිංහලෙන් හින්දා ලංකාවේ වෙන්න ඇති) එක්තරා පෙර පාසල් යන ළමයෙක් හිටියා. අපි මේ ළමයට බිංදුකියලා තාවකාලික නමක් දාමු. බිංදු ගතිගුණ අතින් හරිම හොඳ ළමයෙක්. ටිකක් විතර ලජ්ජාශීලී විදිහට හිටපු ළමයෙක්. හැබැයි ඒ වගේම හොඳ නුවණක් තිබුණු ළමයෙක් (මං වගේම).
                                       දවසක් බිංදු එයාගේ අම්මා එක්ක ගමනක් ගියා. ඒ තමයි අම්මගේ හොඳම යෙහෙලියව මුණගැහෙන්ඩ. මේ දෙන්නා මුණගැහිලා ආගිය තොරතුරු, ඕපදූප එහෙම කතා කර කර හිටියා. අම්මාගේ යෙහෙලියට මේ හුරුබුහුටි අහිංසක බිංදු ගැන ගොඩාක් ආදරේ හිතුණා. මොකද කිසි දැඟලිල්ලක් නැති දරුවනේ. මේ යෙහෙලියට තිබුණා ලොකු රසකැවිලි කඩයක්. ඒකෙ ටොෆි චොකලට් එහෙමත් තිබුණා. ඉතින් මෙයාට හිතුණා බිංදුට මොනව හරි දෙන්න ඕන කියලා. එහෙම හිතලා ටොෆි චොකලට් තියෙන තැනට ගිහිල්ලා කිව්වා පුතේ මේවායෙන් ඔයාට ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසි දෙයක් ගත්තේ නැහැ. යාලුවා හිතුවා මේ දරුවා ලජ්ජාව හින්දා ගන්නේ නැහැ කියලා. ඒ හින්දා ආයෙම කිව්වා. “ලජ්ජා වෙන්ඩ එපා පුතේ. ඔයා ආස දෙයක් අරගන්ඩකියලා.
                                       බිංදු අම්මා දිහා බැළුවාඅම්මත් හිනා වෙලා කිව්වා පුතේ ඇන්ටි ඔයාට ගොඩක් ආදරෙයිනේ. පුතා ඕන දෙයක් ගන්ඩකියලා. ඒත් බිංදු කිසිම හැල හොල්මනක් නැතිව උන්නා. යාළුවාට හිතුණා හරිම හොඳ ළමයෙක් කියලා. එහෙම හිතලා එයාගේ අත් දෙකෙන් ලොකු ටොෆී අහුරකුයි ලොකු චොකලට් එකකුයි අරන් බින්දුට දුන්නා. එතකොට බිංදු හිනාවෙලා ඒක අරගත්තා. හැබැයි ඒවා ඔක්කොම බිංදුට අතට ගන්ඩ බැරි තරම්. ඒක හින්දා ඒ ටික අරගන්ඩ වුණේ බිංදුගේ අම්මට. කොහොමෙන් හරි යාළුවාට සමු දීලා බිංදුයි අම්මයි ආයෙම ගෙදර ආවා.
                                       එන ගමන් නිකමට වගේ අම්මා බිංදුගේ අම්මා බිංදුගෙන් ඇහුවා ඇයි පුතේ ඒ ඇන්ටි ඔච්චර කියලත් ඔයා මුකුත් අරගත්තේ නැත්තේකියලා. බිංදු දුන්නේ බොහොම අහිංසක උත්තරයක්.
                                       අම්මේ.. මං ඒකට අත දාලා මොනව හරි ගත්තනං මට හම්බවෙන්නේ මගේ අතට අල්ලන්න පුළුවන් තරම විතරනේ. එතකොට මට හම්බවෙන්නේ චුට්ටයි. ඒත් ඒ ඇන්ටිම අරන් දෙනකොට ඇන්ටිගේ අත් ගොඩක් ලොකු හින්දා මට ගොඩක් හම්බවුණා

ප.ලි / අපේ කට්ටයත් මේ වගේද දන්නේ නැහැ......

Monday, November 8, 2010

දුරකතනයකින් මම ඔබ අමතමි.....



ට්‍රිං...... ට්‍රිං......
හෙලෝ...”
මගේ වයිෆ් එහෙම ඔය පැත්තේ ඉන්නවද..?”
ඉන්නවා.. ඇයි මොකටද..?”
නෑ... මේ... නිකං.....  ඉන්නවද කියලා බලන්ඩයි ගත්තේ.. මොනවද කරන්නේ....”
ඔයත් එක්ක කතා කරනවා...”
මොකෝ.. වැඩ නැද්ද.?
වැඩ තමයි.. අද ටිකක් බිසී
එහෙනං මං තියන්නං
එපා.. එපා... කතා කරමු…..         බබී...”
මොකෝ.....?”
ඔයා එන්නේ නැද්ද අනේ...?”
එනවා...”
කවද්ද..?”
ලබන අවුරුද්දේ ජූලි වල
අයියෝ.... එහෙනං දෙසැම්බර් වල එනවා කිව්වේ. ජූලි වෙනකල් ඉන්ඩ බැහැ. දෙසැම්බර් වල ඇනවසරි එකනේ...”
එන්ඩ තමයි හිතං හිටියේ. ඒත් දැන් එන එක පොඩ්ඩක් අමාරුයි වගේ..”
ඒ මොකෝ....?”
අතේ සල්ලි නැහැනේ...”
අනේ... ඒ වුණාට කමක් නැහැ... එන්ඩකො‍... නිවාඩු හම්බ වෙනවද..?”
නිවාඩුව නං ඇප්රූ වෙලා ඉවරයි...”
අනේ එහෙනං එන්ඩකෝ....”
එනවනං ටිකට් එකට විතරයි සල්ලි තියෙන්නේ.... ඒ ආවත් සුමාන දෙකෙන් යන්ඩ වෙනවා... ලංකාවේ ඉන්නවා නං සල්ලි තියෙනඩ ඕනනේ....”
අනේ.. ඒ වුණාට කමක් නැහැ... එන්ඩකෝ... සල්ලි මං බලා ගන්නං.....”
ඔයා කොහොමද බලාගන්නේ..?”
මං මොනව හරි කරන්නං.. අනේ බබී.. එනන්කෝ... මං හැමෝටම කිව්වා ඔයා එනවා කියලා... ඔක්කොමලා බලං ඉන්නේ ඔයා එනකල්....”
ඒත් මං ආවත් මට මුකුත් ගෙන්ඩවත් හම්බවෙන්නේ නැහැනේ....”
කමක් නැහැ බබී... ඔයා එන්ඩ...”
මං ගියා අළුත්ම එල්..ඩී  ටීවී එකක් බලන්ඩ. රුපියල් 130,000 ක් වෙනවා.”
මට ටීවී ඕනෙ නැහැ... ඔයා එන්ඩ..”
හොඳ ලැප්ටොප් එකක් තියෙනවා. ලක්ෂෙකට ගත්තහැකි.”
ඒක පස්සේ ගන්ඩ... ඔයා දෙසැම්බර් එන්ඩ...”
බලමු... මං කැනන් කැමරාවක් බැළුවා. ප්‍රොෆෙෂනල් එකක්. ගාන ටිකක් සැරයි. ලක්ෂ දෙකක් වෙද්දි ගන්ඩ පුළුවන්....”
කැමරාව පස්සේ ගන්ඩ පුළුවන්.... ඔයා එන්ඩ...”
බලමු... අතේ සල්ලි තිබුණොත් එහෙම එන්නම්... ඒත් ෂුවර් කරන්ඩ බැහැ.... කොහොමත් ජූලි වල නම් අනිවාර්යයෙන්ම එනවා....”
බලමු නෙමේ අනේ... මගෙ යාළුවෝ ඔක්කොමලා ඔයා එනකල් ඉන්නේ.. __ගේ හස්බන්ඩ් නොවැම්බර් එන්ඩ හිටියේ. ඔයා දෙසැම්බර් එනවා කියපු හින්දා එයත් දෙසැම්බර් වලට දාගෙන... ඔයාව අඳුනාගන්ඩ ඕනා කියලා. ඔක්කොමලා ඔයාවත් එක්කන් ට්‍රිප් එකක් යන්ඩ හිතන් ඉන්නේ. අනේ එන්ඩකෝ... මට ජූලි වෙනකල් බලන් ඉන්ඩ බැහැ...”
බලමු...”
අම්මයි තාත්තයිත් අහනවා ඔයා එනවා කිව්වේ නැද්ද කියලා...”
ඒ මොනවටද..?”
අපි බැඳලා අවුරුද්දක්‍ වෙන්ඩත් ආවා... ඒ ගොල්ලෝ අහනවා ඔයා එන්නේ නැද්ද කියලා.... ”
ඉතිං.. ඒ ‍ගොල්ලෝ විතරද..?”
යාළුවෝ නෑදෑයෝ ඔක්කොම අහනවා ඔයා කෝ කියලා.... හැමෝම ඔයා එනකල් බලන් ඉන්නේ
එයාලා මොකටද මාව අහන්නේ..?”
මං දන්නේ නැහැ... ඔයා එන්ඩකෝ....”
ඇත්තටම ඔය ඔක්කොමලා මාව අහනවද..?”
මන් දන්නෑ... ඔයා එන්ඩ...”
බලමුකෝ.....”
බලමු නෙමේ අනේ... මමත් තනියමනේ.....”
ඉතිං.....”
එහෙම නෙමෙයි අනේ එයාලා කියනවා එයාලා දැන් තවත් වයසට යනවළු......”
ඉතිං....”
මන් දන්නෑ... ඔයා එන්නකෝ... අපි මෙහෙන් ජොබ් එකක් හොයාගමු....”
ඒ පඩියෙන් දැන් කරන හැම දේම කරගත්තහැකිද....?”
මන් දන්නෙ නැහැ.... පුළුවන් වෙයි....”
ෆෝන් එකේ සල්ලි ඉවර වෙන්ඩයි යන්නේ මං තියන්නං....”
හා එහෙනං.... බබීට ගොඩාක්... ගොඩාක්..... ගොඩාක්..... ආදරෙයි..... උම්ම්ම්ම්ම්මා......”
මාත් ගොඩාක් ආදරෙයි... උම්ම්මා....”
අපෝ මදි... දිග එකක්.....”
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා...............”
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමා...............”
ගෝඩ් බ්ලෙස් බබී....”
ගෝඩ් බ්ලෙස්...”


ප/ලි:
JQYKLW
Related Posts with Thumbnails